ආණ්ඩුවට එරෙහිව ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු උසාවි යති

Posted on September 12, 2010



18 සංශෝධනයේ උණුසුමවත් තවම අවසන් නැත. එහෙත් කැබිනට් මණ්ඩලය විසින් කණිෂ්ඨ පොලිස් නිලධාරීන්ට සහකාර පොලිස් අධිකාරී තනතුරු තුනක් පිරිනැමීම අභියෝගයට ලක් කරමින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 33 ක් උසාවි ගොස් තිබේ.

කැබිනට් මණ්ඩලය පොලිස්පති ආරක්ෂක ලේකම් හා අගමැති මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ. මේ පත්වීම 18 සංශෝධනය ගෙන ඒමට මත්තෙන් සිදු කළ එකක් නිසා එය විභාග කරනු ඇත්තේ කුමන නීතියක් යටතේ දැයි පැහැදිලි නැතත් රටේ සිදුවෙමින් තිබෙන්නේ කුමක් දැයි එයින් අපට සිතා ගත හැකි ය.

සංශෝධනයට පෙර මෙසේ නම් සංශෝධනයෙන් පසු කෙසේ විය හැකි දැයි ද ඒ අනුව අනුමාන කළ හැකි ය.

කෑවා නම් කුම්බලාවො විදවාපන් බළලෝ කියන්න ඇත්තේ මෙහෙම ඒවාට වෙන්නැති.

ඒත් ප්‍රශ්නය විදවන්නට වෙන්නේ කුම්ලාවො කෑ නොකෑ සියලු දෙනාට වීම ය. දැන් ඉතින් කුම්බලා නොකෑ අයට තියෙන්නේ කුම්බලා කාපු අය සොයා උන්ගෙන් උත්තර ඉල්ලා ගන්නට ය.

තව ටික කලක් යන විට එහෙම අය බෙහෙතකටවත් හොයා ගන්නට නම් දියවන්නාවට යාමට සිදුවනු ඇත්තේ ය.

ඒ අපායේ ඉන්ටවල් ඉවරවීමට ලග නිසා ය. ඊළගට එළඹෙන්නේ අසූචි වළේ ඔලුවෙන් හිට ගැනීමේ වාරයයි. අධෝවාතයත් සුවද යැයි කියූ අයට නම් එය ද මහ ලොකු දෙයක් නොවනු ඇතැයි අපට සිතෙන්නේ තවමත් උන්ගේ පූච්චානම් වල ඉවරයක් නැති නිසා ය.

(සමහර විට මේ ප්‍රධාන පරීක්ෂකවරු 33 දෙනාම හෙට අනිද්දා තමන්ගේ අත්සන් බලහාත්කා‍රයෙන් ගෙන මේ නඩුව පැවරූ බවට උසාවියට දිවුරුම් පෙත්සමක් දුන්නොත් පුදුම වෙන්නට එපා ය. මේ එසේ නඩු කෙළවර කර වාර්ථා තබා ඇති ලංකාව ය.)

Posted in: Uncategorized