එල්ලාවල මේධානන්ද හිමියන්ට හෙළ උරුමයේ නායකත්වය අහිමි වෙලා ය. පුරා විද්‍යා චක්රවර්තීට ඉතිහාසයේ කුණු බාල්දියට නොවැටී සිටින්නට නම් හෙළ උරුමයට වඩා හයිය අත්තක් දැන් අල්ලා ගත යුතුව තිබේ. එහෙම අතු නැතුවා නොවේ.
එතුමා අප කීවත් නැතත් එහෙම අත්තක දැන් එල්ලෙනු ඇත්තේ ය. තමන් වෙනත් පක්ෂයකට සම්බන්ධවීමට හෝ තමන්ගේම පක්ෂයක් ගොඩනැගීමට හෝ කටයුතු කරන්නට බලාපොරොත්තුවන බව එතුමා දැනටමත් කියා ඇත.
ඉදින් ඒ අත්තට ගොඩ නැගීමට හෙළ උරුමයේ තවත් අය ඉදිරිපත් වේ නම් ජාතික නිදහස් පෙරමුණ මෙන්ම ජාතික හෙළ උරුමයක් හදා ගෙන පැරණි විදිහට නායකකම් කිරීමේ හැකියාව එතුමාට නැතිවා නොවේ. ඒ සදහා ඇත්තේ ලංකාවේ තවත් එවැනිම දේශප්‍රේමීයෙක් වූ විමල්වීරවංශ ගිය පාරේ යාම ය.
එහෙම වුනොත් මහින්ද රාජපක්ෂ රජතුමාට තමන් නිසා බිදී නොගිය එකදු පක්ෂයකුදු නැතැයි වගාඩම්බර කියන්නට පුලුවන.
ඇත්තටම එහෙම කළාවුවත් ජනතා විමුක්ති පෙරමුණට මෙන් මහින්දගෙන් පලි ගන්නට හෙළ උරුමයට බැරි ය. ඒ නිසා දිව විකාගෙන උන් මහින්දත් සමගම හිටිනු ඇත්තේ ය. හරියට තමන්ගේ නායකත්වයට පිටුපාමින් ආණ්ඩුව සමග එක්වූ නන්දන ගුණතිලකයන් ආණ්ඩුව බාරගත් පසුවත් දිව විකාගෙන ආණ්ඩුව සමග කල්ගෙවන විමල් වීරවංශ පරිද්දෙනි.
එකිනෙකා සමග කුලල් කා ගන්නේ නැතිව ඉන්න බැරි අමාරුවක් දේශප්‍රේමීන්ට තිබේ. එල්ලාවල මේධානන්ද සිද්ධියෙන් ද නැවත වරක් පෙන්නුම් කරන්නේ ඒ අමාරුව එන්න එන්නම අසාධ්‍යවන බව ය.
මේ එක් පැත්තකින් රංගෙ බණ්ඩාරලාට ද රජතුමා ශක්තිමත් කිරීමට හිත යෙදී තියෙන පසුබිමක ය.
ඒ එකතු වෙන විදිහට මේ මැට්ටන්ට ඕන දෙබරයක් හෝ දබරයක් කියා යූ ඇන්පී එකේ ටීම් එකකින්ම රට පාලනය කරන්නට මහින්ද කල්පනා කරනු ඇත්තේ ය. දැනටම කියා එහෙම ලොකු වෙනසකුත් නැත්තේ ය.
මේධානන්ද හාමුදුරුවන් දහම් පාසල් ගියා නම් මෙහෙම ප්‍රශ්න එන්නේ නැත. මට හිතෙන්නේ ඒ දවස්වල ඉරිදා ටියුෂන් තිබුණු නිසා දහම් පාසල් යන්නට එතුමාට බැරිවෙන්නට ඇත.
ඉදිරි ලංකාවේ දේශප්‍රේමීන්ට නම් මෙසේ කුලල් කා ගන්නේ නැතිව ඉන්නට පුලුවන් වනු ඇත. ඒ දැන් ලද අවසරයෙන් දහම් පාසල්වලට යන සෙනග වැඩිවී ඇති නිසා ය.
ආවෘත
June 30, 2010
There was a talk that section of Hela Urumaya has already formed a new party. If that is true, many have not got the opportunity to attend Dhama Pasal.
Sorry ma thamai.
