විද්‍යාව එලිය කරන තැන්වල නොරැද බොහෝ ආගම් පසුබසින බව අපි අත් දැක ඇත්තෙමු. ලෝකය ගෝලාකාරයයි සොයා ගත් විටද හිරු ලෝකය වටා නොව ලෝකය හිරු වටා කැරකෙන්නේ යැයි කිවු විට ද ක්‍රිස්තියානි ආගම ඊට දැක්වූ ප්‍රතික්‍රියාව මෙයට දිය හැකි හොදම උදාහරණ ය.
ඒ නිසාම ආගම් ලෝකය ගැන වැඩි යමක් නොදන්නා මිනිසුන් අතර කිරුළු පළදිද්දී විද්‍යාව ලෝකය දන්නා මිනිසුන් විසින් ඇසුරු කරනු ලැබේ යයි බොහෝ දෙනා කියති.
ආගම් තවමත් ප්‍රචලිත තුන්වෙනි ලෝකයේ ය. දියුණු රටවල ඒවාට ඇත්තේ සුලුතර අනුගාමික පිරිසකි.
එයින් අදහස් වන්නේ දියුණු රටවල ආගම අදහන්නන් නැති බව නොවේ. අඩු බව ය. ඒවාට ඇලීමක් තුන්වෙනි ලෝකයේ රටවල මෙන් ඒ රටවල නැති බව ය. ඒවා තිබුනත් පවතින්නේ ජීවිතයෙන් තරමක් ඈත්ව වියුක්තව බව ය. ආගම් වෙනුවෙන් ගහ මරා ගැනීමක් අප රටවල මෙන් දක්නට නොලැබෙන බව ය.
එහෙත් විද්‍යාවට තවමත් එලිය කරන්නට බැරි වූ තැන් තිබෙන බැවින් ද කිසිදා ලොව මුලුමනින්ම එලිය කරන්නට එය පොහොසත් නොවනු ඇති බැවින් ද එක් හෝ තවත් ආගමකට පැවැත්මක් දැනටත් ඉදිරියේදීත් තිබිය හැකි ය.
උදාහරණයක් ලෙස අපේ ජීවිතයේ අරමුණ කුමක් ද මම කියන්නේ කවුද ඊයේත් හිටියේ ඔහුම ද ඇයම ද මරණින් මතු කුමක් වේ ද ජීවයේ උපත කෙසේ ඇතිවුනි ද මෙතරම් චමත්කාර සංකීර්ණ ලෝකයක් ඇති වූයේ කෙසේ ද මෙතරම් අරුම පුදුම මිනිසෙක් ඇති කළේ කවුරුන් ද අප ජීවිතයෙන් පැතිය යුතුවන්නේ කුමක් ද?
මෙවැනි ප්‍රශ්නවලට උත්තර ඇත්තේ දර්ශනවාදයේ ය. නැත්නම් ආගම්වල ය. මේ ප්රශ්නවල ස්වභාවය නිසාම මේවා විද්‍යානුකූලව පරීක්ෂා කළ නොහැකි ය. ඒ නිසාම ඒවා විද්‍යාවට ගෝචර වන්නේ ද නැත. මේ ප්‍රශ්න කිසිවකට ඒ නිසාම හරි උත්තර නැත. විවිධ ආගම් මේවාට තමන්ගේ ශාස්තෘන් දුන් උත්තර මිනිසුන්ට කියති.
මිනිස්සුද ඒවා අන්ධ ලෙස පිළි ගනිති. ඒ බොහෝවිට තමන්ගේ දෙමාපියන්ද එසේම ඒවා පිළිගෙන ඇති නිසා ය.
උත්තර නැති ප්‍රශ්නත් එක්ක ජීවත්වෙමින් ඒවාට උත්තර හොයනවාට වඩා ඒවාට උත්තර මේවා යයි හිතා ගෙන ඒ උත්තර අදහාගෙන ජීවත්වීම පහසු ය. ඒවා පරීක්ෂාවට ලක් කිරීමට නොහැකි නිසාම ඒවා බදා ගෙන ඒවා ප්‍රශ්න කිරීමකින් තොරව පිළිගෙන වන්දනා මාන කිරීම තුළ ජීවිතය සරල එකක් කර ගත හැකි ය.
එසේ එක ලෙස හිතන මිනිසුන් ගණනින් වැඩිවූවිට ඒ ඇදහීම ගැන වඩාත් වැඩි විශ්වාසයක් ඒ නිසාම ජීවිතයට පහසුවක් ලැබෙයි.
උත්පත්තියෙන් ලැබුන නිසා දිවි ඇති තෙක් රැක ගැනීම තුළ තම දෙමාපියන් වෙනුවෙන් -තමන් ලෝකයට එක් කළ අය වෙනුවෙන්- කිසියම් යුතුකමක් ඉටු කළේ ය යන අදහස නිසා ද කෙනෙකු සතුටට පත්වෙයි.
කවරෙකු හෝ තමන් අදහන දෙයක් පිළිබද සැකයක් මතු කළේ නම් ඒ සැකය ගැන බලනවා වෙනුවට ඒ සැකය ඇති කළ තැනැත්තා දෙස ඔරොප්පුවෙන් බැලීම මේ තත්වය යටතේ අතිශයින් ස්වාභාවික දෙයක් වෙයි.
ආගමට ඇති මේ ඇල්ම තමන්ගේ ජාතියට ද තමන්ගේ දේශපාලන කදවුරට ද දික්වන නිසාම මේ තුන බොහෝවිට එකට වෙලුනු ස්වභාවයක් ද ගනී. තනි පුද්ගලයෙකුට නැති ශක්තියක් මේ බලවේගයට ලැබෙන නිසාම මේ බලවේගය තමන් වෙනුවට විස්ථාපනය කරගැනීමට මිනිසුන් – විශේෂයෙන් ස්වාධීනව නැගිටිය නොහැකි දුර්වල මිනිසුන්- කැමති ය.
තනි පුද්ගලයෙක් නොව විශාල කණ්ඩායමක කොටස් කරුවෙක් කියනවිට ඕනෑම දුර්වල මිනිසෙකුට අති විශාල ගටක් ලැබේ.
විද්‍යාව ආගමක් මෙන් තමන් කෙරේ බැදීමක් නොඉල්වයි. ඒ වෙනුවට තමන්ගේ සොයා ගැනීම්ම නැවත ප්‍රශ්න කිරීම විද්‍යාවට ඔට්ටු ය. විද්‍යාවේ හයිය ඇත්තේ එසේ වෙනස්වීමට එහි ඇති සූදානම නිසා ය.
අනෙත් අතට ආගමේ හයිය ඇත්තේ වෙනස්වීමට එහි ඇති අකමැත්ත නිසා ය. ආගම ඉල්ලා සිටින්නේ අන්ධව ඇදහීම ය.
විද්‍යාව නැමැති ආලෝකය තමන්ගේ වපසරියට වැටෙනවාට ආගම කැමති නැත්තේ ද එහෙයිනි. මක්නිසාද යත් අදුරේ දුටු දේ එලිය ඉදිරියේ බිද වැටෙන නිසා ය.
මෙවැනි එකිනෙකට ප්රතිපක්ෂ දෙකක් පාසල තුළ කියා දීමෙන් සිදුවන්නේ කුමක් ද? දෙබිඩ්ඩන් පහළ වීම ය.
විද්‍යාව දෙසත් ආගම් දෙසත් විවෘත බැලිය හැකි විශේෂයෙන් ඒවා දෙස තත්වාකාරයෙන් බැලිය හැකි මිනිසුන්ට පමණක් ඒ දෙකේ සීමාවන් දැන ඒවායින් එලිය ලැබිය හැකි ය. අපේ රටට සැබෑ විමුක්තියක් ලැබිය හැක්කේ එවැනි විවෘත භාවයකට ඉඩකඩ සළසා ගත්තොත් පමණ ය.
Taboo Subjects
August 8, 2010
බුදු දහම පාඩමේදී සතුන් මරන්නට එපා කියා උගන්වන පාසලේදීම දරුවෝ, විද්‍යාව පාඩමේදී සමතුලිත ආහාරයක මස් මාළු අඩංගු වීමේ වැදගත්කම ගැන උගනිති. පොඩි පන්තියකදී නම් මේ පාඩම් දෙකම උගන්වන්නේ එකම ගුරුවරියක විය හැකිය.
මෙය කාටවත් ගැටළුවක් නොවේ. මන්ද අපේ අධ්‍යාපන ක්රමයෙහි මේ පාඩම් දෙකම ළමුන්ට අවශ්‍ය කට පාඩම් කොට විභාගයට ලියන්නට මිස පිළිපදින්නට නොවන නිසාය.
– Taboo
awak
August 8, 2010
මේ කාරණේ හින්ද දැන් ලංකාවෙ මිනිස්සු අදහන ආගමකුත් නෑ. දන්න විද්‍යාවකුත් නෑ. අති බහුතරයම ඒ වගේ නිසා කාටවත් ප්‍රශ්ණයකුත් නෑ…
Dharshana
August 8, 2010
විද්‍යාව යනු අහසේ පහළ වන්නක් නොව මිනිසුන් විසින් තම සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කර ගත්තකි. බටහිර විද්‍යාව යනු බටහිර සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කර ගත් දැනුමකි. ආහාරවල ඇතැයි කියන සමතුලිතත පෝෂණයක් ගැන උගන්වන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කර ගත් බටහිර විද්යාවේය. ඒ උගැන්වීම බෞද්ධ සංස්කෘතිය හා ගැටීම පුදුමයක් නොවේ. අපේ රටේ ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් ලබා දෙන්නේ ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කළ බටහිර දැනුමකි.
බටහිර විද්‍යාවේද ‘විශ්වාස’ වෙයි. ඒ විශ්වාස වලට වෙනත් නම් ඇත. උපකල්පන (heuristics), අනුමාන (assumptions), ස්වසිද්ධි (axioms) එබදු නම්ය. ඒවා එසේ යැයි ගෙන (විශ්වාස කොට) ඒ මත පදනම් වී නව දැනුම නිර්මාණය කිරීම බටහිර විද්‍යාවේ කෙරෙයි. බටහිර විද්‍යාවේ ඇති ලොකුම ‘විශ්වාසය’ නම් මනසින් ස්වායත්ත වූ වාස්තවික යථාර්තයක් (objective reality) ඇතැයි ‘විශ්වාස’ කිරීමය. ඒ විශ්වාසයක් නොවේ නම් මනසින් ස්වායත්තව යථාර්තයක් ඇති බව මනසින් තොරව (හෙවත් මනසින් නිර්මාණය කළ සංකල්ප වලින් තොරව) පෙන්වා දිය හැකි විය යුතුය. ඒ කළ හැකි ජගතෙත් මෙලොව නැත.
බටහිර විද්‍යාඥයන් ප්‍රවාද (theory) නිර්මාණය කරන්නේ මේ තියෙනවා යැයි කියන වාස්තවික යථාර්තය පැහැදිලි කිරීමටය. අවසානයේ ‘සියල්ල පිළිබද ප්‍රවාදයක්’ (theory of everything) මගින් මෙකී වාස්තවික යථාර්තය සම්පූර්ණයෙන් පැහැදිලි කළ හැකි යැයි බටහිර විද්‍යාඥයන්ගෙන් බහුතරයක් විශ්වාස කරති.
වාස්තවික යථාර්තය යනු නූනතත්වයට පෙර යුගයේ දෙවියන් වහන්සේන නූතන යුගයේ බටහිර විද්‍යාවෙන් ලබා දී ඇති ආදේශයයි. දෙවියන් වහනසේ මෙන්ම වාස්තවික යථාර්තයද මනසින් ස්වායත්තව පවතියි. වෙනස් නොවෙයි. නිත්‍ය වෙයි. ආත්ම (ස්ථිර වූ පැවැත්මක් ඇති) දෑ වෙයි.
බටහිර ගණිතයේ ඇති ලක්ෂ්‍ය, සරල රේඛාව වැනි සංකල්පද හුදෙක් මනසේ නිර්මාණ වෙයි. වර්ගඵලයක් නැති ලක්ෂ්‍යයක් හෝ රේඛාවක් ලොව නැත.
