Browsing All Posts published on »July, 2010«

දේශප්‍රේමී ඇබෑර්තුවක් තිබේ!

July 23, 2010

13

සර්ව පාක්ෂික සමුළුව අවසන් වූයේ යුද්ධය අවසන් වීමට පෙර ය. එහෙත් යුද්ධය අවසන් වීත් වසරකට වැඩියෙන් අප ගෙවා ඇතත් සර්ව පාක්ෂික සමුළුවට වූ දෙයක් නැත. ඇත්තටම එය බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබිණි. ජූලි 20 දින පාර්ලිමේන්තුවේදී එය නැවත මතක් කිරීමට එජාපයේ යෝගරාජන් මන්ත්‍රීවරයාට ඕනැ විය. වළ දාපු මිනී ගොඩ ගන්නට ඥාතීන්වත් කැමති නැත. ඒ නිසා […]

මුරලි අපේ වීරයා ය!

July 22, 2010

11

මුරලි අපේ වීරයා ය. ඒ ටෙස්ට් කඩුලු 800 ක් ගැනීම නිසා නොවේ. තව දුරටත් ක්‍රීඩාකිරීමට හැකියාව තිබියදීත් තරුණ ක්‍රීඩකයින්ට ඉඩ දෙමින් කණ්ඩායමෙන් සිය ක්‍රිකට් දිවියේ සැදෑ සමය එළඹෙන්නටත් පෙර ඉවත්වීම නිසා ය. සනත් ජයසූරිය නම් පසුව පරාජිකා වූ අපගේ අතීත විරයා ගිය අඩිපාරේ නොගොහින් තමන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය පමණක් නොව ක්‍රීඩාශිලිත්වය ද ඔහු විසින් ඒ හරහා […]

ඩෙංගු සතියක්! ඇයි සතියක්! දාමු මාසයක්ම!

July 22, 2010

2

බී ටී අයි බැක්ටීරීයාව නොගෙන්වා ආණ්ඩුව කළ සෙල්ලම නිසා ඩෙංගු වසංගතයක් බවට පත්වීම වැළැක්විය නොහැකිව තිබේ. මේ ගැන ක්‍රියානොකිරීම ගැන දොස් කියමින් අප සටහන් ලියන්නට පටන් ගත්තේ මේ වසරේ මාර්තු 3 දා සිට ය. https://beyondframe.wordpress.com/2010/03/03/10march03/ ඊට පසු ද සටහන් තුනක් අප විසින් ලියා ඇති අතර මේ මේ වසර සදහා ලියන සිව්වෙනි සටහන ය. ඒ වුනාට […]

බුද්ධ බාර් හරහා – මත වෙනුවට විකල්ප ආතල් එකක්

July 21, 2010

29

රටෙ බොහෝ ප‍්‍රශ්නයන් විසදා ඇති ආණ්ඩුව දැන් සැරසෙන්නේ ලෝක ප‍්‍රජාව මුහුණ දෙමින් ඉන්නා ප‍්‍රශ්නවලට විසදුම් සෙවිමට ය. මෙ ව්‍යාපෘතිය යටතේ ලෝකයේ විවිධ රටවල පවත්වාගෙන යනු ලබන බුද්ධ බාර් පිළිබඳව තොරතුරු එක්රැස් කරන ලෙස තනාපති කාර්යාල දැනුවත් කර තිබෙ. (තව පොඩ්ඩෙන් අමතක වෙනවා ය. ඒ නිර්මල බෞද්ධාගම රැකගැනීමෙ කොන්ත‍්‍රාත්තුව අරන් තිබෙන්නේ ශ‍්‍රී ලංකාවය යන කාරණය සමග […]

ජාතියට අවශ්‍යම ජාතිය ජනපති අනුරාධපුරේදී හෙළි කරයි.

July 20, 2010

11

ජාතියට අවශ්‍යම ජාතිය කුමක්දැයි ජනපති අනුරාධපුරේදී හෙළිකරයි. මේ ජූලි 17 දා ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශනය ස්වර්ණවාහිනිය විසින් සිය ප්‍රේක්ෂකයින්ට හදුන්වා දුන් අකාරය ය. ඒ කුමක් දැයි හිතමින් ඉන්නා මට බොහෝ දේ අනුමාන කරන්නට සිදුවිය. එකත් එකටම මේ කියන්නේ දේශප්‍රේමය ගැන විය හැකි ය. තුන්මුල්ලේ දී මියයන්නට ගිය දේශප්‍රේමය වතුර පොවා ගොඩගත් එකේ මතක සටහන් […]