Thisara
June 30, 2010
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්මන්පිළ පැවසුවේ “අපේ රෙදි සෝදන්නේ බාත්රෑම් එකේ, ඒවා කාටවත් පේන්නේ නැති” බවය. එහෙත් ඒවා වේලෙන්නට දමන්නේ එළියේ බවත් එවිට සියල්ලන්ටම සේදුවේ මොනවාදැයි පෙනෙන බවත් ඔහුගේ “එළකිරි” මොලයට වැටහුනේ නැත.
නායකත්වය වෙනස් කරන්නට අදහසක් ඇති බව උන්වහන්සේට කියන්නට තරම්වත් සදාචාරසම්පන්න නොවීම ම අපගේ ළමයින් සදාචාර සම්පන්න කරන්නට යන අයගේ “සදාචාරය” පෙන්වීමකි.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමයට සිදුවෙන්නට නියමිත ය. ඊයේ අයවැයෙන් පසු “මරු අයවැයක්” බව උන්වහන්සේ කීවේද එහි එක් කොටසක් වශයෙනි.
vibuthi
June 30, 2010
//එහෙත් ඒවා වේලෙන්නට දමන්නේ එළියේ බවත් එවිට සියල්ලන්ටම සේදුවේ මොනවාදැයි පෙනෙන බවත් ඔහුගේ “එළකිරි” මොලයට වැටහුනේ නැත.//
😛
Jesika Madhushani
July 1, 2010
තිසරට එච්චර සිංහල දැනුමක් නැහැ වගේ. කුණු රෙදි හංගන් හෝදන්නෙ රෙදිවල ගෑවිලා තියෙන කුණු අහළ පහළ උදවිය දකින එක වළක්වන්න මිසක් කුණු ගෑවුණේ මොන රෙදිවලද කියන එක රටේ ලෝකෙ මිනිස්සුන්ගෙන් වහගන්න නෙමේ. කුණු ටික හේදුනාට පස්සෙ ඒ රෙදි කවුරු දැක්කත් ඒකෙ ප්‍රශ්ණයක් නැහැ.
මට පේන්නෙ ඔයා මේ කතාව අර හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කියන එකත් එක්ක පටලවගෙන වගේ. අනිත් අයගෙ මොළේට හිනා වෙන්න කළිං සිංහල ටිකක් ඉගෙන ගන්නවනම් තමයි හොඳ.
Thisara
July 1, 2010
ඔන්න නංගි අපි දෙන්න ගමනක් යනවා. ඔයා ඇදන් යන්නේ අර මල් මල් සාරිය. මේ දවස් වල කපල්ස් පොලෝසියෙන් එළෝන නිසා අපි ගහක් යට ඉදගන්නවා. අපි දෙන්න ඉතින් රට ජාතිය ආගම ගැන කතා කරලා නැගිටින කොට තාප්පෙට කෙළවෙලා. මල්ල මල් සාරියේ මඩ ගොඩායි. දැන් ඔයා ගෙදර ගිහිල්ලා සාරිය බාත්රෑම් එකට අරගෙන ගිහිල්ලා සන්ලයිට් හරි වොඩන්ඩර්ලයිට් හරි දාලා හෝදනවා. නැත්තම් වොෂින් මැෂිං එකේ දානවා. ඊට පස්සේ වැලේ දානවා. හැබැයි අල්ලපු ගෙදර ඉන්න ඇම්ඩන් කොල්ලා ඔයා මේ සාරිය එදා ඇදන් යනවා දැකලා තියෙනවා. ආපහු එද්දි මඩ ගෑවිලා තියෙනවාත් දැකලා තිනෙවා. (ඔයා ඇම්ඩන් ගැන අහලා තියෙනවානේ.) අම්මට සිරි මඩ ගෑවුණ සාරිය හෝදලාත් තියෙනවා. බඩුම තමා.
රෙදි සෝදන්නේ කුණු ගෑවුණු විටය.
සේදු විට රෙදි වේලෙන්නට දමයි.
එමනිසා සෝදා ඇත්තේ කුණු ගෑවුණු රෙදිය.
ගණන් ගන්න එපා නංගී, ටිකිරි මොළේනේ….
යකඩ නවන්න බැරිවුනාම රත් කරලා නවනවා. භාෂාවත් ඒ වගේ අවශ්‍ය තැනදී අවශ්‍ය විදිහට යොදා ගන්නවා.
