විමල් වීරවංශගේ හරා කිරි

Posted on July 6, 2010



විමල් වීරවංශ වීර ඉල්ලීමක් කළේය. ඒ ජනයාට එක්සත් ජාතීන්ගේ සංවිධානය වටකරන ලෙස ය. එහෙත් අලුයම ලූ කෙළ පිඩක් තරමට හෝ නිශා යාමයේ ගිය පඩයක් තරමටවත් සැළකිල්ලක් ජනයාගෙන් ඊට ලැබුනේ නැත.

එය විමල් වීරවංශගේ පුද්ගලික මතය විනා ආණ්ඩුවෙ මතය නොවෙ යයි කියා ආණ්ඩුව කර ඇරියේ ය.

වීරයාට දැන් සිද්ධ වි ඇත්තේ හරා කිරි කිරීමට ය.

ඉතින් අප යෝජනා කරන්නේ වඩාත් නම්බු කාර හරාකිරියකි.

ඒ බෑන් කී මූන් මෙ කමිටුව අකුලාගන්නා තෙක් මරාන්තික උපවාසයක යෙදෙන්න ට ය.

අඩුවශයෙන් තමන්ගේ වීරයා බෙරා ගැනීමට තියෙන වුවමනාවට වත් ජනයා එවිට එක්සත් ජාතීන්ව වට කරගන්නවා ඇත.

එහෙම නොවුනොත් නම් නොන්ඩිය. අපට නොවෙ. රටට ද නොවෙ. විමල්ට ය.

හැබැයි කාලෙක සිට නෝන්ඩිවුනු තරමට ඔකත් නොන්ඩියක්දැයි විමල්ට සිතෙන්නට පුලුවන.

සුනිල් මාධව පේ‍්‍රමතිලකටවත් පුලුවන්නම් විමල්ට ඔක නම් නෝන්ඩියක්ය කියා පැහැදිලි කර දෙන්නට පුලුවන් නම් හොද ය.

මරාන්තික උපවාසයක් කරන්නට ඉදිරිපත් වේ නම් රෑට රෑට හොරෙන් ගෙනත් දීමේ කාර්යය උපවාස කරලා පලපුරුදු භික්ෂු පෙරමුණකට බාර දිය හැකි ය.

විමලේ උඹේ නම බේරාගැනීමට නම් දැන් ඉතින් බොරුවට හරි උපවාසයක් ආරම්භ කළ යුතු ය. මේ කියන්නේ උඹේ හොදට ය. එය වුවමනා නම් පස්සේ ආණ්ඩුව ලවාම කඩාකප්පල් කරගෙන උඹ‍ට ගොඩින් ෂේප් වෙන්නට බැරි කමක් නැත.

එකම පරහකට ඇත්තේ රුසියාව කියූ දේවත් ගනන් නොගත් බෑන් කී මූනයා විමල් වීරවංශව ගනන් ගනී ද යන්න ය. ඇත්තටම මේ යකාට මෙච්චර ගටක් ආවේ කොහින්ද? එකත් එකටම එන්ජීඕවලින් පොරට අපට වගේ ඩොලර්වලින් ගෙවනවාදැයි සොයා බැලිය යුතු ය. මේකා නම් ගිය ආත්මේ රටේ සතුරෙක් විය යුතු ය. 1958 දෙමල කොලාහල කා‍ලයේ මරා දැමූ දෙමළෙක් වෙන්නට බැරි ද?

Advertisements
Posted in: Uncategorized