අනිච්ඡාවත සංඛාරා!

Posted on July 14, 2010



විමල් වීරවංශගේ අදාහන උත්සවය විශාල ජන ගංගාවකගේ සහභාගිත්වයෙන් ඊයේ බොරැල්ල කනත්තේ දී  සිදුවිය.

රජයේ ඇමතිවරු දේහය කරින් ඔසවාගෙන ජනතාව සමග පෙරහැරෙ ගමන් කළ අතර පෙරහැර ඉතාම දිග වූ නිසා පෙරහැර අවසන්වීමට පෙර අවමංගල සභාවෙ වැඩකටයුතු ආරම්භ කිරීමට සංවිධායකයන්ට සිදුවි ය. අතරමග කීප වතාවක්ම නවත්වමින් ඉතාම හැගුම්බරව කළ ජනාධිපතිතුමාගේ දේශණයෙන් පසු රැස්ව සිටි ජනයාගේ ඇඩුම නිසා අවමංගල සභාවෙ කටයුතු මඳකට නතර කිරීමට සිදුවූ බව වාර්ථාවෙ.

දිවයිනේ නන් දෙසින් පැමිණි ජනතාව නිසා කොළඹ පාරවල් බොහෝමයක වාහන ගමනාගමනය ඇණහිට තිබිණි.

ඔහු ගිය මග යන්නට සැරසී සිටින තරුණයින් විසින් දිවයිනේ ප‍්‍රධාන නගර ගණනාවක ආරම්භ කර ඇති උපවාසයන් නිසා මුලු රටම එකම සටනකට සැරසෙන්නාක් මෙන් දිස් විය.

තමන්ගේ රැකියා එපා කියා එජාසංවිධානයේ ශ‍්‍රීලාංකික සේවකයින් ඊයේ ඉල්ලා අස්වීමෙ ලියකියවිලි බාර දුන් අතර අද උදේ  බෑන් කී මූන් විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිත ව තිබිණි. එය සිය උපදේශක කමිටුව ඉල්ලා අස්කර ගැනීම විය හැකි බව සමහර එජා ආරංචි මාර්ග පවසන අතර ලැබී තිබෙන තොරතුරුවලට අනුව බෑන් කී මූන් ද තනතුරෙන් ඉල්ලා අස්වෙනු ඇතැයි රොයිටර් සේවය අනාවැකියක්ද පළ කර ඇත්තේ ය. එසේවුවහොත් ඉතිහාසයේ මහලේකම් පදවිය සම්බන්ධයෙන් ඇතිවූ ලොකුම අර්බුදය මෙය විය හැකියයි එජා සංවිධාන ආරංචි මාර්ග පවසයි.

විසිඑක් වැනි සියවසේ ගාන්ධී ලංකාවෙන් පහළ වී ඇති අතර ලංකා ගාන්ධි වෙනුවෙන් සමරු ඵලකයක් තුන්මුල්ල හංදියේදී  ඉදිකිරීමට රජය තීරණය කර ඇත.

මෙ අතර ශෝක සතියක් රජය විසින් ප‍්‍රකාශ කර ඇති අතර විමල්ට නිවන්සුව පතා සියලු පන්සල්වල දානමානමය පින්කම් පැවැත්වීමට අවශ්‍ය කටයුතු ත්‍රෛනිකායික භික්ෂුන්වහන්සේලා විසින් සූදානම් කර ඇත.

ශශී වීරවංශ මැතිණිය නව නිවාස ඉංජිනේරු සේවා හා ඉදිකිරීම් අමාත්‍යවරිය ලෙස අනිද්දා දිවුරුම් දීමට නියමිත ය.

ශෝකය වාවා ගත නොහැකිව ගුණදාස අමරසේකර මැතිදුන්ට හෘදාබාධයක් වැළදී ඇතැයි වාර්ථාවන අතර තත්වය එතරම් බරපතල නැතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

මෙ අතර විමල් වීරවංශගේ ජයාරූප බැනර් හා කොඩිවලට ඇති ඉල්ලුම නිසා අලුත් කර්මාන්ත වල වර්ධනයක් පෙන්නුම් කෙරෙන අතර රටෙ වර්ධන ඉලක්ක සියල්ල ඉක්මවමින් 2011 අධික සංවර්ධන වසරක් වෙ යැයි ආර්ථික ක්ෂේත‍්‍රයේ කතා බහ වෙමින් තිබෙයි. මෙ අනුව මහ බැංකුව ආර්ථික ඉලක්ක ප‍්‍රතිසංශෝධනය කිරීමට බලාපොරොත්තුවෙමින් සිටී.

එතුමා සම්බන්ධයෙන් අප විසින් කරන ලද සියලු දෝසාරෝපණ ඉල්ලා අස්කර ගැනීමට අප තීන්දු කර ඇති අතර එතුමාට නිවන් සුව ප‍්‍රාර්ථනා කරමු.

(උඹට පිස්සු! ඊයේ තිබුනෙ එතුමාගෙ මෑණියන්ගෙ අවමගුල)

අනිච්ඡාවත සංඛාරා!

Advertisements
Posted in: Uncategorized