Jesika Madhushani
July 1, 2010
තිසර,
උත්තරයක් දෙන්න ඕනෙ කමට මොකක් හරි උත්තරයක් දෙනවට වඩා මං කියපු දේ තේරුම් අරං උත්තරයක් දුන්න නම් නේද හොඳ. ඔයා මේ කරල තියෙන්නෙ උත්තරයක් වගේ පේන්න පල් හෑල්ලක් ලියන එක.
දැං ඔයාම කියනවනෙ ඇම්ඩන් මං කුණු ගෑවිච්ච සාරිය ඇඳන් එනව දැක්ක කියල. ඉතිං එහෙම නම් ඇම්ඩන්ට මගෙ සාරියෙ කුණු ගෑවී තිබුණ බව තීරණය කරන්න මං ආපහු ඒක හෝදල වැලේ දානකම් ඉන්න ඕනෙ නැහැනෙ. මෙතන සාරිය හංගන් හෝදන්නෙ සාරියෙ ගෑවිලා තිබුණෙ මොන කුණුද කියල නොදැක්ක මිනිස්සුන්ගෙන් ඒක හංගන්න.
ඇඳුම් අඳින කොට කොහොමටත් ඒව ජරා වෙනව. එතකොට මිනිස්සු ඒව හෝදනව. එහෙම හෝදපු රෙදි වැලේ දාල තියෙනව දැක්කට ඒකෙ කාටවත් එක්සයිට් වෙන්න දෙයක් නැහැ. හැබැයි අඳුමක ගෑවිලා තියෙන කුණු ජාතිය අනුව මිනිස්සු එක්සයිට් වෙන්න පුළුවං. දැං ඔයාගෙ කලිසමේ මඩ ගෑවිලා තියෙනව දැක්කට එක්සයිට් නොවෙන මිනිහෙක් ඔයාගෙ කලිසමේ මුත්‍රා ගිහිං තියෙනව දැක්කොත් ඔයා ගැන වෙනස් විදිහකට බලන්න පුළුවං. රෙදි හංගන් හෝදනවය කියන එකේ තේරුම් එහෙම දේවල් එළියට යන එක වළක්ව ගන්න එක. ඔයාට සමහරවිට ඕව නොතේරෙන්නෙ ඔයාට ඇඳුම් හෝදල ඇඳල පුරුද්දක් නැති නිසා වෙන්න ඇති.
Modaya
June 30, 2010
ME, BF Christiyani agama kochchra bedila thiyanawada?, Muslim Agam kochchra bedila thiynawada (un hamadama palli yanawath ekka). Ethin ape hamuduru pakshayath thawathawa bedunahama moko. Mokada mewata withrak madagahanne. Ewaganath liyannako (meeta pukkusathi). 😀
මයියා
June 30, 2010
හෙල උරුමයේ නායකත්වය අහිමි වීම නිසා මේධානන්ද හාමුදුරුවන් ඉතිහාසයේ කුණු බක්කිය ට යැම ගැන බියොන්ඩ් ෆ්රරේම් ගේ කථාව නම් හාස්‍යජනකය. මන්ද හෙල උරුමයේ නායකත්වය දැරු පමණින් එතුමා ඉතිහාසයේ ලියවන්නේ නැති බව මයියා ගේ අදහසය. නමුත් එතුමා ගේ පුරවිද්‍යා කටයුතු වලින් වැදගත් රැඩිකල් හෙලිදරව්වක් වුව හොත් නම් එතුමා ඉතිහාස ගත වීම වැලැක්වීමට බියොන්ඩ් ෆ්‍රේම් ට හෝ මයියටවත් හැකි වන්නේ නැත. ඉතිහාස පොතේ ලියව්න්නන් ගැන තීරණය කරනුයේ අනාගතය මිස වර්තමානය නොවේ.. ,
තවද එතුමා වෙනත් පක්ශයක් අරඹන බවක් මේ වන තුරු කොහේදීවත් සදහනක් කර නැත. ඒ වෙනුවට කියා ඇත්තේ හෙල උරුමය සමග දිගටම රැදී සිටින බවකී. උදා:
http://www.rivira.lk/2010/06/27/deshasa2.htm
මයියා ට සිතෙනේ බියොන්ඩ් ෆ්‍රේම් හිතා මතා කරුනු වෙනස් කර ඇති බවකි. සමහර විට හාමුදුරුවන්ගේ සිතට එබී බැලීමේ පරචිත්ත විජානන ක්ච්නය බියොන්ඩ් ප්‍රේම් ට පහල වි අතිවා වෙන්න පුලුවන. එසේ වුවහොත් ඒ පිලිබද ම්යියා ගේ සුබ පැතුම් මේ සමගම බියොන්ඩ් ප්‍රේම් ට පුද කරමි.
