ඉන්දියාව උතුරු නැගෙනහිර අවතැන් වූ ජනයා සදහා ගෙවල් තැනීමට 20000 කම්කරුවන් එවන බව කියයි. ඒ කටයුතු සියල්ල ඉන්දියාවේ ආයතනයන්ට ඕනෑ පරිදි සිදුවන අතර ආණ්ඩුවේ වගකීම ඉඩම් සැපයීම පමණය.
අරමුදල් නොසපයා මේ කරන මැදිහත්වීම ඉන්දියාව නිසා ඉවසනවා මිසක් වෙන රටක් සම්බන්ධයෙන් නම් ආණ්ඩුව ඉවසන්නේ නැත.
සමාවෙන්න. පුංචි නිවැරදි කිරීමක් කළ යුතු ය. ඉන්දියාව හා චීනය සම්බන්ධයෙන් ඉවසනවා විනා යනුවෙන් එය නිවැරදි විය යුතු ය.
මීට සමාන පදනමක් යටතේ විවිධ ආයතනවලින් ලංකාවට ලැබුණු සුනාමි ආධාර ආපසු හරවා යැවීමට අපේ ආණ්ඩු කටයුතු කළ බව අපට මතක ය. ඒ කාලේ දැන් ගිහිල්ලා ය.
දැන් ඉතින් ලැබෙන ඕනෑම දෙයක් විශේෂයෙන් ඉන්දියාවෙන් හා චීනයෙන් එනවා නම් බාර ගැනීමට අපි බැදී සිටිමු.
එක් අතකට ඕනෑ නැති ආඩම්බර පා දෙන දෙයත් නැති කර ගන්නේ නැතිව පිළිගන්නා එක හොද ය.
ආධාර මෙසේ දෙන්නේ බොහෝවිට ඒවා නිසි ආකාරයට වියදම්වේද යන සැකය ඇතිවූ විට ය. නැතිනම් තමන්ට ඊට වඩා අඩුවියදමකින් වැඩියමක් කරන්නට පුලුවන් යයි ආධාර දෙන කණ්ඩායම් විශ්වාස කරන විට ය. ඒ කවර අස්ථානයකින් වුව කියන්නේ අපගේ කාර්යක්ෂමතාවය ගැන අඩුවෙනුත් අපේ දූෂණ හා නාස්තීන් ගැන වැඩියෙනුත් තක්සේරු කර ඇති බව ය. එය එතරම් හොද සහතිකයක් නම් නොවේ.
සහතික ලැබෙන්නේ අපේ හැඩ රුව ගුණ අගුණ නැණ නුවන වැඩ කිරීම හා නොකිරීම යන එකී නොකී දෙයෙහි දිග පළල අනුව ය. ඒ ගැන සහතික දෙන්නන්ට බැණ වැදීමේ තේරුමක් නැත. අප කළ යුත්තේ කණ්ණාඩියකින් අප දෙස නැවත බැලීම ය.
SL
September 2, 2010
http://www.hindustantimes.com/Rao-faces-some-hard-questions-in-Jaffna/Article1-594773.aspx
“Foreign secretary Nirupama Rao, on a three-day visit to the Island nation, categorically denied that there was any move to bring in Indian labour for reconstruction work here.”
What a waste of cyber space!
Thisara
September 2, 2010
“කියනකොට එහෙමය, කරනකොට මෙහෙමය”
(සයිබර් අවකාශය අපතේ යවන වැඩ ගැන කමෙන්ට් කරන්න ඔබතුමාගේ වටිනා කාලය අපතේ නොයවන්න.)
gadfly
September 2, 2010
why shouldn’t he. He is the new ambassador in Colombo for India
beyondframe
September 2, 2010
එක්කො ඉන්දියාවේ ආණ්ඩුවත් අපේ ආණ්ඩුව වගේ. වම් අත කරන්නේ මොකද්ද කියල දකුණු අත දන්නෙ නෑ.
(උදාහරණයක් හැටියට මර්වියා වීදි නාට්‍යයක් කරනව. ආණ්ඩුව හිතන් ඉන්නේ සැබෑ ජීවිතයේ වැඩක් කියල. එහෙම හිතල අහිංසක මිනිහට දඩුවම් කරනවා. ඒ කියන්නේ මර්වින් කියන වම් අත මොකද්ද කරන්නේ කියල ජනාධිපති කියන දකුණු අත දන්නෙ නැහැ. ඉන්දියාවෙ වැඩත් මෙහෙම වෙන්න පුලුවන්. 20000 ක් කම්කරුවො එවන්න ආණ්ඩුව සූදානම් කරල තියෙනව. ඒත් නිරූපා රාඕ ඒ ගැන හාංකවිසියක් දන්නෙ නෑ)
එහෙම නැත්නම් සන්ඩේ ටයිම්ස් පත්තරයත් ලේක්හවුස් පත්තර වගේ. තමන් මේ මොනව ද ලියන්නෙ කියල හරි වැටහීමක් නැහැ.
අපිත් බලන් ඉන්නව ඇත්ත නැත්ත මොකද්ද කියල. දැනගත්ත වහාම අප්ඩේට් කරන්නම්.
SL
September 7, 2010
Hak hak….
“ඉන්දියාවෙ වැඩත් මෙහෙම වෙන්න පුලුවන්. 20000 ක් කම්කරුවො එවන්න ආණ්ඩුව සූදානම් කරල තියෙනව. ඒත් නිරූපා රාඕ ඒ ගැන හාංකවිසියක් දන්නෙ නෑ” – What an imagination you have? Give up this and start writing a script for a mega tele-drama…
“එහෙම නැත්නම් සන්ඩේ ටයිම්ස් පත්තරයත් ලේක්හවුස් පත්තර වගේ. තමන් මේ මොනව ද ලියන්නෙ කියල හරි වැටහීමක් නැහැ” – ST is more like you; even somebody farted it is a fault of Mahinda Rajapaksha or Sinhala Buddhists.
“අපිත් බලන් ඉන්නව ඇත්ත නැත්ත මොකද්ද කියල. දැනගත්ත වහාම අප්ඩේට් කරන්නම්”
Still looking for arriving Indian laborers? I’m waiting for your update. Hak Hak…
කණ්ඩුළ
September 2, 2010
India is like the UNP, it bet that the LTTE would never succumb so easily. It doesn’t mean that India loved LTTE, not after IPKF and Rajiv, but India would have preferred a live Prabhakaran to keep Colombo busy fighting a never ending war, and hence check Sri Lanka’s ability to develop and become economically independent. I am sure that Indian strategists never imagined that Rajapakse would get so close to the Chinese and that the Chinese would end up having so much clout in Colombo. Now India is licking its wounds, it failed the Tamils and it lost the Sinhalese government as well. Hence now they promise houses instead of parippu. It is a way of trying to appease the Tamils of north and get their support to massive Indian investments in the North East. At least they can be happy that what their government couldn’t do, Indian businessmen would be able to.