විනය කමිටුව මර්වින් නිදොස් කොට නිදහස් කරයි! මේ බව අප පමණක් නොව තව බොහෝ දෙනෙකු ද කීවේ මර්වින් අස් කොට විනය කමිටුව පත් කළ දා ය. ඒ නිසා මෙය අපට නිව්ස් එකක් නොවේ ය.
එහෙත් මේ නිදොස් කරමින් කමිටුව ඉදිරිපත් කරන ලද කාරණය අතිශයින් හාස්‍ය ජනක ය. ඒ ගැන පළමුව සළකා බැලිය යුත්තේ ය. විනය මණ්ඩලය ගස් බැදි පුද්ගලයා දුන් දිවුරුම් ප්‍රකාශයක් සළකා බලා තීන්දුව දී ඇත. ඊට අනුව මේ සිදුකර ඇත්තේ රංගනයකි. ඒ සදහා තමන් සහභාගීවී ඇත්තේ කැමැත්තෙනි.
ඇත්තටම අපි බලා සිටින සියල්ල රංගනයන් බව කවුරුවත් දිවුරුම් ප්‍රකාශ නුදුන්නාට අපි දනිමු. එහෙත් මෙසේ එලිපිට එය රංගනයක් බව නාට්‍යයේ අධ්යක්ෂවරුන්ම කියන විට ගොනාට ඇද ගත් ජනතාවට කුමක් සිතෙනු ඇත් ද?
මර්වින්ගේ ගරු රගපෑම් ගැන ඒ විච්චූරණය ඇති ය.
අප ඉතිරිය ලියන්නේ මේ නිසා උද්ඝෝෂණය කළ සමෘද්ධි නියාමකයන්ට හා මේ සම්බන්ධයෙන් විස්සෝප වූ අයට කුමක් සිදුවේද යන්න ගැන උපන් අනුකම්පාවෙන් පමණකි.
අවශ්‍ය නම් ටික කලක් හෝ ඇමති පදවිය නැතිව ඉන්නට සිදුවීමම මර්වියා ලද දඩුවමකැයි සිතා පුරුදු විදිහට සමෘද්ධි නියාමකයන්ට තමන්ගේ රාජකාරි කරගෙන යා හැකි ය. ඇත්තටම මට හිතෙන්නේ ඔවුන්ට ඉතිරිව ඇත්තේ එය පමණක් බව ය.
රජයේ නිලධාරීන්ට පොදුවේ මේ ගැන රිදීමක් ඇතිව තිබුනේ නම් උන්ට ද දැන් ඉතින් මොනවා කරන්න ද සමහර විට මර්වියා ඔයින් පාඩමක් ඉගෙනගන්නට ඇතැයි සිතා හිත පහදා ගත හැකි ය.
ඇත්තටම මේ ගමන නම් ජනාධිපති තුමා සාධාරණය ඉටු කරනු ඇතැයි සිතූ රාජපාක්ෂිකයින් කොහොම හිත හදා ගනී ද? මුකුත්ම නොකර ඉන්නේ නැතිව ඔහොමවත් කළා මදැයි කියා උන්ට ද හිත හදා ගත හැකි ය.
මර්වියාගේ ඇමති පට්ටම නැතිවුන කල ඒ ගැන ආණ්ඩුව වැනූ වන්දිභට්ටෙලා කොහොම මේක උහුලා ගනි ද? හැම පවක්ම කරගහන උන්ට ඇත්තේ දිව අනිත් පැත්තට නමන්නට පමණි. එය අපේ උදව්පදව් නැතිවම උන් කරගනු ඇත.
එතකොට සියල්ල හරි ය.
ඊලග වීදි නාට්‍ය සදහා මර්වින් වෙස් බදින තුරු අපිදු එකත්පස්ව බලා හිදිමු. වෙන මක්කා කොරන්න ද?
එහෙම ඉන්නා අතරේ රංගනයක් සැබෑ ජිවිතයෙන් වෙන්කර ගන්නේ කෙසේදැයි සොයා බලන එක හොද ය. නැතිනම් වන්නේ සමෘද්ධි නිලධාරීන්ට වූ ඇබැද්දිය ය. ප්‍රදර්ශනය කරන නාට්‍ය ඇත්ත ලෙස කල්පනා කොට ප්‍රේක්ෂකයන් පෙළපාලි යන්නට ඉඩ තිබෙන බැවිනි. එහෙම වුනහම සවුත්තු වන්නේ සිරීයස් ගහගෙන පෙළපාලි ගිය අය ය.