අනිත් අතට බටහිර විද්‍යාව සහ ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ඇත්තේ නොබිදිය හැකි සම්බන්ධයකි. (මෙහිදී ‘ආගම’ සහ සංස්කෘතිය අතර ඇති වෙනස හදුනා ගැනීම වැදගත් වෙයි). ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති රේඛීය චින්තනය බටහිර විද්‍යාවේද පදනම වෙයි. පරිණාම වාදයේද, දේව මැවුම් වාදයේද, මහා පිපිරුම් වාදයේදී (big bang theory) ද මේ රේඛීය චින්තනය එකසේම ඇත. (ආරම්භයක්, පැවැත්මක් හා අවසානයක් පිළිබද හැගීම). එසේම ක්‍රිස්තියානි සංස්කෘතියේ ඇති ද්විකෝටිකය (binarism), මිනිසා පරිසරය පාලනය කරන්නේය යන අදහස (මෙය ගලා එන්නේ මිනිසා වෙනුවෙන් ලෝකය මවා ඇත කියන අදහසිනි) සහ වියුක්තය (abstraction), ආදී මේ සියලු මූලික ගුණාංග බටහිර විද්‍යාවේද එකසේම දක්නට ඇත. මතුපිටින් යම් යම් විරෝධතා තිබුණත් සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි ආගම සහ බටහිර විද්‍යාව එකම සංස්කෘතියක් හා චින්තනයක් මත පදනම් වෙයි. ඇත්ත වශයෙන්ම ඊනියා පුනරුදයේදී බටහිර විද්‍යාව අභියෝග කළේ කතෝලික චින්තනයට මිස ක්‍රිස්තියානි චින්තනයට නොවේ.
බටහිර හෝ පෙරදිග හෝ සියලු විද්‍යාවන් (දැනුම) මිනිසුන් විසින් නිර්මාණය කරන්නේ මිනිසුන්ට අනාත්මය අනාත්මය ලෙසත් අනිත්‍ය අනිත්‍ය ලෙසත් නොදැකිය හැකි නිසාය. ඒ අනුව බලන කල සියලු විද්‍යාවන් අවිද්‍යාවන් වෙයි.
beyondframe
August 9, 2010
විද්‍යාවේ නිගමන ප්‍රායෝගික ජීවිතයෙදි නැවත නැවතත් පරීක්ෂාවට භාජනය වෙනව. විද්‍යාව පරම සත්‍යයක් ගැන විශ්වාසය තියන්නෙ නැහැ. ඒ නිසාම එය විවෘතයි.
මිනිසා හදට අභ්‍යවකාශ යානයක් යවන කොට විද්‍යාව පරීක්ෂණයට ලක්වෙනව.
විද්‍යාවට බටහිර පෙරදිග කියල කතාවක් නැහැ. විද්‍යාව පරීක්ෂණ නලයක් තුළ ඔප්පු කරල පෙන්නන්න ඕනත් නැහැ.
යමක් විස්තර කරන්නත් පුරෝකථනය කරන්නත් යම් නීතියක් සමත් වෙනව නම් එය තමයි විද්‍යාව කියන්නෙ.
The Prince
August 9, 2010
@ Dharshana
බටහිර විද්‍යාව, ක්‍රිස්තියානි ආගම, කතෝලික චින්තනය, ක්‍රිස්තියානි සංස්කෘතිය, .(big bang theory)… වැනි සංකල්ප ගැන, හසල දැනුමක් ඇත්තෙකු සේ ඔබ කර ඇති පඬිතමානි ප්‍රකාශ ,සිංහලෙන් ම කියනවා නම් , ” පට්ටපල් කෙබරය”. කිහිපයක් උපුටා දක්වන්නම්
//….බටහිර විද්‍යාව යනු බටහිර සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කර ගත් දැනුමකි…//
//……ඒවා එසේ යැයි ගෙන (විශ්වාස කොට) ඒ මත පදනම් වී නව දැනුම නිර්මාණය කිරීම බටහිර විද්‍යාවේ කෙරෙයි…. //
//…..බටහිර ගණිතයේ ඇති ලක්ෂ්‍ය, සරල රේඛාව වැනි සංකල්පද හුදෙක් මනසේ නිර්මාණ වෙයි. වර්ගඵලයක් නැති ලක්ෂ්‍යයක් හෝ රේඛාවක් ලොව නැත….//.
//…..සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි ආගම සහ බටහිර විද්‍යාව එකම සංස්කෘතියක් හා චින්තනයක් මත පදනම් වෙයි….//
//…. ඒ අනුව බලන කල සියලු විද්‍යාවන් අවිද්‍යාවන් වෙයි…..//
මේවා ගැන අදහස් දැක්වීම ත් නිෂ්පලය. ඔබ මේ මතුරන්නේ ඔබේ ගුරාලාගේ කියුම්ය. ඔබේ ගුරා ලගෙන්ම , මේ කෙබර අපට සෑහෙන කාලයක සිට අසන්නට ලැබෙයි. මේ දවස්වල නම් සද්දේ අඩුය.
මේවයේ නිර්මාතෘන් ගැන, මේවා එන්නේ කොහේ සිටද, යන්න ගැන ද අපට දැන් සැහෙන අවබෝධයක් ඇත. මුලදී නම් අපත් සිතුවේ, මේ සංකල්ප ගැන කතා කරන වියතුන්,බටහිර විද්‍යාව, බටහිර ගණිතය,බටහිර සංස්කෘතිය ගැන පුළුල් දැනුමකින් හා අවබෝධයකින් යුතුව,අපේ පෙරදිග ජනතාව අවිද්‍යාවෙන් මෝහයෙන් ගලවා ගෙන, පෙරදිග සාරධර්ම , පරාර්ථකාමී ගුණාංග , සමානාත්මතාව මත පදනම් වූ ඉතා දියුණු සමාජ ක්‍රමයක් කරා ගෙන යාමට වලි කන බවයි. නමුත් ඔවුන් මතුරන මේ පෙරදිග චින්තනයේ අතීත , ගෝත්‍ර සමාජයකට වැඩි දෙයක් නොමැති බව දැන් නම් පැහැදිලිය. ඒ සමගම පසුගිය අවුරුදු 2-3 තුල , ගුරාල ගේ සහ ගෝලයන්ගේ කෙරුම් වලින්ම , මේ බටහිර විරෝධීන් ගේ ගේ අරමුණු සහ අපිව දක්කන්නේ කොහාටද, යන්න ත් පැහැදිලිය.
ප්‍රභාත් ගලගමගේ
August 9, 2010
බටහිර විද්‍යාව, පෙරදිග විද්‍යාව කියා දෙකක් ඔබ කොහෙන් හදා ගත්තාද? විද්‍යාත්මක ක්‍රමය අවංකව භාවිතා කරන්නන් අතින් බිහිවෙන දැණුම බටහිරටත් එකයිල පෙරදිගටත් එකයි, (ලතින් ඇමරිකාවටත් එකයි). විද්‍යාව හා ක්‍රිස්තියානි සංස්කෘතිය අතර නොබිදිය හැකි සම්බන්ධය තමයි මහා මැවුම්කරුවා ප්‍රශ්ණයට ලක්වී මහා මැවුම් කරුට “ඇඩ්ඩ්‍රස්” නැතිවීම.
පද්දා
August 9, 2010
විද්‍යාත්මක ක්‍රමය”හරි” බව ඔබ විස්වාස කරනවනෙ? ඔබ අනුගාමිකයෙක් වෙන්නෙ ඔන්න ඔතනදී. විද්‍යාත්මක ක්‍රමය හැම විටම නිවැරදි ද? විද්‍යාත්මක ක්‍රමය හැර යමක් විග්රහ කල හැකි වෙන ක්‍රම නැත් ද? දැන් මහා මැවුම්කරුවා ගේ තැන ගැන්නේ විද්‍යාත්මක ක්‍රමය. එය තමයි දැනුමේ මහා මැවුම්කරුවා.
තාමත් concept එක සෙක්කුවේ දාල වගේ එකම තැන කැරකෙනව නේ ද?
Binary100110001
August 8, 2010
සමතුලිත ආහාරයක මස් මාළු අඩංගු වීමේ වැදගත්කම ගැන කියද්දී කොහෙද ලමයින්ට සත්තු මරන්න කියන අදහස ඉගැන්වෙන්නෙ. සමතුලිත ආහාරයක මස් මාළු තියෙන්නෙ ඕන කිව්වයි කියලා දඩයමේ පලයල්ලා කියන අදහස එන්නෙ නෑ නෙ. ප්‍රාණඝාත අකුසලය වීමට ඉටුවිය යුතු කරුණු ගැන සොයා බලන්න.
ඔයාලා වගේ විචක්ෂණ ශීලි බුද්ධියක් නැති අම්බරුවන් තමයි ධර්මයට විවිධ වැරදි අර්ථකතන දෙන්නෙ.
Taboo Subjects
August 9, 2010
මා මේ කමෙන්ටුව ලියද්දීම කවුරුන් හෝ මේ ගොන් කතාව කියතියි සිතීමි. මා නිවැරදිය. Binary10011000 ගේ මේ තකතිරු කතාව වර්තමාන ‘බෞද්ධයින්’ කියා ගන්නා මැට්ටන්කොයිතරම් ‘මූලධර්මවාදීන්’ වී ඇත්ද යන්න සඳහා මේ හොඳ නිදර්ශනයකි.
නලින් ද සිල්වාගේ ගිරා පැටියා ගැන නම් අනුකම්පා කරනු හැරුණු විට වෙන කරන්නට දෙයක් නැත.
– Taboo
Binary1001100
August 13, 2010
අහෝ,
බුද්ධිමතුන් නැති තැන ගොබ්බයින් පිනුම්ගසනු ලැබේ යන්නට තවත් වෙන කවර උදාහරණද!
Migara
August 9, 2010
Binary100110001,
ඔබ දෙබිඩ්ඩකුට ඉතා හොඳ උදාහරණයකි.
banda
August 9, 2010
මිගාර, මම හිතන්නේ Binary10011000 දෙබිඩ්ඩකුට ඉතා හොඳ උදාහරණයකි යන්න කියනවට වඩා නිවැරදි Tabboosubject ගේ අර්ථකථනය වන “බෞද්ධ සිංහල හීනයන ‘මූලධර්මවාදීයෙක් යන්න!
ප්‍රභාත් ගලගමගේ
August 10, 2010
මස් කෑම කම් නැත. සතුන්මැරීම පව්ය. මස් කන්නෙ නම් නෑ, හොදි ටිකක් නම්….
ප්‍රභාත් ගලගමගේ
August 8, 2010
ලංකාවේ දැන් තියෙන්නේ දැඩි විද්‍යා විරෝධයක්. සියලු කාරණා සඳහා ආගමික අර්ථයක් සම්පාදනය කරනවා. මෙමයට පෙර කොවුර්ලා එක් පැත්තකිනුත්, ලංකා සම සමාජ පක්ෂයේ මතවාදයන් එක් පැත්තකිනුත් මෙම විද්‍යා විරෝධීත්වය සමනය කලා. දැන් ඉන්න “මාක්ස්වාදියෝ” තමන්ගේ මව් ආගමේ හොදම භක්තිකයෝ. බ්ලොග් අවකාශය තුලදී වත් කතිකාවක් ඇති කිරීම ගැන සතුටුයි. මොකද සම්ප්‍රදායික මාධ්‍ය කිසිම ලෙසකින් මිත්‍යාවන්ට මිස විද්‍යාවට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඇරත් ලංකාවේ ඉන්න “විද්‍යාඥයෝ” නෙ බණ කියන්නෙ. පූජකයො විද්‍යාව තමයි විද්‍යාව ගැන කතා කරන්නෙ
ප්‍රභාත් ගලගමගේ
August 8, 2010
ලංකාවේ දැන් තියෙන්නේ දැඩි විද්‍යා විරෝධයක්. සියලු කාරණා සඳහා ආගමික අර්ථයක් සම්පාදනය කරනවා. මෙමයට පෙර කොවුර්ලා එක් පැත්තකිනුත්, ලංකා සම සමාජ පක්ෂයේ මතවාදයන් එක් පැත්තකිනුත් මෙම විද්‍යා විරෝධීත්වය සමනය කලා. දැන් ඉන්න “මාක්ස්වාදියෝ” තමන්ගේ මව් ආගමේ හොදම භක්තිකයෝ. බ්ලොග් අවකාශය තුලදී වත් කතිකාවක් ඇති කිරීම ගැන සතුටුයි. මොකද සම්ප්‍රදායික මාධ්‍ය කිසිම ලෙසකින් මිත්‍යාවන්ට මිස විද්‍යාවට ඉඩ දෙන්නේ නැහැ. ඒ ඇරත් ලංකාවේ ඉන්න “විද්‍යාඥයෝ” නෙ බණ කියන්නෙ. පූජකයො තමයි විද්‍යාව ගැන කතා කරන්නෙ
Buddhika Thambugala
August 8, 2010
meya ithaamath satya kiyamanaki.. sinhala paadamedee viyaakarana igena ganna podi ekaata samaja adhyayanaya paadameedii eewaa amathakaya.. liyanne waradiyata ya.. guruwarayaa lamayata liweemata kiyawanneeda waradi viyaakarana ya.. eheth kaatawath eeke gaanak natha.. ithin ehema lamaya vidhyawa paadame di Darwin ge parinaamawaadaya ganath ohu liyuu ‘origin of species’ potha nisaa Kristhiyaani palliyen labunu hirihara ganath igena ganiyi.. eheth kristhu dharmaya paadamedi dewiyan wahanse lokaya mawuu hati da uganwai.. eeth kaatawath gataluwak natha.. me deke discrepancy ekak thibena bawa therum noyana tharamata lamayaage chinthana shakthiya mota kara atha.. ese wanne sirasa tv nisaawath sms sanskruthiya nisaawath nowa 1 wasare sita lamayaa matha patawuu gobba adyaapana kramaya nisaa bawa notherena tharamata (unge kaale) thibu adyapana kramaya visin demawpiyange chinthana shakthiya da mota kara atha. kaata kiyandada mewa??
