18ට විරුද්ධ වාසු සටන හයිඩ් පාක් හිදී

Posted on September 16, 2010



මට වාසු සහෝදරයා මුණ ගැසිණි. විප්ලවවාදී ප්‍රතාපවත් රැවුල තවමත් එහෙමම ය. රැල් බුරුල් ඇර අසන්නට ආ ප්‍රශ්නය කෙලින්ම ඇසුවෙමි.

දැන් මේ ඔබතුමන්ලා චන්දය දීලා සම්මත කරගත් ඒත් ඉතා තදින් විරුද්ධත්වය පළ කළ 18 සං‍ශෝධනයට විරුද්ධව අරගලය ආරම්භ කරන්නෙ කවද්ද කොහෙන්ද?

මේකයි සහෝදරයා ඔහොම කලබල වේලා විප්ලව කරන්න බෑ. ඔහොම විප්ලවකාරයින්ට ලෙනින් කිව්වෙ ළදරුවලිප්පු කාරයො කියල. හැම දේටම ක්‍රමයක් වෙලාවක් කලාවක් තියෙනව.

හරි හරි වාසි සහෝදරයා (පොඩ්ඩක් නම නම් වැරදුනා- ඒක ඉතින් හිතලම කරා කියල කාට හරි කියන්න පුලුවන්. ඒත් ඒක වැරදීමක්). ඔබතුමා කියන දෙයක් අහන්න අපි ලෑස්තියි. ඇත්තටම නායකයො කියන දේ අහල අපට හොද ඉතිහාසයක් තියෙනව. එහෙම එකේ ඇයි මේ සැක?

නෑ ඉතින් වලිප්පු කාරයොත් ඉන්නවනෙ. උන් හදන්නෙ අධිරජ්‍යගැති මිලිටරිමය ප්‍රජාතන්ත්‍ර විරෝධී යූඇන්පීයට බලය අරන් දෙන්නනෙ. ඒකයි පොඩ්ඩක් පරිස්සමින් අඩිය තියන්න ඕන. කොටින්ම සහෝදරයා වාස්තවික තත්වයන් ජාත්‍යන්තර බලතුලනයන් ඕවා ඔක්කොම බලන්න ඕන. නැතිව මේ කඩිකුලප්පුව හැදිල වගේ කෑගහල වැඩක් නෑ.

අපිට නම් හිතුනේ කාලයක් දක්ෂිනාංශිකයි කියල වාසි සහෝදරයාම (ෂහ් ආයි වැරදුනා. අද මට මොනව වෙලාද මන්ද?) බැණ අඩගහපු සමසමාජ පක්ෂෙටත් වඩා සහෝදරයා පහළට බැහැල ද කියල.

දැන් මං ටිකකට ඉස්සෙල්ල මොකද්ද කිව්වෙ. වාස්තවික තත්වය. අන්න හරි. ඒක ගැන ඔය සහෝදරයා දන්නවද? අපි ප්‍රතිගාමීත්වය ශක්තිමත් කරන්න නරකයි. 18 ට නරක බවට සැකයක් නෑ. ඒත් 18ට විරුද්ධ බලවේග කියන්නෙ අන්ත ප්‍රතිගාමී බලවේග.

හරි සහෝදරය. සහෝදරවරු කරපුව ඔක්කොම හරි කියල කියමුකො. දැන් අර ආරම්භ කරනව කියපු සටන.

සති දෙකක් ඉවසන්නකො.

ඒ අහවල් දේකට ද?

ඒක තමයි මිනිසුන්ට අමතක වෙන්න යන කාලය. ඊට පස්සෙ අපි ප්‍රතිගාමී යූඇන්පී අධිරාජ්‍යවාදී බලවේගවලට විරුද්ධව සටන ආරම්භ කරනව.

එතකොට 18.

මේකයි. 18 ප්‍රශ්නයක් තමයි. ඒත් ඊට වඩා ප්‍රශ්න ජනතාවට තියෙනව. ඇත්තටම මීට වඩා ප්‍රගතිශීලී ඇමති මණ්ඩලයක් අපි පත් කර ගන්න ඕන. එතකොට ගමන ඉබේම ප්‍රගතිශීලි වෙනවනෙ.

ඇන්ඇම් සහෝදරයා වගේ සාරි‍ පොටේ එල්ලුනෙ නෑනෙ.

පිස්සුද මහින්ද සහෝදරයා සාරි අදිනවද? මේ මොන රෙද්දක් ද?

එහෙනම් සාටකේ වෙන්න ඇති එල්ලෙන්න ඇත්තෙ.

ඔන්න ඔය ගොන්කරත්තෙ විකුණල දාල දියුණවෙන්න බලපං. සහෝදරයා…මං රස්සාවක් ..ඇමති පදවිය ගත්තහම … හදල ..දෙන්නම්…

එතකොට සටන…

ඒක එතකොට මං කැබිනට් මණ්ඩලය ඇතුළට ගෙනියනව…උඹ ගෙනියහං ඒක රස්සාවක් කරන තැනකට…ඉස්සෙල්ලහම කොහොමින් කොහොමින් හරි ඇතුළට පැන ගං…සහෝදරයා එහෙනම් ගිහිල්ල එන්නකො. ඔක්තෝබර් විප්ලවය සමරන්න පොඩි වැඩපිළිවෙලක් අපේ තියෙනව… ඒකේ රැස්වීමට දැන් යන්න තියෙනව…එහෙනම් ආයිබෝං කිව්ව…

Advertisements
Posted in: Uncategorized