පුංචි සැකයක් බයක් හැටියට ඉතිරිව ඇත්තේ මර්වින්ගේ විදී නාට්‍යයක චරිතයක් සදහා ගරු රගපෑමකට ආරාධනාවක් කොයිවෙලේ හෝ ලැබෙයිද කියා ය. එහෙම එකක් අල්ලපු ගෙදර එකාට මිසක් තමාට නොලැබේවා කියා හතර මහා දේවාලයට ගොස් පඩුරු බැද ඔප්පු කිරිම සදහා සූදානම් සරීරයෙන් සිටිය මනා ය.
Kamal gunarathna
September 1, 2010
As we said previously truth won once again.
Great move Hon. President Sir you have cleared Dr.Silva s mighty act.
Please re install him in minister position , This time as Cabinet minister so he can server Motherland better.
Who cares
September 1, 2010
පව් කමල් තාමත් ඇඳගෙන….!!!
කදිරා
September 1, 2010
සෑර්! මේක අපි ඔස්කාර් උත්සවෙට නිර්දේශ කොලොත් මක්කෙයි?මේවනේ පට්ට රංගන!
සිල්වා අචාරි සෑරුත් කැමති වෙයි….
ul
September 1, 2010
නීතිය ක්‍රියාත්මක කිරීම බල්ලට ගිහින් ද?, බල්ල නීතිය ක්‍රියාත්මක කරන්න ගිහින් ද?
අනේ කවුරු හරි දන්නවනම් මේ අහිංසක රට වැසියන්ට කියා දෙත්වා!!!
dewapriya
September 1, 2010
මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ප්‍රතිපල මෙන්න!
හොඳම නළුවා : ගස් බැදීමට ලක් වූ සමෘද්ධි නිළධාරියා
හොඳම දුෂ්ට නළුවා : සිල්වා ආචාරි
හොඳම සහය නලුවා : ප්‍රදේශීය සභා මන්ත්‍රී
හදුන්වා දෙන : ගස් බැදීමට ලක් වූ සමෘද්ධි නිළධාරියාගේ අසනීප වූ දරුවා.
me parath apitama ariya neda
September 1, 2010
විනය මණ්ඩල කටු කන
සිරිසේන කොලු අසරණ
නලු බට්ටන්ය නුඹ අභියස
සුභපැතුම් පිලිගන්න මැතිසඳ
Issuwe methanin ===>>http://gadflyzone.wordpress.com/2010/08/31
Thisara
September 1, 2010
ආසියාවේ ආශ්චර්යමත් “ලන්කට් සිනමාවේ” අතිවිශිෂ්ඨ රංගනයක්. හැබැයි අත්පොළසන් දීපූ ඕඩියන්ස් එක “කිච” කරපු එකයි දුක.
kathandara
September 1, 2010
ලොක්කත් ඔහෙමා හිටියට හොඳ නළුව. ටෙලියක රඟපෑව අනූගනං වල මුල හරියේ. මූවි එකකත් හිටිය නේද?
Hasitha
September 1, 2010
ඊට පස්සෙ අගමැති වෙලා හිටිය කාලෙත් ටෙලි නාට්‍යයක රඟපෑවා නේද ?
```Outsider```
September 1, 2010
ඔව් ‘නොමියෙන මිනිසුන්’ පිල්ම් එකේ රඟපෑව. ඒ පුරුද්දට තමයි තවම නොමියෙන මිනිසුන් වගේ හැසිරෙන්නෙ.
Charmi
September 1, 2010
ගරු ජගත් කුමාර මන්ත්‍රීතුමා මොකද දන්නෑ කියන්නෙ.
මෝඩයා
September 1, 2010
”සමෘද්ධි නිලධාරියෙකු ගස් බැඳීමේ සිදුවීම ඩෙංගු මර්දනය කිරීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට කරනු ලැබූ රඟපෑමක් පමණක් බවද මහ ලේකම් වරයා කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි”
—-අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා—–
මේක ඩෙන්ගු මර්දනය කරන අලුත්ක්රමයක්, සවුක්ය ඈමති තුමා වෙන්න ඇති නිර්දේශ කරන්න ඇත්තෙ.
Mute lajawak nathi hati
September 1, 2010
Mervinge Record tika
September 1, 2010