ගස් බැදලා ඉවර ය. දැන් සැරසෙන්නේ එල්ලන්න ය.

Posted on September 11, 2010



සමහර මාධ්‍ය හැසිරෙන්නේ ඒ අයටත් සරත් ෆොන්සේකාට කළ දෙය කර ගැනීමට ඇති ආසාවෙන් බව ඊයේ සිය පදවියේ නැවතත් වැඩ බාරගත් මර්වින් සිල්වා ඇමතිතුමා කියා තිබුනේ ය.

http://www.dailymirror.lk/index.php/news/6459-merv-warns-media.html#comments

තමන්ව එල්ලා මැරිම යුක්ති සහගත වන ආකාරයට මාධ්‍යකාරයින් නොහැසිරිය යුතු බවට ද ඒ සමගම එතුමා සදහනක් කර තිබුනේ ය.

මෙයින් අපට බැස ගත හැකි එක් නිගමනයක් වන්නේ පුලුවන් නම් සරත් ෆොන්සේකා ද එල්ලා මරන්නට ප්ලෑනක් තිබිය හැකි බව ය.

අනෙත් නිගමනය වන්නේ මේ බල්ලා බුරන්නේ ස්වාමියා උසි උසි කියමින් ගේ ඇතු‍ළේ සිට එලවන නිසා බව ය. පිටට පේන්නට බල්ලාට බැණ අඩ ගැසුව ද බල්ලා බැද තබන්නට නම් ස්වාමීන්ට වුවමනාවක් නැති බව ය. ඒ වෙනුවට ස්වාමියා ද ඌ උසි ගන්වන බව ය.

(ස්වාමිවරුන් සතු තුනෙන් දෙකේ බලය පිළිබදව සැළකීමේ දී මේ බල්ලා ආම්බාන් කරන්නට උගේ ස්වාමිවරුන්ට ද නොහැකි බව විශ්වාස කළ නොහැකි බැවිනි.)

දෙයියන් ඉල්ලන දේ දෙන්නේ ය. මේ අප ඉල්ලා ලබා ගත් දෙයෙහි වරුණයයි. ඉතින් මෙහෙම එවුන් අප වෙත එවීම ගැන අප දෙස් දෙවොල් තබා ගත යුත්තේ ද දෙවියන්ට නොව අපටම ය.

බල්ලා අපව කන කම් උගේ පැටිගිරිය ගැනත් උගේ ගාම්භීර බිණිම ගැනත් එහෙම බල්ලන් ද සිටිය යුතු බවත් ‍එහෙම ඉන්නකොට හොරු පැත්ත පළාතේ නොඑන බවත් තව බොහෝ වර්ණනාත් කියමින් සිටිය හැකි ය.

(එකක් නම් ෂුවර් ය. වාසු සහෝදරයා විසින් අපට ඒත්තු ගන්වා ඇති පරිදි අධිරාජ්‍ය ගැති යූඇන්පීයට වඩා බල්ලා කැටුව යන මේ ආණ්ඩුව හොද ය.)

ඌ අපව කාපු දවසට අපට සමෘද්ධි නිලධාරීන්ගේ පිහිට ය.

එතෙක් අපට උගේ ආතල් ය.

Posted in: Uncategorized