මළමිනිය සාක්කි දෙන්නේ නැතිනම් මිනිමැරුම් නඩු දාලා ද හමාරය! මළ කෙළියයි!

Posted on August 10, 2010



මර්වින්ට නඩු දමා යුක්තිය පසිදලන්නට ආණ්ඩුව කැමති ය. එහෙත් කරුමය නම් ගස් බැන්ද එකා ඒ සදහා ඉදිරිපත් නොවීම ය. කෙහෙළිය රඹුක්වැල්ල මේ බව කියා තිබුනේ මාධ්‍ය සාකච්ඡාවකදී ය.

මේ තර්කය අනුව පොලීසියට මිනීමැරුම් සම්බන්ධයෙන් කිසිවෙකුට දඩුවම් කරන්නට බැරි ය. මක්නිසාද යත් මිනිය තමන් අහවලා විසින් මැරුවාය කියා කියන්නට ඉදිරිපත් නොවන බැවිනි. මළ කෙළියයි නේද?

මේ දිවයින ආශ්චර්යමත් දිවයිනයක් යැයි මිනිසුන් කියන්නේ මෙවැනි ලස්සණ තර්ක කිසි විලිලැජ්ජාවක් නැතිව ආණ්ඩුවේ ඇමතිවරු කියන නිසා ය. ඇත්තටම විලිලැජ්ජාවක් නැති වැඩ එකෙක් කළ විට එය වහන්නට තවත් විලිලැජ්ජා නැති බොහෝ දේ කියන්නට සිදුවීම වලක්වන්නට බැරි ය.

මෙහෙම රටක් ජාත්‍යන්තර මැදිහත්වීම්වලින් වළක්වා ගැනීමට ජීඇල් පීරිස්ට නම් බැරිවන්නේ ය.

අධිකරණය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු විධිමත් කරනවා වෙනුවට අධිකරණ ක්‍රියාදාමයන් විවේචනය කිරීමෙන් ජාත්‍යන්තරයට උඩ ගෙඩි දෙන්නට එපා යැයි අපට යහපාලනය ගැන ලස්සන කතා කියූ ජීඇල්ට කියන්න සිදුවන්නේ තමන් මුහුණ දී තිබෙන මේ අභග්ගය ගැන අපෙන් අනුකම්පාව යදිනා ගමන් ය.

මොනවා කරන්නද රටක් බල්ලට ගියහම මහත්තුරුන්ට මහත්හොරුන් වෙනවා ඇරෙන්න වෙන කළ හැකි දෙයක් නැති බව ජීඇල් මහත්තයෝ අපිටත් මෙහෙම හිටියාට වැටහෙනවා ය.

අපොයි ජී ඇල්! අපි කොච්චර ආසාවෙන් ඒ දවස්වල ඔබතුමා කරපු තාර්කික දේශණවලට සවන් දුන්න ද? දැන් ඉතින් මෙහෙව් තර්ක ජීරණය කරගන්නෙ කොහොම ද කියල ඔය ශ්‍රී මුඛ‍යෙන්ම කිව්වොත් හොදයි නේද කියල කියන්න හිතුනත් දැන් ඉතින් ඒවා මොකට ද?

රටේ නීතියට අධිකරණයට බුද්ධියට ඈ මෙකී නොකී හැම දෙයටම මර්වින්ගේ පිහිට යි. කෙහෙළියගේ ආරස්සාවයි. ජී ඇල්ගේ බැල්මයි.

තවත් ටිකක් එහාට ගියහම රජතුමාගේ කරුණාවයි. ගෝඨාභයගේ හයියයි. බැසිල්ගේ මග පෙන්වීමයි.

Posted in: Uncategorized