Brantha
August 9, 2010
Translated to Sinhala as instructed by Akalanka.
මෙය ඉතාමත් සත්‍ය කියමනකි.. සිංහල පාඩමේදී ව්‍යාකරණ ඉගෙන ගන්න පොඩි එකාට සමාජ අධ්‍යයනය පාඩමේදී ඒවා අමතකය. ලියන්නේ වැරදියටය.. ගුරුවරයා ළමයාට ලිවීමට කියවන්නේද වැරදි ව්‍යාකරණය.. එහෙත් කාටවත් එකේ ගානක් නැත.. ඉතින් එහෙම ළමය විද්‍යාව පාඩමේදී ඩාර්වින් ගේ පරිනාමවාදය ගැනත් ඔහු ලියූ ‘origin of species’ පොත නිසා ක්‍රිස්තියානි පල්ලියෙන් ලැබුණු හිරිහැර ගැනත් ඉගෙන ගනියි.. එහෙත් ක්‍රිස්තු ධර්මය පාඩමේදී දෙවියන් වහන්සේ ලෝකය මැවු හැටිද උගන්වයි.. ඒත් කාටවත් ගැටළුවක් නැත.. මේ දෙකේ discrepancy එකක් තිබෙන බව තේරුම් නොයන තරමට ළමයාගේ චින්තන ශක්තිය මොට කර ඇත.. එසේ වන්නේ සිරස tv නිසාවත් sms සංස්කෘතිය නිසාවත් නොව 1 වසරේ සිට ළමයා මත පැටවූ ගොබ්බ අධ්‍යාපන ක්‍රමය නිසා බව නොතේරෙන තරමට (උන්ගේ කාලේ) තිබු අධ්‍යාපන ක්‍රමය විසින් දෙමව්පියන්ගේ චින්තන ශක්තිය ද මොට කර ඇත. කාට කියන්ඩද මේවා??
dawkinssdodo
August 8, 2010
Great post!
banda
August 8, 2010
BF,nodanuwathwa ho oba karanne “kabbalah” darshanaya saha vidyawa ekineka patalawagath,21siyawase modern sankalpaya papurawaharimak!!
namuth lokaye Post Modern thathwaya oba thawama therum aran nomathi bawa me lipiyen therenawa!
albert einsteinge sapekshathawadaya vishwaye upathe palaweni arambaka thathpara quantum thatwayata yanawitadi kadahalenawa!
Quantum wadaye palaweni TWO SLIT EXPERIMENT eken apawa genayanne Obsever” hewath minis hitha wetha!ethanin Schrödinger ge POOSA apawa ragenayanne nawatha metaphysics of buddhism wetha!
Ithin iskolawala agama saha vidyawa iganwemen oba kiyana akarayata ahithak nowana bawa mage hagimai.
Budhagame harayawana madyama prathipadawa anuwa apata lokaya dakinata puluwanam me prashnedith????ay api science walata ho agamata ho dekama badaganne???aniwaryen oba kiyana akaraye DEBIDDO API!
beyondframe
August 9, 2010
පරම සත්‍යයක් නැති ලෝකෙක පරම සත්‍යය සේ එක් හෝ තවත් ආගමක් බදා ගැනීම ගැන යි මා කතා කළේ. ආගම්වලින් උගන්වන්නේ මොනවාදැයි පාසල් දරුදැරියන් දැන ගත්තාට කමක් නැත. එහෙත් මේ ආගම තමයි පරම සත්‍යය යනුවෙන් අවසාන නිගමනය සහිත දේ පාසල තුළ ඉගැන්විය යුතු නොවේය යන්න මගේ මතයයි.
බුදුන් දෙසූ ධර්මයම වුව එක් එක් රටවල අද පවතින්නේ එක් එක් ස්වරූපයෙනි. පිවිතුරු බුදුදහම තියෙන්නේ අපේ රටේ යැයි නිකම් කතාවක් තිබෙන බව ඇත්ත ය. ඒ කතාව කීවේ කවුද යන්න ද එය එසේ වූයේ කෙසේ ද යන්න ද ප්‍රශ්න ය. පිවිතුරු යයි කියන බුද්ධාගම තුළ ද බොහෝ පරස්පරයන් තිබේ.
එයින් අදහස් වන්නේ ආගම්වල සදහන් දේ බැහැර කළ යුතු බව නොවේ. විවෘත මනසකින් විමසිය යුතු බව ය. පාසල ඒ සදහා යොදා ගන්නේ නම් එහි වැරැද්දක් නැත. එතකොට යමකට නොඇලී ඒ දෙස බැලීමට සිසුන් පුරුදු වන බැවිනි.
පුදුමයකට මෙන් බුදුන් ද මේ කාරණය ගැන කතා කොට තිබේ. එහෙත් බුදුන්ගේ ගෝලයින් එයට ලෑස්ති නැත.
banda
August 9, 2010
parama sathyak nomathi vishwayaka, ona ekek ona deyak karatath,adahuwath, waradak thiyennath ba neda???
Akalanka
August 9, 2010
Sorry, this comment is not related to the Post, but hope it will help some writers.
@Buddhika Thambugala
@banda
For an average reader, It’s somewhat difficult read and understand what you have written. It seems you are very much intersted in making comments in Sinhala, but can’t type. I also had the same problem. But there is a solution. Your above writing ( singlish ) can be translated to sinhala words , without your typing sinhala letters.
Use the following Google page. It will translate to sinhala, what you write in singlish. Just type it in singlish ( as you have done above ) and when you press the space bar at the end of each word, it will be translated to sinhala.
http://www.google.com/transliterate/sinhalese
It’s easy . Just practice. You can use the” Help” to get more details.
Hope we can see more and more comments from you.
Brantha
August 9, 2010
Thank you very much for your sharing. This link is really helpful. Unfortunately, they have not developed the downloadable version for Sinhala yet.
කණ්ඩුළ
August 9, 2010
විද්‍යාව හා ආගම සංසන්දනය හා විලක්ශණය කිරීම අර්ථ විරහිත දෙයකි.
විද්‍යාව නිරීක්ශණ හා නිගමන මත පදනම්වී ඇති අතර සැමදා වෙනස්වේ. මේ වෙනස්වීමට උදාහරණ ඕනෑ තරම් ඇත. එමෙන්ම විද්‍යාවතුල නොපෑහෙන තත්වයන් ඇත. නිව්ටෝනියානු භෞතික විද්‍යා සංකල්ප හා කවන්ටම් භෞතිකවිද්‍යා සංකල්ප එකිනෙකට අනුපූරනය කලහැකි සංකල්පයක් තවමත් සොයාගෙන නැත.
ආගම් වෙනස්වන්නේ විවිධ නිකායයන්වල අවශ්‍යතා අනුවය. අද ඉගැන්වෙන බුදු දහම සැබැවින බුදුන් දෙසූ දහමද නැත්නම් ධර්ම සංඝායනාවලදී අනුමතවුනු දහමද? අනුමත නොවූ කොපමණ කොටස් බැහැර වුනාද? බුදුදහම ගැන මෙලෙස ප්‍රශ්ණ නගන මා තීර්ථකයෙකු (heretic) ලෙස හංවඩුගැසීමටද ඕනෑම කෙනෙකුට පුලුවන.
කිතු දහම්ත් එසේමය.නොස්ටික් ලෙස හැඳින්වෙන ඉපැරණි කිතු දහමක් ඇති අතර එය ජේසුතුමා දේශණාකල නියම දහම ලෙස තර්කයක් පවතී. දැන් ඉගැන්වෙන කිතුදහම විවිධ අවශ්‍යතා අනුව සංස්කරණය කරගන්නා ලද දහමකි. නොස්ටික් දහම අදහන්නවුන් රෝමානු කතෝලිකයින්ට අනුව තීර්ථකයින් වේ. ආගම් යන සංකල්පයට අනුව ප්‍රශ්න නගන්නන් හෙරෙටික්ස් ලාය.
ආගම්වල පමණක් නොව විද්‍යාවේද හෙරෙටික්ලා සිටිය හැකිය. විද්‍යාවේ පදනම වුනු පරීක්ශණ, නිරීක්ශණ හා නිගමයන්හට බඳුන් කල නොහැකි සාපේක්ශතාවාදය විද්යාත්මකයයි පිලිගනියි. එහෙත් එය පරීක්ශණයට ලක්කල නොහැකිය. මෙහේ අසන මා නූතන විද්‍යාවේ බලසම්පන්න දෙවියෙකු වුනු අයින්ස්ටයින් සැක කරන හෙරෙටිකයෙක් නොවේද?
දහම හා විද්‍යාව යනු වියුක්තයන් දෙකකි.
beyondframe
August 9, 2010
කෙනෙකුට ජීවිතය විද්‍යාව අනුව ද තව කෙනෙකුට ආගම හෝ තමන් අදහන වෙනත් විශ්වාසයන්ට අනුව ද සකස් කර ගත හැකි ය.
විද්‍යාව අනුව ජීවිතය සකස් කර ගන්නා තැනැත්තාට ඕනෑම වැදගත් වැඩකට යාම සදහා ගෙදරින් පිටත්ව යාමට රාහු කාලය දැනගත යුතු නැත. එහෙත් නක්ෂත්රය අදහන්නාට ඒ සදහා රාහු කාලය මග හැරීම අනිවාර්ය වන්නේ ය.
මෙසේ අපේ ජීවිත එක්කෝ විද්‍යාවෙන් නැත්නම් විශ්වාසයන්ගෙන් (ආගමික හෝ සමාන) මෙහෙවෙයි. ඒ නිසා ම ඒ දෙක සන්සන්දනය කළ යුතු ය. කළ හැකි ය.
pubs
August 9, 2010
greart. thats true. idiats trying to combine sciece with religion. but science is based on perception. religion with beliefs. do not try to combine them. do not try to define one using other.
The Prince
August 9, 2010
@ Dharshana
බටහිර විද්‍යාව, ක්‍රිස්තියානි ආගම, කතෝලික චින්තනය, ක්‍රිස්තියානි සංස්කෘතිය, .(big bang theory)… වැනි සංකල්ප ගැන, හසල දැනුමක් ඇත්තෙකු සේ ඔබ කර ඇති පඬිතමානි ප්‍රකාශ ,සිංහලෙන් ම කියනවා නම් , ” පට්ටපල් කෙබරය”. කිහිපයක් උපුටා දක්වන්නම්
//….බටහිර විද්‍යාව යනු බටහිර සංස්කෘතියට සාපේක්ෂව නිර්මාණය කර ගත් දැනුමකි…//
//……ඒවා එසේ යැයි ගෙන (විශ්වාස කොට) ඒ මත පදනම් වී නව දැනුම නිර්මාණය කිරීම බටහිර විද්‍යාවේ කෙරෙයි…. //
//…..බටහිර ගණිතයේ ඇති ලක්ෂ්‍ය, සරල රේඛාව වැනි සංකල්පද හුදෙක් මනසේ නිර්මාණ වෙයි. වර්ගඵලයක් නැති ලක්ෂ්‍යයක් හෝ රේඛාවක් ලොව නැත….//.