කෙසේ වුවත් බියොන්ඩ් ෆ්රරේම් සම්ග මයියාට එකග විය හැකි කාරනයක් ද තිබේ. ඒ ජාතිකවාදීන්ට එකට සිට වැඩ කරන්න බැරි කම ගැනය. (උපුටා ගැනීම)
‘එකිනෙකා සමග කුලල් කා ගන්නේ නැතිව ඉන්න බැරි අමාරුවක් දේශප්‍රේමීන්ට තිබේ. එල්ලාවල මේධානන්ද සිද්ධියෙන් ද නැවත වරක් පෙන්නුම් කරන්නේ ඒ අමාරුව එන්න එන්නම අසාධ්‍යවන බව ය.’
කෙසේ නමුත් බියඔන්ඩ් ප්‍රේම් ඔවුන්ව දේශප්රේරෙමීන් ලේස හදුනවා දීම ගැන නම් ම්යියා සතුටු වෙනවාය.
බේදා වෙන් කර පාලනය කිරීම මහින්ද මහත්ත්යගේ දක්ශතාවයයි. එයින් තම තම න්ගේ පක්ශය, මතවාදය ආරක්ෂාකර ගැනීම අන් පක්ශ වල දක්ශතාවයයි. දක්ශයා ජයග්‍රහනය කරනු ඇත. වඩා වැදගත් වන්නේ දිනන කේනා නොව ජනතාවගේ සුබසිද්දියට වැඩ කරන්නේ කවුද කියාය.
මයියා
beyondframe
June 30, 2010
/තවද එතුමා වෙනත් පක්ශයක් අරඹන බවක් මේ වන තුරු කොහේදීවත් සදහනක් කර නැත./
– මයියා
මයියෝ මේ බලන්න. පහුගිය ඉරිදා සන්ඩේ ටයිම්ස් පත්‍රය හොයා ගෙන කියවන්න. එහි මෙසේ සදහන් වෙයි.
If the party goes in the wrong direction I will not hesitate to join a new party or form my own party.
දැන් ඉතින් මයියෝ බොරු කියන්නේ කව්ද?
Modaya
July 1, 2010
අපිනම් ඔය විදෙශීය භාශා වලින් ලියවුනු පත්තර බලන්නෙ නැහැනේ.
බොරු කියන්නේ පත්තරේ, අපේ මයිය බොරු කියන්නෙ නැහැනේ.
මයියා
July 1, 2010
බියොන්ඩ්ෆ්රෙම් සදහන් කර ඇති ලිපිය ඉන් පසුව මයියා බැලුවේය.
http://www.sundaytimes.lk/100627/News/nws_26.htm
එහි සදහන් වේන අකාරයට වර්ථමාන්යේ එතුමන් හෙල උරුමය සමග සිටින අතර පක්ශය වැරදි තීරන ගත්හොත් හාමුදුරුවන් පක්ශය හැ ර දා හෝ නව පක්ශයක් පටන් ගන්නවා ලු.
මයියා කලින් සදහන් කර ඇති රිවිර පත්තරයේදී හාමුදුරුවන් වෙනත් අදහසක් ප්‍රකාශ කර ඇත.
http://www.rivira.lk/2010/06/27/deshasa2.htm
මෙහිදී ටයිම්ස් පත්තරේ කියා ඇති දේ මයියාට මග හැරී ඇත. ඒ අනුව මයියා සදහන් කර ඇති ‘ කොහේවත් සද්හන් වීනොමැත’ යන්නේ හි වලOගු තාවයක් නැති අතර ඒ පිලිබද ව මයියා කාගේ කාගේනුත් සමාව භජනය කරනවාය.
