සැකයක් තිබුනේ නම් ඒ සැකය ඊයේ විමල් බොරු කළේ ය

Posted on July 1, 2010



විමල් වීරවංශ කටවාචාලයෙකැයි කිසිවෙකුට හෝ සැකයක් තිබුනේ නම් ඒ සැකය ඊයේ විමල් බොරු කළේ ය.

එක්සත්ජාතීන්ගේ ලංකා කාර්යාලය වටලා එහි සිටින නිලධාරීන්ට එලියට යන්නට නොහැකිවන පරිදි හිරකර තබන්නැයි ඔහු ජනයා උසි ගැන්වූයේ ය.

කොටියා පරදවා ජයගත් අපිට එක්සත් ජාතීනුත් මහකජ්ජක් දැයි විමල්ට සිතෙන්නට ඇත.

මට මතක් වුනේ සරසවියේ හිටිද්දී අන්තරෙ කොල්ලෙකුගේ විධානයකි.

විමල් සරසවියට ගියා දැයි මා දන්නේනැත. ගියා නම් ඒකොලු කාලයේ කළ දේ දැන් මෙ විදිහට රගදක්වා ආතල් ගන්නට හිතෙන එකක් නැත.

විමල් විහිළුවට කී දේ (එසේ වූයේ යැයි උපකල්පනය කිරිමට අප කැමති ය. නැත්නම් එන්න එන්නම රට ජෝක් එකක්ම වෙන නිසා ය.) ජනයා ඇත්තට ගත්තේ නම් විය හැකිව තිබුනේ ව්‍යාසනයකි.

කට මැත දොඩන්නන් හා නායකයන් වෙන්ව අඳුනා ගැනීමට තවමත් මිනිසුන් සමත්ව තිබීම එක් අතකින් රටෙ වාසනාවකි (අපගේ මෙ උපකල්පනය කවුරුන් හෝ පිස්සු රැලක් විසින් හෙට අනිද්දා අවලංගු නොකරනු ඇතැයි අපි සිතමු).

රටක ජනතාවට ලැබෙන්නේ තමන්ට ගැලපෙන නායකයිනි.

නායකයින්ගෙන් උන් කරන කියන වැඩවලින් අපත් ඇතුළු රටෙ මිනිසුන්ගේ බුද්ධිය විද්‍යාමාන වෙනවා ය. අපට ලජ්ජාවක් ඇති නිසා මෙ විද්‍යාමාන වන බුද්ධිය ගැන අපේ අප‍්‍රසාදය මෙසේ පළ කර සිටිම්හ. වෙන මොනවා කරන්නද?

හෝව් මොහොතකට නවතින්න. මට මරු කල්පනාවක් ආවෙ ය. තව කරන්න වැඩ ගොඩක් තිබෙ.

දෙනවා යයි කියු රු 2500 දෙන ලෙස ඉල්ලා පාර්ලිමෙන්තුව වට කරල දෙනකම් කට්ටියව ඇපේට තියාගැනීම ඉන් එකකි.

අයින් කරනව කියපු විධායක ජනපති කම අයින් කරන කම් නැගිටින්නෙ නෑ කියල ජනාධිපති කාර්යාලය හරි නිල නිවාසෙ හරි වැටලීම අනෙක ය.

විමල් සහෝදරයා අතීතයේ පෙනී සිටි ඒවා දිහා බැලුවහම ඔය දෙකටම නෑවිත් ඉන්න එකක් නැත.

ඒ ගැනත් යම් සැකයක් ඇත්නම් එය ද සැක හැර දැනගන්නට ඒ අනුව කදිම අවස්ථාවක් උදාවෙ. බලාගෙන ගියහම හැම දේම වෙන්නේ හොඳට ය.

Posted in: Uncategorized