//…..සමස්තයක් වශයෙන් ක්‍රිස්තියානි ආගම සහ බටහිර විද්‍යාව එකම සංස්කෘතියක් හා චින්තනයක් මත පදනම් වෙයි….//
//…. ඒ අනුව බලන කල සියලු විද්‍යාවන් අවිද්‍යාවන් වෙයි…..//
මේවා ගැන අදහස් දැක්වීම ත් නිෂ්පලය. ඔබ මේ මතුරන්නේ ඔබේ ගුරාලාගේ කියුම්ය. ඔබේ ගුරා ලගෙන්ම , මේ කෙබර අපට සෑහෙන කාලයක සිට අසන්නට ලැබෙයි. මේ දවස්වල නම් සද්දේ අඩුය.
මේවයේ නිර්මාතෘන් ගැන, මේවා එන්නේ කොහේ සිටද, යන්න ගැන ද අපට දැන් සැහෙන අවබෝධයක් ඇත. මුලදී නම් අපත් සිතුවේ, මේ සංකල්ප ගැන කතා කරන වියතුන්,බටහිර විද්‍යාව, බටහිර ගණිතය,බටහිර සංස්කෘතිය ගැන පුළුල් දැනුමකින් හා අවබෝධයකින් යුතුව,අපේ පෙරදිග ජනතාව අවිද්‍යාවෙන් මෝහයෙන් ගලවා ගෙන, පෙරදිග සාරධර්ම , පරාර්ථකාමී ගුණාංග , සමානාත්මතාව මත පදනම් වූ ඉතා දියුණු සමාජ ක්‍රමයක් කරා ගෙන යාමට වලි කන බවයි.
නමුත් ඔවුන් මතුරන මේ පෙරදිග චින්තනයේ අතීත , ගෝත්‍ර සමාජයකට වැඩි දෙයක් නොමැති බව දැන් නම් පැහැදිලිය. ඒ සමගම පසුගිය අවුරුදු 2-3 තුල , ගුරාල ගේ සහ ගෝලයන්ගේ කෙරුම් වලින්ම , මේ බටහිර විරෝධීන් ගේ ගේ අරමුණු සහ අපිව දක්කන්නේ කොහාටද, යන්න ත් පැහැදිලිය.
Taboo Subjects
August 9, 2010
ආගම හා විද්‍යාව පටළවා ගත යුතු නැතැයි කණ්ඩුලගේ කියමනට මම පොඩි සංශෝධනයක් ඇතිව එකඟ වෙමි.
විද්‍යාව අදහන්නෝ විද්‍යාව අදහත්වා. ආගම අදහන්නෝ ආගම අදහත්වා. (ඕනෑම ආගමක්) මේ දෙපිරිස අනෙකුන්ගේ ඇදැහීමට බාධා නොකරත්වා. (උදාහරණයක් හැටියට අපට හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම හෝ අයින්ස්ටයින්ගේ ප්‍රතිමා ඕනෑ නැත. බුදුපිළිම පන්සල් වලත් අයින්ස්ටයින්ගේ ප්‍රතිමා විද්‍යා කෞතුකාගාර වලත් තිබීම සෑහේ.)
– Taboo
beyondframe
August 9, 2010
විද්‍යාව ඇදහීමක් නොවේ. ඇදහීමක විමසීමට ඉඩක් නැත.
පද්දා
August 9, 2010
විද්‍යාවත් ඇදහීමක්ම තමා. රසායන විද්‍යා පොතෙන් ජලයට හයිඩ්රජන් 2 ක් හා ඔක්සිජන් 1 ක් ඇතැයි කීවාම අපි පිළිගන්නවා. කාට හරි කියන්න පුළුවන් පරීක්ෂණ කරලා බලන්න කියල. බුද්දාගමත් එහෙමයි. ධ්‍යාන බලන්න ඕන නම් ඊට නියමිත ක්‍රමේට සිත පරීක්ෂණයට ලක් කරන්න. තවත් දුරට බැලුවොක් තවත් සමාන කම් පෙනෙයි.
Migara
August 9, 2010
විද්‍යාව හෝ බුද්ධාගම යන දෙකම විමසීමකින් තොරව ඇදහියයුතු විෂයයන් නෙවෙයි.
විද්‍යාව ගත්තාම, යමෙකු යම් කාරණයක් අළුත් සොයා ගැනීමක් මගින් නිශේධනය කිරීමක් හෝ වැඩි දියුණු කිරීමක් කළොත් සියල්ලෝම ඒගැන විමසා බලා එකඟ වෙනවා. (එසේ නැතිව අළුත් නිකායක් හදාගෙන යුද ප්‍රකාශ කරන්න යන්නේ නැහැ.) එම කාරණය වාදයක් ලෙස ඉදිරිපත් වූවිට සියල්ලෝම ඒගැන තවදුරටත් විමසා බැලීමට යුහුසුළු වෙනවා.
බුද්ධාගම ගත්තාම, බුදු දහමේ දක්වා ඇත්තේත් යම් කාරණයක් විමසීමකින් තොරව පිලිනොගන්නා ලෙසයි.
විද්‍යාව හෝ බුද්ධාගම යමෙකු විමසීමකින් තොරව අදහනවා නම් එයින් ඔහුගේ හෝ ඇයගේ බංකොලොත් භාවය පැහැදිලි වෙනවා. වර්තමානයේ ලංකාවේ බුද්ධාගම කෛරාටිකයින්ගේ හා කුම්භාන්ඩයින්ගේ බූදලයක් බවට පත්ව ඇත්තේ වැඩිනෙක් බුදු දහමට පටහැනිවූ අන්ධකාර ඇදහීම් අතර මංමුලාවී ඇති නිසයි.
beyondframe
August 9, 2010
ජලය හයිඩ්රජන් හා ඔක්සිජන්වලින් සමන්විතයි කියන කාරණය පාවිච්චි කරල තුවාලවලට දාන බෙහෙතක් වුනු හයිඩ්රජන් පෙරොක්සයිඩ් නිපදවල තියෙනව. ජලයේ ඔක්සිජන් මලකඩ කන්න උදව්වෙනව කියන කාරණය පිළිබද දැනුම නිසා යකඩ මලකන එක පාලනය කරන්න පුලුවන් වෙලා තියෙනව.
ලෝකයේ නිමැවුම් බර ගාණකට මේ දැනුම පාවිච්චි කරල තියෙනව.
ඒ දැනුම නැවත නැවතත් පරීක්ෂාවට භාජනය වෙලා තියෙනව.
ධ්‍යාන ලාභියො මම නම් දැකල නැහැ. ඒ නිසා ඒක මම පිළිගන්නෙ අම්මයි තාත්තයි ඒ අය අදහන ආගමේ පූජකයොයි කියන කාරණා සළකලා.
(සමහර විට පද්දා එහෙම නොවෙනවා වෙන්න පුලුවන්. පද්දා ධාන්‍ය ලබපු නිසා ධාන්‍ය වැඩීම අත්දැකීමෙන් විදපු එක්කෙනෙක් වෙන්න පුලුවන්. හැබැයි එහෙම නැතිව ධාන්‍ය ගැන කතා කරනවා ඒ කතා කරන්නෙ විශ්වාසයෙන් මිසක් වෙන එකකින් නෙවෙයි.)
ඒ නිසා විද්‍යාව ඇදහීමක් නොවෙයි. ප්‍රායෝගික එකක්. පරීක්ෂා වෙන එකක්. ඒත් ආගම එහෙම පරීක්ෂා නොවීම ඇතිකරගන්නා විශ්වාසයක්. ඒ නිසා ඇදහීමක්.
banda
August 9, 2010
BF, kandula තවම ඉන්නේ “ලෝක modern’ තත්වය තුල , පද්දා,Migara ,Dharshana ඊට වඩා Post Modern මතයක ඉන්න බව මගේ හැගිමය්.
BF ගේ “ධ්‍යාන ලාභියො මම නම් දැකල නැහැ. ඒ නිසා ඒක මම පිළිගන්නෙ අම්මයි තාත්තයි ඒ අය අදහන ආගමේ පූජකයොයි කියන කාරණා සළකලා.’
යන්න lack of evidence is not evidence of lack ! අනික අද science කියනෙත් paranormal is normal කියන එක .
මම හිතන්නේ අවසන් පලය වියුත්තේ Tabboo Subject කියන කතාව තමා. The Prince ගේ කතාව bit esoteric!sorry!
දැන් BF ගේ කතාවේ අවසානය දෙබිඩ්ඩෝ බිහි වෙනවා කියන එක වරදක්ය යන්න ,දෙබිඩ්ඩෝ තමෛ බිහිවියුතු!
Anyway,Thank you Akalanka!
පද්දා
August 9, 2010
බියොන්ඩ් ෆ්‍රේම් දන්නෙ නැතිව ඇති කට්ටිය උත්තර නොදී ඔලොක්කු දාන්නෙ කට උත්තර නැති වෙන කොට බව. විද්‍යාව පරීක්ෂණයට ලක් වෙනවලු! ඇත්ත. හැබැයි පරීක්ෂණ, නිරීන්ෂණ හා නිගමන කියන රාමුව ඇතුලේ. මේ රාමුව නිවැරදි බව විද්‍යාව තදින්ම අදහනව. හරියට දෙයියන්නාන්සේ ඉන්නවා කියන එක කතෝලිතයො අදහනව වගේ. දෙයියන්නාන්සේට ආදේශ කරන්නේ විද්‍යාත්මක ක්‍රමය (Scientific method). විද්‍යාවෙන් භෞතික ලෝකයේ නිමැවුම් වලට අත දුන්නා වගේ සිත පිළිබද නිමැවුම් වලින් පේන ෂැඔලින් ශිල්ප බුද්ධාගමේ පර්ාය්ෂණ රාමුවට ලස්සන උදාහරණ. බියොන්ඩ් ෆ්‍රේම් ධ්‍යාන ලාභියො නොදැක්කට සන්සුන් පුද්ගලයන් දැකල ඇති නෙ? ඒ වගෙම බියොන්ඩ් ෆ්‍රේම් හදට ගිය එකත් දැක්කෙ නෑ නෙ? අම්මා, තාත්තා, පොත්පත් වගේ මාධ්‍ය වලින් විතරනේ ඒ ගැන දන්නෙ? මෙන්න මේ තලයට ඇවිත් හිතන්න බියොන්ඩ් ෆ්රේම්ට නොහැකි බව නම් පැහැදිලිව පේනව.
Taboo Subjects
August 9, 2010
විද්‍යාව කියන්නෙත් ඇදහීමක් තමයි. අපට පේන්න තියෙන දේ අනුව මොඩල් සකසා ගැනීමයි විද්‍යාවෙ කෙරෙන්නෙ. නිවැරදි වුනත් නූනත් යම් යම් සංසිද්ධි පැහැදිළි කරන්න ඒ මොඩල යොදා ගන්න පුළුවන්. බැරි අවස්ථාවක් ආවොත් අපි ඒ මොඩල අමතක කරල අළුත් මොඩල තනා ගන්නවා.
ආගම්වල තියෙන්නෙත් ඒ වගේම මොඩල තමයි. ප්‍රධාන වෙනස්කම් දෙකයි මා දකින්නේ.
1. විද්‍යාවේ මොඩල මෙන් නොව ආගමේ මොඩල හදල තියෙන්නෙ පේන්න, දැනෙන තියෙන දේවල් අනුව නොව හිතෙන දේවල් අනුව. (ආගම්වල විතරක් නෙවෙයි ආයුර්වේදෙ මොඩලුත් මේ වගේමයි.)
2. මොඩලයක් ප්‍රායෝගිකව ව්‍යවහාරික නෑ කියා හිතුනත් විද්‍යාවෙදි වගේ ඒ මොඩලය අත ඇරල තව මොඩලයකට යන සිරිතක් ආගමේ නැහැ.
