දෙකක් පනී! රනිල් නැවතත් රැවටෙයි! හූ හූ හූ ඇත් ද උඹට?

Posted on August 9, 2010



හොක්.. හොක් හොක් හික්.. හික් හික් හහ්.. හහ් හහ්

මොකෝ බං හිනැහෙන්නෙ

රනිල් ලොක්කා තව පාරක් රැවටිලා. සාකච්ඡා පටන් ගන්නකොට ගිය පාර ව‍ගේ මේ පාරත් බා ගනියි ද කියල ඇහැව්වනෙ අලි ටික. උන්ට විලි ලැජ්ජාවක් නෑ. මේ වගේ එකෙක් ගෙන් සහතික ඉල්ලන්න.

ඇත්තටම මොකෑ වුනෙ.

ඔය දුන්නෙ සහතිකේ, අනේ මේ වගේ අමන හැත්තක් කියල හිතින් හිතන ගමන්.

ඉතින්?

ඉතින් ඔය ගන්නෑ කියල දුන්න සහතිකේ අලි රැල ගිහිල්ලා රාමු කරල සි‍රි කොතේ ගහගත්ත විතරයි දෙන්නෙක් පන්න ගත්ත. රනිල් බූරුවා! ගොනා!

එතකොට බොරු සහතිකේ දුන්න එකා?

ඌ දක්ෂයා. කාලෙකින් පහළ වෙච්චි යුග පුරුෂයා!

හැබෑට?

පර සුද්දගෙ චාරිත්‍රවාරිත්‍ර පුරුදු එවුන්ට ටිකක් අප්සෙට් ඇති. ඒත් පොළොවෙ පය ගහල ඉන්න අපට තේරෙනවා අපේ නායකයාගේ තියෙන දක්ෂ පළපුරුදු රාජ්‍ය තාන්ත්‍රික භාවය. ඕක සුද්දට තේරෙන්නෙ නැති එක නේ හෙනේ.

ඇත්තටම රටට කියාපු නායකයෙක් ලැබිල තියෙනව. රටට අපූරුවටම ගැලපෙනව.

අන්න උඹටත් දැන් දැන් තේරෙන්න පටන් අරන්. එකතු වෙයන්. අපට එකතුවෙන්න ඉන්න පෝලිම දවසින් දවස දික්වෙනව.

මේක ලංකා‍ව. සමහර ගොන් හැත්ත හිතන් ඉ‍න්නේ මේක එරෝප්පෙ කියල. උන්ට දිගටම වැරදෙනව. පුලුවන් වුනොත් රනිල් ඇරෙන්න ඉතිරි ටිකත් ගන්නවා. තුනෙන් දෙකක් ඇත්තටම අපේ ලොක්කට සිම්පල්. දැන් මර්වියාගෙ කස්තිරම අස්සෙම දෙන්නයි. ඊළග එකේදී ඉතිරි ටිකත් ගොඩ. වැනි වැනි ඉන්න එපා. පැනහං.

Posted in: Uncategorized