ජයග්‍රහණයෙන් මෙපිට සටන අතහැර දමන්නේ නැත!

Posted on July 12, 2010



දේශප්‍රේමීන් විසින් එජා සංවිධානයේ මහාලේකම්වරයාට විරුද්ධව දියත් කළ සටන අවසන් නැත.

එය මෙවර ලෝක ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කරවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

රජතුමා සටන තමන් වෙතට පවරා ගත් නමුත් ඒ ගැන විශ්වාසයක් විමල්ට කෙසේ‍ වෙතත් ජාතික නිදහස් පෙරමුණට නම් නැති බව එයින් අප තේරුම් ගත යුතු ය.

සමහරවිට ඒවා ලංකාවේ පවත්වාගෙන ගිය ආකාරයේ මාරාන්තික උපවාස සමග කරන කාර්යාල වැටලීම් හා කාර්යමණ්ඩලය හිරකිරීම් නොවන්නට ද පුලුවන. තවම ඒ ගැන තීන්දුවක් ද නැත.

ඇත්තටම ලජ්ජාවක් නැති මිනිසුන්ට මේ සටනත් කරන තෙක් කට ඇරගෙන බලන් ඉන්නට පුලුවන. නැත්නම් පැරද නගුට අකුලා ගෙන යන ගමන් බල්ලන් කරන සිහින් කෙදිරියක් වැනි වැඩක් ලෙස සළකා මේ කණුකුණුව අමතක කර දමන්නට ද පුලුවන.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලාංකික කාර්යාලයේ ප්‍රධානියා තමන්ට ලද කැදවීම අනුව නිව්යෝර්ක් බලා ගොස් ඇති අතර ඒ නිසාම නැගෙනහිර පුනරුත්ථාපන කටයුතු පරීක්ෂාකර බැලීමට පැමිණීමට නියමිතව සිටි ඒ සදහා ආධාර දෙනු ලබන රටවල නියෝජිත කණ්ඩායම තම ගමන අවලංගු කර ඇත.

සටන අවසන් නැතත් සටනේ ප්‍රථිඵල නම් අපට ලැබෙමින් තිබෙන බව ඒ අනුව පැහැදිලි ය.

අපේ රටට දෙවියන්ගේ පිහිටයි. ආරක්ෂාවයි.

Meanwhile a high profile UN delegation which was scheduled to carry out a four day inspection tour of its projects in the Eastern province today, cancelled the visit as a result of Buhne’s departure to New York.

The UN delegation comprising the representatives of donor countries that provide economic aid through the UN were to meet the Governor of Eastern Province, the Chief Minister of the East and the Trincomalee government agent during the tour.

Meanwhile the NFF today stated that it will launch new protests against the United Nations office in Colombo demanding that the UN Secretary dissolve the three member panel appointed on Sri Lanka. NFF also said that protests will be held against the UN in Geneva, Britain, Switzerland, Italy, France and Germany.

http://www.dailymirror.lk/index.php/news/5031-buhne-returns-to-new-york.html

Posted in: Uncategorized