විද්‍යාව දිනෙන් දින ඉදිරියට යන්නෙත් ආගම් (හා අයුර්වේදය) එක තැන පල් වෙන්නෙත් ඒ නිසා.
– Taboo
beyondframe
August 9, 2010
විද්‍යාව කියන්නෙත් ඇදහීමක් නම් මොඩලයක් ප්‍රායෝගික නෑ කිව්වහම අත්හරිනව කියන්නෙ කොහොම ද ඇදහීමක් කිව්වහම ඒක අත අරින්න ලෑස්ති නෑ කියන එකත් ඒකෙ ලියවිලා නැත්ද?
banda
August 9, 2010
Tabboo කිව්ව’ විද්‍යාව දිනෙන් දින ඉදිරියට යන්නෙත් ආගම් (හා අයුර්වේදය) එක තැන පල් වෙන්නෙත් ඒ නිසා.”
විද්‍යාව ඉදිරියටම ගිහින් ගිහින් අයෙත් පටන්ගන්න තැනටම ගියොත් ? එහෙම උනොත් මල කෙලියෛ!lol
එහෙම යනවා කියන එක තමා නූතන quantum වාදයේ Knot theory එකෙනුත් කියන්නේ ,
බුදුහාමුදුරුවෝ කිව්වා අන්තෝ ජට බහි ජට !
ප්‍රභාත් ගලගමගේ
August 9, 2010
Tabboo ආගම ගැන ලිස්සලා යන මතයක් දරනවා. ඒක එහෙ, මේක මෙහෙ තිබුනාවේ. හොද සාමයක්- ජයවේවා
පද්දා
August 9, 2010
විද්‍යාත්මක ක්‍රමය අත් අරින්න විද්‍යාව ලෑස්ති ද?
Migara
August 10, 2010
‘විද්‍යාත්මක ක්‍රමය’ කියන්නෙ කිසිවෙකු විසින් ඇදහියයුතු සත්‍යයක් නොවෙයි.
ඊටවඩා සාර්ථක වූ ක්‍රමයක් සොයාගත් දිනයකදී පැරණි ‘විද්‍යාත්මක ක්‍රමය’ අත් අරින්න කියන එකයි ‘විද්‍යාත්මක ක්රමයේ’ මූලික හරය වන්නේ.
පද්දා
August 10, 2010
ඒ අලුත් ක්‍රමය පරණ ක්රමයේ තැන ගනීවි. කලින් වගේම ඒ ක්‍රමයට පිට සියළු ක්‍රම එමගින් ප්‍රතික්ෂේප වේවි. ආයෙත් දැන් අපි ඉන්නේ පරණ තැනමයි. විද්‍යාව පවතින “විද්‍යාත්මක ක්‍රමය” හෝ වෙනයම් කරමයකට එපිටින්, දැනුම නිර්මාණයට වෙනත් ක්‍රම (alternate methods) ඇති බව පිළිගන්නවාද?
Migara
August 10, 2010
/කලින් වගේම ඒ ක්‍රමයට පිට සියළු ක්‍රම එමගින් ප්‍රතික්ෂේප වේවි./
නැහැ. මෙයත් කලින් එක වගේම විමසීමට, වෙනස්වීමට සහ ප්‍රතික්ෂේප වීමට විවෘතයි.
/විද්‍යාව පවතින “විද්‍යාත්මක ක්‍රමය” හෝ වෙනයම් කරමයකට එපිටින්, දැනුම නිර්මාණයට වෙනත් ක්‍රම (alternate methods) ඇති බව පිළිගන්නවාද?/
ඔව්. සහසුද්දියෙන්ම.
චිත්‍ර.blogspot.com
August 9, 2010
විද්‍යාත්මක ක්‍රමය අත් අරින්න විද්‍යාව ලෑස්ති ද?පද්දා
විද්‍යාව එය අත්හැරියේ 1927 දී Heisenberg විසින් ඔහුගේUncertainty principle”මගින්!
beyondframe
August 10, 2010
ඔබේ මැදිහත් වීම අගයමි. මා කලින් දැන නොසිටි යමක් ඉන් උගත්තෙමි. තුති.
පද්දා
August 10, 2010
ඒ වෙනුවට තව ක්‍රමයක් එන්න ඇති. කලින් ක්‍රමය ගත්ත තැන අලුත් ක්‍රමයෙන් ගන්නවා. විද්‍යාවේ ඒ පිලිගන්නා ක්‍රමය හැර අන් සියලුම ක්රමයන් ප්‍රතික්ෂේප කරනවා.
ආයෙත් ආගමක් වගේමයි නේද?
Migara
August 10, 2010
/විද්‍යාවේ ඒ පිලිගන්නා ක්‍රමය හැර අන් සියලුම ක්රමයන් ප්‍රතික්ෂේප කරනවා./
නැහැ. වැරදි බවට තහවුරුවූ දේ පමණක් ප්‍රතික්ෂේප කරනවා. අනෙක් සියල්ල විමසීමට විවෘතයි. නව දැණුම සොයායෑමට උනන්දු කරවනවා.
/ආයෙත් ආගමක් වගේමයි නේද?/
?!
චිත්‍ර.blogspot.com
August 10, 2010
මා දන්නා පරිදි සහ යන දෙක අද දක්වා විශ්ව පරම සත්‍යන් සේ විද්‍යාවේ හැදින්වේ. නමුත් අප ජිවත් වන්නාවූ 3+1(time) dimension එකට වැඩිපුර dimension එකතු කරීමේදී(String theory )
තුලදී වෙනස්වේ.කෙසේනමුත් මේ සංවාදය වඩාත් පරිපුර්ණ කිරීම සදහා පහත ඇති videos දෙක නරබන්න ;
The Holographic Universe 1 of 2
Who am I?
චිත්‍ර.blogspot.com
August 10, 2010
samawanna;
1/The laws of thermodynamics
2/Heisenberg uncertainty principle
මා දන්නා පරිදි සහ යන දෙක අද දක්වා විශ්ව පරම සත්‍යන් සේ විද්‍යාවේ හැදින්වේ.
චිත්‍ර.blogspot.com
August 10, 2010
The Holographic Universe 1 of 2
beyondframe
August 10, 2010
විද්‍යාව එක පැත්තකට දාන කොට මම ආගම හා දර්ශනය දෙකම අනිත් පැත්තට දැම්ම.
විද්‍යාව උත්තර නොදෙන ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නෙ පසුව කී මේ ආගම හා දර්ශනය යන දෙකෙන් කියලත් කිව්ව. විද්‍යාව අතහරින්න සූදානම් නිසාම දිනපතා අලුත්වන ඒ නිසාම දවසින් දවස වඩාත් ප්‍රායෝගික වන බවත් කිව්ව.
මේ මැදිහත්වීමෙන් අදහස් කළේ මේ දෙක ගැන නැවත නැවතත් සිතන්න මිනිසුන් යොමු කරන එක වැදගත් කියල දුටු නිසා. විශේෂයෙන්ම අධ්‍යාපන ක්ෂේත්රයේ මේ සම්බන්ධයෙන් දක්වන ස්ථාවරයේ වෙනසක් අප දකින්න අදහස් කළ නිසා.
එකක් අනිකට වඩා හොදයි කියන ආකාරයේ සන්සන්දනයක් අපි අපේක්ෂා කළේ නැහැ. ඒ දෙක වෙන වෙනම වඩාත් හොදින් තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ අප පෙන්වා දුන් ආකාරයේ සන්සන්දනයකින් බවයි අපේ හැගිම.
අප අදහස් කරන්නේ මේ දෙක තේරුම්ගැනීමට අප විමසුම් සහගත උත්සහයක් ගන්නේ නම් අපේ ජීවිත වඩා සාර්ථක කර ගැනීමටත් රටක් හැටියට ඉදිරියට යාමටත් එයින් අවස්ථාවක් ලැබෙන බව කියන්නට ය.
ඒ නිසාම පශ්චාත් නූතන වාදී හෝ වෙනත් මතවාදයන් ගෙන හැර දක්වමින් යන ශාස්ත්‍රීය විමසුමකට අප අවතීර්ණවන්නට කැමති නැහැ. ඒ ඒක අපට බැරි නිසා පමණක්ම නෙවෙයි. අපට අවශ්‍ය මේ දෙක පිළිබද ජනයාගේ අස්ථානයන් නැවත ප්‍රශ්න කරන්නට ඔවුන් පෙළඹවීම පමණක්ම නිසා.
ඒවා ගැන පඩිවරු කතා කරපුවාවෙ. මේ අඩවිය අපේ ජීවිතවලට යමක් අදාළ කර ගැනීමට පහසුකම් සපයනවා පමණි.
Taboo Subjects
August 10, 2010
@Beyond Frame,
/විද්‍යාව කියන්නෙත් ඇදහීමක් නම් මොඩලයක් ප්‍රායෝගික නෑ කිව්වහම අත්හරිනව කියන්නෙ කොහොම ද ඇදහීමක් කිව්වහම ඒක අත අරින්න ලෑස්ති නෑ කියන එකත් ඒකෙ ලියවිලා නැත්ද?/
ඇදහීමක් කියන්නේ කළු සුදු දෙයක් නොවේ. සමහරුන්ගේ ඇදහීම දැඩිය. සමහරුන්ගේ ලිහිල්ය.
බෞද්ධයින් කියන හැම දෙනාම බුදුන් තුන් වතාවක් ලංකාවට වැඩි බව වත් සිදුහත් කුමාරයා ඉපදුණු ගමන් දිවගිය බවත් විශ්වාස කරන්නේ නැත. ඔබ බෞද්ධ බව වරෙක ලීවා මතකය. එසේ වුවද ඔබ මේ මිත්‍යාවන් විශ්වාස නොකරතැයි මම සිතමි. එය ඔබට බෞද්ධයකු වීමට බාධාවක් නොවේ.
මගේ ඇදහීම විද්‍යාවය. එහි තේරුම මා විද්‍යා පොත පතෙහි ඇති හැම දෙයක්ම අන්ධ භක්තියෙන් විශ්වාස කරන බව නොවේ. මගේ නැණැසට එකඟ වන දේ මම අදහමි. Big Bang තියරිය මට තවමත් ගෝචර නොවේ. ඩාවින් විස්තර කළ ලෙස පරිණාමය පිළිබඳ මට බරපතළ ගැටළු ඇත. ඒ ගැන මම dawkinssdodo සමඟ වාද කරමි. http://tinyurl.com/325n3rr
නමුත් මේ කිසිවක් මට විද්‍යාව අතැර වෙන යම් ආගමක් ඇදැහීමට තරම් බලවත් වී නැත. ඉහත අඩු ලුහුඬුකම් ඇතිව වුව විද්‍යාව ලෝකයේ ඇති හැම ආගමකටම වඩා ඉදිරියෙන් සිටින බව මගේ විශ්වාසයයි. මගේ ඇදැහීමයි.
වෙනත් කෙනෙකුගේ මතය වෙනස් විය හැකිය. තමන්ගේ මතයක් දරන්නට මට ඇති නිදහසම, ඔහුටද ඇයටද ඇතියි මම සිතමි.
– Taboo
beyondframe
August 10, 2010
කෙනෙකුට හැගෙන දැනෙන දෙයත් කෙනෙකුගේ ඇදහිල්ලත් අතර විශාල වෙනසක් ඇතැයි තවමත් මට හැගෙයි.
ලෝකයේ කොහේවත් ඇති ග්‍රහලෝකවල උත්පත්තියේ පිහිටීම මට ඉන්නා දරුවන් ගණන තීරණය කිරීමට හෝ මා කසාද බදින්නේ කවරෙක්ව ද යන්න තීරණය කිරීමට ඉවහල් වේයැයි මට නොහැගේ. නොදැනේ. එහෙත් එසේ නොවේ යැයි මා තදින් අදහන්නේ නැත. මට විද්‍යාව ආගමක් නොවන්නේ එහෙයිනි. කිසියම් දිනක කවුරුන් හෝ එය එසේ යැයි ඔප්පු කරනු ලැබීමට ඉතා කුඩා ඉඩක් ශක්‍යතාවයක් තිබේය යන්න මම බැහැර නොකරමි. විද්‍යාව තවමත් හරිහැටි හොයාගෙන නැති බොහෝ දේ තිබෙන අතර හොයාගෙන ඇති දේ ද වරින්වර නැවතත් පිරිසිදු කරනු අපි දැක ඇත්තෙමු. සමහරවිට ටැබූ විද්‍යාව ආගමක් ලෙස අදහනවා වෙන්නට පුලුවන. එහෙත් සැවොම එසේ කරන්නේ යන නිගමනයට බැසීමට පෙර තව වරක් සිතිය යුතුය යන්න පමණක් යෝජනා කිරීමට කැමැත්තෙමි.