ආදරණීය විමලේ

July 19, 2010

18

පත්තරයක පිටුවක් පුරා ලියා තිබූ උඹේ ලියුම දැකල මගේ බඩ පපුව හෝස් ගා පත්තු වී ගියේ ය. යමක් කරන්නට ට්‍රයි කොට බැරිවුනහම කෙරුවහම වගේ නෙවේ ය. වචන සෑහෙන්න නාස්ති කොට හේතු පැහැදිලි කරන්නට සිද්ධ වෙන්නේ ය. අනේ කොහොමට හිටි වීරයෙක් ද මෙහෙම දෙකේ කොළයට වැටුනේ කියා සිතෙන විට හිත වාවන්නේම නැත. උඹ නටපු තොවිලේ අන්තිමට […]

රතන හිමියන්ගේ ඩොලර් දාහ!

July 18, 2010

7

රතන හිමියන්ගේ අසපුව සාමාන්‍ය පන්සලකට වඩා සුඛෝපභෝගී යයි පැවසීම ඒ අසපුවට කරන මදි කමකි. ලෝකයේ අග්‍රගණයේ තරු පහේ හෝටල්වල පමණක් දැකිය හැකි නානකාමර කට්ටල සහිත විශාල නාන කාමරවලින් එය සමන්විත ය. ලංකාව ආසියාවේ ආශ්චර්ය බවට දැනටමත් පත්වී ඇතැයි සැක කරන අය අනිවාර්යෙන්ම ගොඩ වැදිය යුතු තැනකි ඒ අසපුව. ඩොලර් දාහ නැතිවී ඇත්තේ ඒ අසපුවේ පිහිටි […]

හැදෙන ගහ පෙත්තෙන් දෙපෙත්තෙන් දැනේ.

July 17, 2010

4

පොඩි එකෙක් දිවයින පත්තරයක් කියවමින් සිටියේ ය. මමත් ඔලුව දමා එය කියවන්නට හැදුවෙමි. මේ බලන්න අංකල් ප්‍රවෘත්තියක් තියෙනව ඩෙංගු මදුරුවන් ඇතිවන තැන් සොයා ගන්නා සිසුවෙකුට රු 1000 බැගින් තෑගි. බී ටී අයි බැක්ටීරියාව ‍තියෙන තැනක් හොයා ගන්න ඔත්තුවක් දෙන කෙනෙකුට කොච්චර දෙනවද දන්නෙ නැහැ නේ ද අංකල්. මෙන්න අංකල් තවත් ප්‍රවෘත්තියක් තියෙනවා. රතන හාමුදුරුවන්ගෙ අසපුවේ […]

ඩෙංගු කොමිටිය රැස්වෙයි. වාර්ථාව මෙසේ වෙතැයි Beyond Frame අනුමාන කරයි.

July 16, 2010

9

ඩෙංගු හැදී වෛද්‍යවරියක් මියගියා ය යන ආරංචිය ඇසූ රජතුමාට මල පැන්නේ ය. වහාම හේතු හොයා වාර්ථා කරන ලෙස කමිටුවක් පත් කරන ලද්දේ ය. කමිටුව විසින් සොයා ගනු ලැබීමට නියමිත දේ අතර පහත දේද වෙයි. ඩෙංගු සෑදීමෙන් මියගිය පළමුවැන්නා මේ වෛද්‍යවරිය නොවේ. තව බොහෝ දෙනෙකු මේ වනවිට මිය ගොස් තිබේ. බෝම්බවලට පමණක් නොව මදුරුවො කාලා ද […]

තුම්මුල්ලේ සොමෙ රට වෙනුවෙන් ලොකුම කැප කිරීම ද කරයි!

July 15, 2010

13

පාරේ යන විට හිටි හැටියේ පෝලිමක් දැකිය හැකි වෙයි. හොදින් විපරම් කර බැලුවොත් ඒ බොහෝ විට තනාපති කාර්යාලයකි. මිනිසුන් පෝලිමේ පොරකන්නේ වීසා ගන්න ය. ඒ ඇරෙන්න ‍මිනිසුන් පොදිකන තැන් තව කීපයකි. හැදුනුම් පත් කාර්යාලය, පාස්පෝට් ඔපීසිය හා විදේශ සේවා නියුක්ති කාර්යාලය ඒ අතර වෙයි. ඒ හැම එකක්ම රටින් පිට යාම සම්බන්ධව ය. ලංකාවේ ප්‍රධාන ‍විදේශ […]