හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ ද එජනිසංධානයෙන් මෙවර මහචන්දයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ද චන්දන කත්‍රිආරච්චි මහතා චුදිතයෙක් වී සිටින නඩුවේ ජූරි සභාවේ සමාජිකයින් වෙත මරණ තර්ජන එල්ල වී ඇති නිසා ජූරිය ඉවත් කිරීමට අධිකරණය තීන්දුකොට තිබේ.
http://www.dailymirror.lk/index.php/news/5358-jury-dismissed-over-threat.html
ඒ ගැන අධිකරණයට දොස් කියන්න බැරිය. අහිංසක මිනිසුන් බිල්ලට දී අධිකරණයක් පවත්වාගෙන යෑමේ තේරුමක් නැතැයි අධිකරණය කල්පනා කරන්නට ඇත.
එසේ වුව ද අධිකරණයට නව ජූරියක් පත් කරන්නට මේ අනුව සිදුවේ නම් එයින් ඇතිවන ඵලක් නැත. මක්නිසා ද යත් ඒ අයට ද මරණ තර්ජන එල්ලවිය හැකි නිසා ය.
මේ නඩුවට දැනටමත් වසර 14 ක් ගතවී ඇත.
ජූරියක් නැතිවම නඩුව අහන්නට අධිකරණය තීරණය කරතොත් ඊළගට තර්ජනය එල්ලවිය හැක්කේ නඩුකාරයාට ය. එවිට නඩුකාරයාට ද අස්වන්නට සිදුවේ. නැතිනම් තමන් බිල්ලට දී හෝ නඩුව අසන්නට සිදු වේ.
නඩුකාර තුමනි, ජූරි සභාව බේරා තමන් බිල්ලට දීම මේ යුගයේ කළ හැකි ලොකුම මෝඩකම ය.
මට නම් හිතෙන්නේ ඔච්චර දිග පාරක නැතිව යා හැකි කෙටි පාරක් අප සතුව ඇති බව ය. අතීතයේ අප රටේ රජ කම් කළේ යැයි කියන කැකිල්ලේ රජතුමා අපට මෙහිදී ආදර්ශයට ගත හැකි ය.
ඒ අනුව ඇත්තටම තිබුනේ චුදිතයා නිදහස් කර ඔය තරම් බලවත් නැති චුදිතයෙකු ඒ වෙනුවට නඩුවට දැමීම ය.
එහෙම කරා නම් ජූරි සභාවත් බේරි නඩු කාරයාත් බේරි නඩුවත් විසදෙන්නේ ය. මේ ගෙවී යන්නේ ඉස්සර රජකාලේ දේවල් කරන යුගයක් නිසා එයට කවුරුවත් මුකුත් කියන එකකුත් නැත.
අපට නන්දාමාලිනිය ගැයූ පරණ ගීතයක් මතක් වුනේ ය. එහි එක පදවැලක තිබුනේ ‘කුමට මෙරට අධිකරණය නීතිය හා විනිසුරන්’ කියා ය. දැන් නන්දාමාලනීයවත් එහෙම කියන්නේ නැත. ඒ නිසා නඩුකාරතුමනි, තමන්ගේ ආරස්සාව තමන්ම සළසා ගන්නා එක හොද ය.
ජූරි සභාව මරණයෙන් නිදහස් කළ ඔබට තිස්තුන් කෝටියක් දෙවිදෙවතාවුන්ගේ සරණයි. කට කහනවාට එහෙම කිව්වාට ටිකක් පරිස්සමෙන් ඉන්නට ඔබ සිහියට ගනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.
ගුස්ති ලාල්
July 27, 2010
අපේ ගේ පැත්තෙ ඉන්නව මුකුත්ම කර ගන්න බැරි හැම තිස්සේම අයියෝ මැරුණ නම් මීට වඩා හොදයි කියල ජීවත්වෙන මිනිහෙක්. චෝදනාව මිනීමැරමක් නිසා මිනිහව චුදිතයව කර ගත්තනම් මිනිහගෙ වැඩෙත් ගොඩින්ම කර ගන්න තිබුන. සෑර් දන්නවනම් නඩුකාර හාමුදුරුවන්ගෙන් අහල බලන්නකො. මං වැඩේ සෙට් කොරන්නම්.
Danfun
July 28, 2010
සුභ අනාගතයක් , ශ්‍රී ලංකා මව්නී …
පද්දා
July 29, 2010
මෙ කතාව ඇත්ත ද හැබෑට?