බෞද්ධාගමේ එන අටලෝදහම ගැන මගේ ප්‍රසාදයක් ඇත. එයින් කම්පා නොවීමෙන් ජීවිතය සතුටින් ගත කළ හැකි යයි මම සිතමි. විද්‍යාව මගින් එය සත්‍යයක් යැයි ඔප්පු කිරීම එහිදී අවශ්‍ය නොවේ.
ඒ අනුව මම විද්‍යාවෙන් ද ආගමෙන් ද ගත හැකි දේ ඇතැයි විශ්වාස කරන අතර ඒ දෙකම විමසුමින් තොරව අන්ධව ඇදහිය යුතු නැතැයි සිතමි.
මට අවශ්‍ය මේ විශය පථයන් දෙකම පාසල තුළ දරුවන්ගේ විමසුම් සහගත දැක්මක් තුළට ගෙන ඒමට ය. එහිදී ආගම් පොදුවේ ගෙන මිස එක් ආගමක් පමණක් සැළකිම වැරදි යැයි හගිමි.
ramachandra
August 10, 2010
විද්‍යාව විවෘත පද්ධතියකි.ආගම සංවෘත පද්ධතියකි.නිව්ටෝනියානු විග්‍රහය බිද වැටී අයින්ස්ටයින් විග්‍රහය ඉදිරියට ඒමට විද්‍යාවේ ඉඩ පවතී හෝ ප්ලොජිස්ටන් වාදය බිදවැටී අම්ලකරවාදය ඉදිරියට ඒමට විද්‍යාවේ ඉඩ පවතී යන කරුනෙන්ම විද්‍යාවේ විවෘත භාවය පැහැදිලි වේ.පලමු පදනම් වාදයට වඩා හාත්පසින් වෙනස් ව්‍යුහයක් පිලිගැනීමට ලක්වූවද තවමත් එය විද්‍යාවය.එවැනි වෙනස්කම්වලට විද්‍යාව නිරන්තරයෙන් විවෘතය.ආගම එවැනි පර්යේෂනයන්ට විවෘත නැතිවා මෙන්ම යම් හෙයකින් ආගමික ප්‍රස්තුතයක් ප්රත්යක්ෂ කරුනු මත බිද වැටුනහොත් එය සැලකීමට ලක්නොකර කතිකාවෙන් බැහැර කිරීම ආගමික කතිකාවෙහි ලක්ෂනය වේ.
විද්‍යාව “ඇදහිය හැකිද”? යන ප්රශ්නය “ඇදහීම” නිර්වචනය කරන ස්වරූපය මත රැදී තිබේ.ඇදහීම යනු යමක් ගැන විශ්වාස කිරීම කියන ලිහිල් අර්ථයෙන් ගන්නවා නම් විද්‍යාවද “ඇදහිය” හැක.නමුත් ඇදහීම කියන්නෙ තර්කයට විවෘත නැති විශ්වාසයයි කියන අර්ථයෙන් ගන්නවා නම් කිසිවිටෙක විද්‍යාව ඇදහිය නොහැක.බුදුන් ලංකාවට ඒම වැනි ආගමික කතිකාවතේ බාහිරව තියන කරුනු නොව කර්මය පුනර්භවය වැනි මූලික ප්රස්තුතයන් තර්කයට හෝ විවාදයට ලක් කිරිමට ඉතාම අවංක බෞද්ධයා වුව පෙලඹේද යන්න සැක සහිතය.ධර්මය පිලිබද විචිකිච්ඡාව සත්‍යාවබෝධයට බාධාවකි යනුවෙන් ආගම විසින්ම ඊට සීමා පනවා ඇත.”චින්තන නිදහස” පවතිනවා යැයි කියන බුදු දහමේ තත්වය මෙබදු වන අතර නිර්මානවාදි ආගම් වල තත්වය ඊට වඩා අන්තය.දෙවියන්ව සැක කරමින් දෙවියන් අවබෝධ කරගත නොහැක යන්න ඒවායේ පාදීයශික්ෂාවකි.විද්‍යාව ඊට වෙනස්ව ප්‍රශ්න කිරීම සාධනීය එකක් ලෙස ගනී.
මේ කරුනු මත විද්‍යාවද ආගමකි යනුවෙන් කෙරෙන සාමාන්‍යකරනය මට සිතෙන අන්දමට භාෂාමය සෙල්ලමකි.
beyondframe
August 10, 2010
ස්තුතියි. මට හිතෙන්නේ ඔබේ මැදිහත්වීම තුළ සංවාදය වඩා පැහැදිලි තලයකට පැමිණි බවයි.
එහෙත් තවමත් මා හගින්නේ විද්‍යාවේ විශය පථයට අයත් නොවන ප්රස්තූතයන් ආගම (හා දර්ශන වාදයන්) තුළ සාකච්ඡාවන බවයි. ඒ නිසාම විද්‍යාව පමණක් පිලිගෙන ඒවා එහෙම පිටින්ම බැහැර කළ නොහැකි බවයි. විද්‍යාව හෝ ආගම (දර්ශනය) යන දෙකින් එකක් තෝරාගැනීම ගැන නොව විද්‍යාව හා ආගම (දර්ශනය) යන දෙකම විමසුම් නුවණින් පරිහරණය වැදගත් බවයි.
ඒ අතරම විද්‍යාව හා ආගම ගැටෙන බොහෝ තැනක මා විද්‍යාවේ අස්ථානය වඩාත් නිවැරදි යයි පිළිගන්නට පෙළඹී ඇති බවත් කිව යුතු යැයි හගිමි.
පද්දා
August 10, 2010
රාමචන්දු නියෝජනය කරන සමාජවාදයද පරිපුර්ණ ඇදහීමකි. ප්රාග්ධනයේ ලාභය සියලු දෙනා අතර නිවැරදිව බෙදීමට වෙනත් ක්‍රමයක් නැත කියන ඇදහීමේ ඉඳන් තමයි සම්මජවාදය / මාක්ස්වාදය ක්‍රියාත්මක වෙන්නෙ. එමෙන්ම මාක්ස්වාදය හැර වෙනත් වාදයක් අදැහීමට එහි ඉඩකුත් නෑ. මාක්ස්වාදය සර්ව සම්පූර්ණ හා සත්‍ය බව පිළිගන්නත් වෙනවා.
විචිකිච්ඡාව ගැන රාමචන්දර කියන්නේ බයිලාවක්. බුදුන් වහන්සේ දේශනා කරල තියෙන්නේ නිවන් මගට එන්න සැකය නැති කර ගන්න කියල. සැකය නැති කරගන්න ඉගෙනීම, වාද, විවාද හා කැමති ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරන්න එහි ඉඩ දෙනවා.
රාමචන්ද්‍ර පෙනී සිටින මාක්ස්වාදය විවේචනයට ඉඩක් නෑ. එයින් එය ඒබ්‍රහමික ආගම් වල දැඩි ආඥාදායක ස්වරූපයක් ගන්නේ සර්වබලධාරියා (එනම් දාස් කැපිටාලයේ ප්රාග්ධනය පිළිබඳ නියම ) ප්‍රශ්න කරන්නට, විවේචනය කරන්නට නොහැකියාව මගින්.
මෙතන වචන හරඹය කරන්නේ රාමචන්ද්‍ර. මොකද ඔහු කතා කරන්නේ මූල්ධර්මවාදී නිකායක ඉඳන් නිසා.
Taboo Subjects
August 10, 2010
මේ මා හාවා හඳ දැක්කා සේ කලාතුරෙකින් පද්දා සමඟ එකඟ වන අවස්ථාවකි. ආගමක් හැටියට මාක්ස්වාදය අබරංගේ ආගම් තරමටම දැඩිය. මාක්ස්ට, එංගලස්ට හෝ ලෙනින්ට අකුරක් හෝ වැරදී ඇතැයි ඔය මාක්ස්වාදීන් කියා ගන්නා එකකු හෝ පිළි ගන්නට කැමැති නැත.
– Taboo
ප්‍රභාත් ගලගමගේ
August 10, 2010
මාක්ස්ට, ඒංගල්ස්ටල ලෙනින්ට අකුරු වැරදී ඇතැයි කියන්න උත්සාහ ගන්නා බොහෝ අය උත්සාහ ගන්නේ මාක්ස්වාදය කුඩු කිරීමට මිස එය තුල ශක්‍ය වර්ධනයක් සඳහා මැදිහත් වීමට නෙවේ. ඒකත් ගැටලුවක් හැටියට ත්යෙනවා. මොකද මාක්ස් වාදය නිකම්ම වාදයක් නෙවේනෙ. පවතින ආධිපත්‍යයට තර්ජනයක් වෙන දෙයක්.
Taboo Subjects
August 10, 2010
විවේචකයාගේ අරමුණ මෙහිදී අවැදගත්ය. රාමචන්ද්‍ර අබරංගේ ආගම් විවේචනය කරන්නේද ඒවා කුඩු කිරීමට මිස ඒවා වර්ධනය කිරීමට නොවේ. මාක්ස්වාදය සම්බන්ධයෙන්ද මෙය අදාළය. ප්රශ්නය විය යුත්තේ කෙනකු මාක්ස්වාදය ප්‍රශ්න කරන්නේ ඇයිද යන්න නොව, එම විවේචන වලට මුහුණ දීමට මාක්ස්වාදයට ශක්‍යතාවයක් ඇතිද යන්නය. මගේ පිළිතුර නැත යන්නයි.
Taboo
August 10, 2010
/නමුත් ඇදහීම කියන්නෙ තර්කයට විවෘත නැති විශ්වාසයයි කියන අර්ථයෙන් ගන්නවා නම් කිසිවිටෙක විද්‍යාව ඇදහිය නොහැක./
x එකට සීමා වන විට (x^n -1)/(x-1) ශ්‍රිතය nx^(n-1) ට සමාන වන බව තර්කයට විවෘතද, එසේ නම් ඒ කවර තර්කයටදැයි කියන්න.
(ප්රශ්නය ඕනෑම කෙනෙකුට විවෘතය.)
ප.ලි. මේ විද්‍යාව හැමවිටම තර්කය මත පදනම් වේය යන බොරුව මට අවබෝධ කැරැවූ පළමු පාඩමය. විද්‍යාවේ හැම දෙයක්ම තර්කය මත පදනම් වේය සිතන්නා යුක්ලීඩියානු ජ්‍යාමිතිය ඉගෙනීමෙන් පසු තම ඉගෙනීම අවසාන කළ යුතුය.
Taboo Subjects
August 10, 2010
ඉහත උදාහරණය සැර වැඩි නම් විද්‍යාව ඍණ එකේ වර්ගමූලයක් නිර්වචනය කිරීමෙන් නොනැවත ඒ මත ‘සංකීර්ණ සංඛ්‍යා’ (complex numbers) පාඩම සම්පූර්ණයෙන් ගොඩ නඟන්නේ කවර නම් තර්කයකට අනුව දැයි පහදන්න.
ඍණ එකට වර්ගමූලයක් තිබේද? තර්කයට අනුව මේ සුමට කප්පි, ඝර්ෂණයෙන් තොර පෘෂ්ඨ, අප්‍රත්‍යස්ථ තන්තු, ශුන්‍ය බරින් යුතු තන්තු වැනි භෞතික ලෝකයේ නොපවතින බොරු නොවේද? විද්‍යාව 100%ක් තර්කානුකූල යැයි කියන කවුරුන් හෝ මේවා ගෝචර වන්නේ කවර තර්කයටදැයි කියන්න.
විද්‍යාව ආගම් වලට වඩා තර්කානුකූල වූ පමණින් එය හැමවිටම තර්කානුකූල බවවත්, ඇදහීමෙන් තොර බවවත් නොකියැවේ. විද්‍යාව ගැඹුරින් හැදෑරූ ඕනෑම කෙනකු දන්නා පරිදි විද්‍යාවේ ඕනෑ තරම් ඇදැහීම් ඇත. මේ ඇදැහීම් ප්‍රශ්න කිරීම් වලට ලක් නොවන්නේ ඒවා එසේ තබා ගැනීම අපට වඩා පහසු නිසාය. ඒ අර්ථයෙන් විද්‍යාවද ආගමකි.
