ඩෙංගු සතියක්! ඇයි සතියක්! දාමු මාසයක්ම!

Posted on July 22, 2010



බී ටී අයි බැක්ටීරීයාව නොගෙන්වා ආණ්ඩුව කළ සෙල්ලම නිසා ඩෙංගු වසංගතයක් බවට පත්වීම වැළැක්විය නොහැකිව තිබේ.

මේ ගැන ක්‍රියානොකිරීම ගැන දොස් කියමින් අප සටහන් ලියන්නට පටන් ගත්තේ මේ වසරේ මාර්තු 3 දා සිට ය.

https://beyondframe.wordpress.com/2010/03/03/10march03/

ඊට පසු ද සටහන් තුනක් අප විසින් ලියා ඇති අතර මේ මේ වසර සදහා ලියන සිව්වෙනි සටහන ය.

ඒ වුනාට ආණ්ඩුව නෑසු කන් ඇතිව සිටියේ ය. ආණ්ඩුවට කහින පිංගුත්තරයෝ ද පණ්ඩිත කතා කියමින් අපට එරෙහි වූහ. උන්ගේ මැදිහත්වීම් ද කෙසේ විනි දැයි ඉහත සම්බන්ධයෙන්ම දැක බලා ගත හැකි ය.

ආණ්ඩුව මර නින්දෙන් අවදි වෙලා වගේ පෙන්වන්නට දැන් නොකරන දෙයක් නැත. ආණ්ඩුවට කැස්ස පිංගුත්තරයින් නම් දැන් ඩෙංගු හැදිලාද කොහෙද පේන්නවත් නැත.

ඩෙංගු කාර්ය සාධන බලකායක් ප්‍රකාශ කළ ආණ්ඩුව දැන් සැ‍රසෙන්නේ ඩෙංගු සතියක් ප්‍රකාශයට පත් කිරීමට ය.

ඇයි සතියක්. ප්‍රකාශ කරන්නකො මාසයක්!

ඩෙංගු රෝගයෙන් වෛද්‍යවරියක මියගිය කල රජතුමා ඒ ගැන සොයන්න කොමිටියක් පත් කළේ ය.

ඇයි එකක්. දාන්නකො එක මරණයකට එකක් ගානෙ 159 ක්ම!

ඉස්සරහට මැරෙන හැම පුද්ගලයෙක් පිළිබදව සොයා බැලීමට ද කොමිටිය බැගින් පත් කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

බී ටී අයි දාන්න පරක්කු වෙනවා නම් ආණ්ඩුවේ ගැලවිල්ලට තවත් යෝජනා කීපයක් අපට කළ හැකි ය.

  • දිනපතා ඩෙංගු පැයක් ප්‍රකාශයට පත් කළ හැකි ය.
  • හැම ගුවන් විදුලි සේවයකට ඩෙංගු විකාශනයක් ආරම්භ කරන ලෙස නීති දැමිය හැකි ය.
  • හැම පත්තරයකම ඩෙංගු පිටුවක් වෙන් කළ හැකි ය.
  • හැම පන්සලකම ඩෙංගු කංකාරියක් පැවැත්විය හැකි ය.
  • හැම ප්‍රාදේශීය සභාවකටම ඩෙංගු නිලධාරියෙක් පත් කළ හැකි ය.
  • හැම ආයතනයකම ඩෙංගු සම්බන්ධීකරන නිලාධාරියෙක් පත් කළ හැකි ය.
  • ඩෙංගු ඇමති අනුකමිටුවක් පත් කළ හැකි ය.
  • පොලීසියේ ඩෙංගු මර්දන ඒකකයක් ඇති කළ හැකි ය.
  • ඩෙංගු මර්දන බලකායක් ප්‍රාදේශීය මට්ටමෙන් ආරම්භ කොට පවත්වා ගෙන යා හැකි ය.
  • හැම ගමකටම ඩෙංගු නියාමක නිලධාරියෙක් පත් කළ හැකි ය.
  • ඩෙංගු වලින් මියයන අය සමරන්නට ජාතික ගීයෙන් පසු සෑම දවසකම මිනිත්තු 2 ක නිශ්ශබ්දතාවයක් පැවැත්විය හැකි ය.

බී ටී අයි බැක්ටීරියා කවදා ගේන්න බැරිද? ඔය කියපු වැඩ ටික ඔහොම කරගන යං කො. ඔහොම යං. ඔහෝමම යං.

(කාට ද ආඩම්බර? ලෝක සෞඛ්‍ය සංවිධානයේ සභාපති වූයේ ද ලංකාවේ හිටපු සෞඛ්‍ය ඇමති ය. බී ටී අයි බැක්ටීරියා ගෙන්වන්නට ගන්ඨා නාද කරමින් අමුඩ ගැසුවේ ද එතුමාගේ කාලයේ ය.)

Posted in: Uncategorized