Ritigala Jayasena
August 12, 2010
Taboo, your analysis is really appealing and I would strongly agree with you that if we are to look in the angle that you are trying to take us to, then Science itself is a belief system of sorts! Now that is actually a good news for a promoter of science like myself. I can simply suggest that people should select their “beliefs” wisely by contemplating one what those beliefs have bring about to humankind. If you ask me, the belief of scientific method has improved the quality of human life since the day humans discovered that rubbing two dried sticks together is a consistent and predictable way to produce fire.
ප්‍රභාත් ගලගමගේ
August 10, 2010
විද්‍යාත්මක ක්‍රමය හා ලෝකය දැන ගැනීමේ එකම ක්‍රමය විද්‍යාවද යන්න මෙහි සාකච්චා වල ලක් වෙනවා.
විද්‍යාත්මක ක්‍රමය විද්‍යාවේ ප්‍රධාන විධික්රමය. නමුත් ඒ පිළිබඳව තවමත් පැරඩයිමයක් සම්පාදනය වෙලා නැහැ. උදාහරණ ලෙස කාල් ප්‍රොපර් ගෙ විද්‍යාව පිළිබඳ දර්ශනය තුල තියෙන අසත්‍යකරණය පිළිබඳ අදහස ප්‍රශ්නාර්ථයන්ට බදුන් වූ එකක්. කෙසේ උනත් ලෝකය ඥාණනය කිරීමේ එකම විධික්රමය විද්‍යාව නෙමේ. කලාව ඒ කාර්යය වෙනත් ආකාරයකට කරනවා. ඒ සංකල්ප රූප ඔස්සේ. විද්‍යාත්මක ක්‍රමය විද්‍යාවේ ප්‍රධාන විධික්රමය.
මේ සියල්ල තවමත් දාර්ශනිකව, ඒ වගේම භෞතික පොලව මත විමර්ෂණයට, වෙනස්වීම් වලට ලක් වෙමින් තියෙනවා. ඒක තමයි විශ්වයෙ තියෙන දයලෙක්තික ස්වාභාවය. ඒක හැම දෙයකටම පොදුයි.
චිත්‍ර.blogspot.com
August 11, 2010
Faith Schools And Children’s Rights
Ritigala Jayasena
August 11, 2010
Since I noticed a “Gira Pothakaya” of Prof Nalin De Silva commenting on this post earlier on, I thought following post my me in SSL is relevant http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse
පද්දා
August 12, 2010
නලීන් සිල්වාගේ “ගිරා පෝතකයන්” ගැන කිය කියා ඔලොක්කු දානවාට වඩා ඔහු සමග ප්රබුද්ධ සංවාදයක් කිරීම හොද බව සිතන්නේ නැත් ද? නලීන් ගේ මතවාදී පදනම ගැන බොහෝ දෙනෙක් දන්න නිසා සහ එසේ නැත්නම් පැරදීමට ඇති බිය නිසා නලීන් පතුරු ගසන සූස්ති ගුණේ ලා මේ වගේ වාද වලට යන්නේ නෑ. ඔබේ මතවාදී පදනම අපට බලා ගන්න නලීන් හා සංවාදයක යෙදෙන්න
චිත්‍ර.blogspot.com
August 13, 2010
පද්දා: නලීන් සිල්වාගේ “ගිරා පෝතකයන්” ගැන කිය කියා ඔලොක්කු දානවාට වඩා ඔහු සමග ප්රබුද්ධ සංවාදයක් කිරීම හොද බව සිතන්නේ නැත් ද? ඔබේ මතවාදී පදනම අපට බලා ගන්න නලීන් හා සංවාදයක යෙදෙන්න!
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
පදු මිතුර ,ඔබ http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypse නමැති අනර්ග ලිපිය කියව තේරුම්ගත්තා නම් එම
මහගු ලිපියෙන්ම මුළුමහත් කාලයක් එක්රස්කරගථ්වූ නලින් සිල්වා ගේ සියලු තර්ක ඔහු බිදහෙලන අපුරුව වැටහෙය්,එම ලිපියේ රිටිගල ජයසේනගේ මුළුමහත් ආත්මයේම තිබ්බෙන්නා වූ ඔබ සොයන මතවාදයද ලගු කොට තිබේ ,එමනිසා වැඩිදුර ප්රබුද්ධ සංවාදයක් කිරීම කාලය නැසීමක්!අවශ්‍යනම් නලින් සිල්වාට පුළුවන් මේ සකත්චාවට BF එකතුවන්න!
අනික 21සියවසෙ prabhudda පීචන් කියා දෙයක නැ,එහෙම ථිබ්බ20 සියවසේ ,අද(13august2010 )දෙකෙහිම ඇත්තේ එකම වටිනාකමක් යන්න ඔබ දන්නාවනම් සූස්ති ගුනේ’ යනුවෙන් කාට හෝ සමච්චල් නොකරන බව සිතමි!
චිත්‍ර.blogspot.com
August 11, 2010
This post is a response to Prof. Nalin De Silva’s article http://www.divaina.com/2010/07/18/scholast01.html
පරිසරයට හානි සිදුකරන්නේ නැතහොත් පොළොව විනාශ කරන්නේ මිනිසාය. වඩාත් නිරවුල් ව කියන්නේ නම් බටහිර මිනිසුන් හා ඔවුන් අනුකරණය කරන්නේ ය. එය භෞතික ව මෙන්ම අධ්‍යාත්මික ව සිදුවිය හැකිය. භෞතික ව පොළොව විනාශ කිරීම ගැන අපි නිතර කතා කරමු. කැලෑ කැපීමේ සිට නාගරික කුණු ප්රශ්නය හා ජලය අපවිත්‍ර කිරීම දක්වා ඒ පැතිරී ඇත. ”
නලින් සිල්වාගේ මූණ සහ fredie සිල්වාගේ මූනෛ එක වගේ ,දැන් දැන් කියන දේවලුත් විහිලු.එනිසා මම හිතුව මේ video එක ඔබ සමග බෙදාගන්න !
dawkinssdodo
August 17, 2010
Thanks for posting! really funny.
චිත්‍ර.blogspot.com
August 13, 2010
විද්‍යාව සහ සිත – HW කුමාරතුංග
http://chitthra.blogspot.com/2010/08/hw.html
චිත්‍ර.blogspot.com
August 14, 2010
චිත්‍ර.blogspot.com
August 15, 2010
Nondualism (Advaita in India)
R
August 15, 2010
It was fun reading the discussion. But it seems that people have a narrow idea of what science is, and tend to philosophize too much. It’s forgivable because one doesn’t really understand science unless one practices it.
For example, taboo’s last argument of the limit of mathematics, is taking into consideration just one aspect of it. He gets it right by mentioning Non-euclidean geometry, but fails to understand that in itself is the solution.
As Ramachandra is an open system, religion/belief is not. So if Euclidean geometry can’t explain something we’ll invent another mathematical system that can explain the non-explainable as well as the previous existing science. For example you can start with Non-Euclidean geometry and end up with Euclidean geometry with the right conditions. Similarly you can start with Quantum Mechanics and end up with Classical Mechanics when you employ the correct limits.
But the most important thing that you guys here in the discussion have to realize is that even though science employs Philosophy, it’s not a Philosophy. Science is an experimental beast. It identifies a problem, and creates experiments to verify or reject a hypothesis. And the beauty of modern science is, these experiments are not limited to the 5 human senses. It stretches our vision to the full electromagnetic spectrum, our ears to all the vibrational frequencies, our sense of smell to every possible organic/inorganic compound there is, and it doesn’t stop there. We can “sense” things that no living creature can sense, and employ time-scales (from femto-seconds to billions of years) to observe the world around us. If you haven’t heard of the Large Hadron Collider in Geneva now is the time to read about it.
And this extension of perception will not stop here. With the advancement of technology, science will gain more and more adept at perceiving the world around us. And by perceiving the world in different angles, we’ll find more problems solve. By solving them we’ll have a better understanding of the world and the science we used to describe the world.
And please don’t use the Uncertainty principle as a means to enter the world of pseudo-science. I’ve gotten tired of explaining to people that we as scientists don’t give a shit about the Uncertainty principle. I work with instruments on a daily basis that employ the Uncertainty principle to image and fabricate small items of the nano-world. Just because things work differently at that scale, it doens’t mean that it’s mystical or spiritual or whatever you want to call it. Again, the problem you have is the philosophication of science. Use science to solve one problem at a time, and you’ll learn the nature of the Universe. Stop pursuing the “theory of everything”, because like happiness it’s elusive to those who seek it.
I wrote a piece on religion and science not so long ago, if you care to read:
http://towards-a-utopia.blogspot.com/2010/06/science-is-not-religion.html
චිත්‍ර.blogspot.com
August 15, 2010
Dear Ritigala Jayasena,
though your comment is absolutely fascinating,it raised more questions than answers!and this is not a silly attempt to debunk your colossal knowledge in philosophy(i mean your science ),well,i will try to bring and highlight those questions in a later day,once i read the other lads comments to your comment.
May be Nalin silva too might join in the future and share his outdated philosophy!lol
however,i am PLEASED, if you share your views about “Laws of Karma which i believe and suspect is the missing link to fill the gap of science and the consciousness in my universe!Does Laws of Karma really in Action???
Thank you!
චිත්‍ර.blogspot.com
August 16, 2010
Puppetji Speaks: “WHO AM I ? ”
චිත්‍ර.blogspot.com
August 16, 2010
තවම Dharshana ” ගේ “විද්‍යාවේ ඇති ලොකුම ‘විශ්වාසය’ නම් මනසින් ස්වායත්ත වූ වාස්තවික යථාර්තයක් (objective reality) ඇතැයි ‘විශ්වාස’ කිරීමය. ඒ විශ්වාසයක් නොවේ නම් මනසින් ස්වායත්තව යථාර්තයක් ඇති බව මනසින් තොරව (හෙවත් මනසින් නිර්මාණය කළ සංකල්ප වලින් තොරව) පෙන්වා දිය හැකි විය යුතුය.” යන කතාවට හරි පිළිතුරක් කාගෙන් වත් ලැබුනේ නැත!!රිටිගල ජයසේන පවසන LHC මගින් සොයන්නෙත් objective reality ම තමා! ඒ මක්නිසාද යත් විද්‍යාව යනු කාලය සහ අවකාශය තුලම පවතින්නක් බැවිනි,එයට කාලයේ ආරම්භයට ප්‍රථම අවදියට පා තැබිය නොහැක(Time Before Time) and simply it can’t explain the Nondualism (Advaita!
R
August 16, 2010
First of all, I’m not Ritigala Jayasena. Sorry for any confusion caused by my name.
What Chitra and all the advocates of Mentalism don’t understand is, it doesn’t matter whether we live in a dream, a simulation, a world within a world, or whatever. For all practical purposes, the Universe that we live in can be deconstructed by science. If it’s beyond the realm of time and space, what’s the point of pursuing the “real” reality? What’s real is what we have here and now.
If I was a philosopher I would quote Satre and Camus, and bombard you with Absurdism. But I won’t stoop that low.
වෛදික
August 16, 2010
මනසට පිටතින් ලෝකයක් ඇද්දයි ෂුවර් නැති පිස්සනි. නුඹලා රෑට බිරිද සමඟ යහන් ගත නොවන්න. මන්ද ඔබගේ අතට අසුවන ඇයගේ මෘදු පියවුරු මේ ලෝකේ තියෙන දෙයක් නොවන බැවිණි.
චිත්‍ර.blogspot.com
August 17, 2010
මනසට පිටතින් ලෝකයක් ඇද්දයි ෂුවර් නැති පිස්සනි. නුඹලා රෑට බිරිද සමඟ යහන් ගත නොවන්න. මන්ද ඔබගේ අතට අසුවන ඇයගේ මෘදු පියවුරු මේ ලෝකේ තියෙන දෙයක් නොවන බැවිණි./////////
හිතවත ,විද්‍යාවේ පලවෙනි පාඩම මිනිස් ඇසහි ක්‍රියාකාරිත්වය පිලිබදව ඔබ වැඩිදුර විද්‍යාත්මකව අධ්‍යනය කරන්න.අපිට ඇස් 2 කෙන් කිසිවක් නොපෙනේ,ඇස්2 ක වනාහි ආලෝකය උරාගන්නා තැන පමණි,සියලු විශ්වයම ඔබගේ මනස තුලම මැවෙ.මෙන්න මේ විද්‍යාවේ පළමු පාඩම නොදන්නා ඔබ වැනි නවකයින් උදෙසමෛ මම The Holographic Universe beyond matter video එක quoteකලේ.කරුණාකර එය බලන්න,සුවපත්වේවා!
චිත්‍ර.blogspot.com
August 17, 2010
“If a tree falls in a forest and no one is around to hear it, does it make a sound?”
dawkinssdodo
August 17, 2010
does forest exist without an observer??
චිත්‍ර.blogspot.com
August 18, 2010
quote:වෛදික:මනසට පිටතින් ලෝකයක් ඇද්දයි ෂුවර් නැති පිස්සනි!
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
හිතවත , පිස්සන් යි ඔබ සිතන්නාවූ මනුෂ්‍යන් ගැන කියවෙන අපුර්ව චිත්‍රපටියක් මෙය,විවේකය ලද අවස්ථාවක නරබා නොමැතිනම් නරබන්න!
One Flew Over the Cuckoo’s Nest (1975)
චිත්‍ර.blogspot.com
August 16, 2010
Hi R,”If I was a philosopher I would quote Satre and Camus, and bombard you with Absurdism. But I won’t stoop that low.
මා විසින් යම් යම් videos, ලිපි quote කරනු ලබන්නේ ඒවායේ ඇති සත්‍ය/අසත්‍ය තාවය නිසා නොව මෙම ශේත්‍රයට ඇතුල්වන අදුනිකයාගේ දැනුම (info)පිනිසෛ. මෙම සංවාදයේ යෙදෙන බොහෝ අය යම් යම් සංකීර්ණ ඉහල මානසික පලවල ඉන්නබව මම දනිමි.මේවා ඔවුන් දන්නබවද මම දනිමි. quote කරනු ලබන්නේ එවැනි අය උදෙසා නොවන බව කරුණාවෙන් සලකන්න. හුදෙක්ම අදුනිකයාගේ යහපත සදහම පමණි.
චිත්‍ර.blogspot.com
August 16, 2010
සම්බන්දක රැහැන් සිද්ධාන්තය
http://chitthra.blogspot.com/2010/08/blog-post_16.html
චිත්‍ර.blogspot.com
August 16, 2010
Ritigala Jayasena said:
I can simply suggest that people should select their “beliefs” wisely by contemplating one what those beliefs have bring about to humankind. If you ask me, the belief of scientific method has improved the quality of human life since the day humans discovered that rubbing two dried sticks together is a consistent and predictable way to produce fire.”>>>>>
කොටු කැලි 2ක් අතුල්ලා ගිනි නිපදවීම වැනි මූලික සරල දෙයක්වත් මිනිසාම සොයාගත්තේ නැත(never Invented independently ) ,වනයේ වියලි ගසක අතු 2ක් එකට අතිලීමෙන් ලැව්ගිනි ඇතිවන ආකාරය ඔහු නැවත පරීක්ෂණය ,නිරීක්ෂණය , නිගමනය කල පමණ.
එදින එම සොයාගැනීම කල තැනැත්තා ලොවෙහි පලවෙනි ධනපතිය විය,ධනවාදය අරම්බ විය!
නමුත් ඔබ කියන ආකාරයේ ” improved the quality of human life” යන්න මුසාවාදයකි.නමුත් ඔබවැනි ධනවාදයේ දොරටුපාලයින්(scientists)නම් එදින සිට ජීවිතය වඩා යහපත් විය!සත්‍ය නම් එදින සිට සෙසු මිනිස් ජීවිතයේ පරිහානිය,දුක ,කරදර ,සෝක අරම්බ වූ බවෛ.!
විද්‍යාව යනු ධනවාදයේ කපටි ආරක්ෂකයාය!
තවත් සරලලෙස කියන්නේනම් විද්‍යාව යනු සක්විති රණසින්හෛ !
ඔබලා වැනි scientistsලා ඔහුගේ තැන්පත්කරුවන්මය!
චිත්‍ර.blogspot.com
August 17, 2010
නලින් සිල්වා පඩිවරයා දන්නවා මේ සත්‍ය ,ඔහු ඒ බව දන්නවා,දිනක සක්විති අතුරුදහන්වන බව,ඒ අනුව ඔහු උපකපනය කරනවා නුදුරු අනාගතයේදී විද්‍යාව බිදවැටෙන බව,
නමුත් රිටිගල ජයසේන පඩිවරයා වැනි ධනවාදයේ ආරක්ෂක මුර දේවතාවුන් දන්නවා ධනවාදය කොතරම් බලසම්පන්නවූ නොබිදිය හැකි self recovery system එකක් බව!
චිත්‍ර.blogspot.com
August 18, 2010
dawkinssdodo said:does forest exist without an observer??
good one lad! so-called scientists here knows even the universe cannot exist without an observer and it will be disappeared over the time, but as i tolled, they are just safeguarding their master capitalism(or මාරයා or the super-ego) and saying QUOTE” R:” please don’t use the Uncertainty principle as a means to enter the world of pseudo-science. I’ve gotten tired of explaining to people that we as scientists don’t give a shit about the Uncertainty principle.
චිත්‍ර.blogspot.com
August 18, 2010
QUOTE pubs; greart. thats true. idiats trying to combine sciece with religion. but science is based on perception. religion with beliefs. do not try to combine them. do not try to define one using other.>>>>>>>>>>>>>>>>>>>
REPLY TO THE ABOVE POST:dawkinssdodo said:does forest exist without an observer??
චිත්‍ර.blogspot.com
August 18, 2010
QUOTE pubs; greart. thats true. idiats trying to combine sciece with religion. but science is based on perception. religion with beliefs. do not try to combine them. do not try to define one using
QUOTE ප්‍රභාත් ගලගමගේ;විද්‍යාව හා ක්‍රිස්තියානි සංස්කෘතිය අතර නොබිදිය හැකි සම්බන්ධය තමයි මහා මැවුම්කරුවා ප්‍රශ්ණයට ලක්වී මහා මැවුම් කරුට “ඇඩ්ඩ්‍රස්” නැතිවීම.
QUOTE BF:විද්‍යාව ඇදහීමක් නොවේ. ඇදහීමක විමසීමට ඉඩක් නැත.
……………………………………………….
නූතන වාදී James Randi’s mindset පිළිබද හොද උදාහරණ කිහිපයක් ,පශ්චාත් නූතන වාදයේදී මේ තත්වය වෙනස්වී අපව නැවත ආගම (nondualism)දෙසටම රැගෙනයි!
චිත්‍ර.blogspot.com
August 18, 2010
බුදු රජාණන් වහන්සේ දෙසන ලද නිර්වාණය,කතෝලිකන් අදහන දෙවියන්වහන්සේ ත්,මුස්ලිම් බැතිමතුන් අදහන අල්ලාහ් ‘ත්,විද්‍යාවේ අදහන an observer මෙයම තමා=nondualism
චිත්‍ර.blogspot.com
August 18, 2010
R’ said:For all practical purposes, the Universe that we live in can be deconstructed by science.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
ඔබගේ ඉහත කියමනෙන් ධනවාදය ඔබව කෙතරම් මෝහනය කර තිබේදෛ ප්රතකෂාවේ!
අද විද්‍යාව යනුවෙන් ඔබ විග්රහ කරන “Science is an experimental beast පෙනීසිටින්නේ හුදෙක්ම 1700 වකවානුවේ පමණ මහා පරිමාණයෙන් ඇරබුණු ජඩ ධනවාදය වෙනුවෙනි.මේ වර්තමාන විද්‍යාවට ප්‍රථම පුරාණ ලෝකයේ එක විද්‍යාවක් නොව සිව් සැට විද්‍යාවන් තිබිණ,ඒවායින් දැනටත් වඩා ලෝකය,විශ්වය,ආත්මය විග්රහ කරනු ලැබිණ.
චිත්‍ර.blogspot.com
August 18, 2010
සිව් සැට විද්‍යාවන් යනු මොනවාද?
http://chitthra.blogspot.com/2010/08/blog-post_18.html
චිත්‍ර.blogspot.com
August 18, 2010
අද විද්‍යාව යනුවෙන් ගොඩක් අය මෝහයට පත්වී වන්දනාමාන කරමින් සිටින්නේ මෙන්න මේ සිව් සට විද්‍යාවන්ගෙන් එකක් වූ ධාතු වාදයමය!
චිත්‍ර.blogspot.com
August 18, 2010
quote:R
R’ said:For all practical purposes, the Universe that we live in can be deconstructed by science.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
අද අපි විද්‍යාව යනුවෙන් කරතබාගන ඉන්නේ බරවා කකුලක්මය!හොදෛ පුලුවන්නම් විද්‍යාව අනුව මිනිසා නිදාගන්නේ කුමක් නිසාද යන ඉතාම සරල ප්‍රශ්නයට උත්තරයක් ඕනෑම අයෙක් දෙන්න?
චිත්‍ර.blogspot.com
August 19, 2010
QUOTE” R:” please don’t use the Uncertainty principle as a means to enter the world of pseudo-science. I’ve gotten tired of explaining to people that we as scientists don’t give a shit about the Uncertainty principle.
>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>
හිතවත ,the Uncertainty principleනොමැති විශ්වයක තාරක දිලෙන්නේ නොමැතිබව වත් ඔබවැනිscientistකෙනෙකු නොදන්නා බව විශ්මයකි! ?
PLEASE WATCH:
What is quantum tunneling?
වෛදික
August 20, 2010
හිතවත් චිත්‍ර මහතානනි,
ඔබ බොහෝ දේවල් පිළිබඳ පබ ගාලක පැටලී සිටින බව පෙනේ. ඒ නිසා අනෙක් අයට යොමු කරන ඔබගේ ලින්ක් හා තවත් දෑ වඩා විවේක බුද්ධියෙන් කියවන්න, විමසන්න. ලොව සියලු දෑ භෞතිකයි යනු වෙන් කියන්නේ ඒවා අතට අසුවන නිසා නොවේ. ඒවා මනසේ නිර්මානයක් නොව මනස පවා භෞතිකයේ නිර්මානයක් නිසාය. මේවා සියවස් ගණනක් මිනිසුන් පොර බැදූ ප්රශ්නයන්ය. අද නිසැකවම සත්තාවේ ප්රාථමිකත්වය ඔප්පු කර හමාරය. මනසේ ක්‍රියාකාරිත්වය නියුරෝනවිද්යාව, පරිගණක විද්‍යාව ආදී විශයන් රැසක සංවර්ධනය මගින් මනසේ ක්‍රියාකාරිත්වය වඩා පැහැදිලි වී ඇත. එය භෞතික ලෝකයේ එක් කොටසකි.
චිත්‍ර.blogspot.com
September 8, 2010
වෛදික said;1/;
ලොව සියලු දෑ භෞතිකයි යනු වෙන් කියන්නේ ඒවා අතට අසුවන නිසා නොවේ. ඒවා මනසේ නිර්මානයක් නොව මනස පවා භෞතිකයේ නිර්මානයක් නිසාය.
………………………
ළමයා,විශ්වයේ සියලු භෞතික දෑ 4%කි ,ඉතිරි 96% ගුප්තය! This is known as the “missing mass problem”.
වෛදික said;2/;
මනසේ ක්‍රියාකාරිත්වය නියුරෝනවිද්යාව, පරිගණක විද්‍යාව ආදී විශයන් රැසක සංවර්ධනය මගින් මනසේ ක්‍රියාකාරිත්වය වඩා පැහැදිලි වී ඇත.
……………………..
මා වරක් කි පරිදි කිසිම විද්‍යාවකින් මිනිසා නිදා ගන්නේ කුමක් නිසාද,හීන දකින්නේ කුමක් නිසාද යන සරල ප්‍රශ්නයට පිළිතුරක් මේ දක්වා නැත!
danupath
November 18, 2010
විද්‍යාව එකකි, ආගම එකකි, දර්ශණය එකකි, සියලු දේ අනතතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න