Palmodaya
June 30, 2010
මේ පුකාට උත්තර දෙනවට වැඩිය හොදයි දෙකට නැමිල ..ක හපාගන්න එක
පද්දා
June 30, 2010
“පුරා විද්‍යා චක්රවර්තීට ඉතිහාසයේ කුණු බාල්දියට නොවැටී සිටින්නට නම් හෙළ උරුමයට වඩා හයිය අත්තක් දැන් අල්ලා ගත යුතුව තිබේ”
පුරා විද්‍යා චක්‍රවර්තීව කුණු කූඩයට යවන්නට ඕනෑ උතුරු නැගෙනහිර දෙමළ නිජ භූමියක් ඇතැයි කියනවුන්ටය. මේධානන්ද හාමුදුරුවන්ගේ පර්යේෂන නිසා උන්ට වෙලා තියෙන්නේ පුකෙන් යන්ට. පක්ෂෙක හිටියත් නැතත් ඒ හාමුදුරුවන්ට ඉතිහාසයේ අමරණීය තැනක් අයිතී. බයෙන්ද ප්‍රේමේ වගේ එන්.ජී.ඕ. හපුවෝත් හරි කැමතියි උන්වහනේ කුණු කූඩෙට යනව නම්
Modaya
June 30, 2010
Ehenan BF ta onidethamai Chamipka ayya karala thiyenne (Ethakota Helaurumayath International Conspiracy walata hawlwela wage penenne). 😀
Pukkusathi
June 30, 2010
පුරා විද්‍යා චක්‍රවර්තී කුණු කූඩයට වැටෙන තුරු තලු මරමින් බලා සිටින්නන් ඉන් බලාපොරොත්තුවන්නේ උන්වහන්සේ විසින් ලියන ලද පර්යේශණ පුස්තකයන්ද කුණු කූඩයට වැටෙන තුරු විය යුතුය. BF වැනි ජෝකර්ලාගේ සැබෑ අර්මුණ තේරුම් ගැනීමට නම් එතුමා ලියූ පොත් පෙළම දෙස බැළිය යුතුය. හුදී ජනයාගේ දැන ගැනීම පිණිස උන්වහන්සේ විසින් ලියන ලද පොත්වලින් සමහරක් මෙසේ සටහන් කර තබමු:
උතුරු නැගෙනහිර හෙළ බොදු උරුමය
උතුරු නැගෙනහිර වනගත උරුමය
නැගෙනහිර පළාතේ විනාශයට යන පුරාවස්තු
මාගම රාජධානිය
ගිරිනුවර රාජධානිය
ස්වර්ණ මයුර සංදේශය
බුද්ධංගල තපෝවනය
සඳගනා නුවර
බුදුගල්ලෙන තපෝවනය
කුඩුම්බිගල තපෝවනය
ආඬියාකන්ද තපෝවනය
අප්‍රකට බ්රාහ්මී සෙල්ලිපි සහ පුරා වස්තු
නිමලව තපෝවනය
පිතමහරජ හෙවත් වලගම්බා මහරජතුමා
අප්‍රකට බ්රාහ්මී ලෙන් ලිපි
බුදු සසුන බැබළුණු පැරණි යුදබිම්
සිංහලේ විමුක්තිදායකයා දුටු ගැමුණු මහරජතුමා
ඓතිහාසික දීඝවාපිය
ඓතිහාසික සිතුල්පව්ව
පාචීන පස්ස – උත්තර පස්ස
සිංහළේ මහාරාජවංශෙ I
සිංහළේ මහාරාජවංශෙ II
ආමේන්!!
– පුක්කුසාති.
beyondframe
June 30, 2010
අනේ මෙහෙමත් වටිනා වැඩ කරපු කෙනෙක්ව නොවැ හෙළ උරුමය කාරයො හපකරල ඉවත දාන උක්දඩු දණ්ඩක් වගේ විසිකරල දැම්මෙ
දැන් බලාගෙන ගියහම හෙළ උරුමයෙ තමයි හැබෑ දේශදේරාහීන් ටික ඉඳල තියෙන්නෙ
ඩොලර්වලින්ම ලැබෙන්න නැතැයි හාමුදුරුවො එලවන්න
Modaya
June 30, 2010
Hik Hik Hik. meka gena hoyanna comisamak danna oni. (Comisame theenduwa: Medananda himiyan helaurumaye nayakathwayen elawa nomatha. Antharjathika ha Wipakshaye kumanthranayakin nomaga giya Janamadya borupracharayak kara thibe). (The committee will consider Nawalapitiya election commission report as a guideline). 😀
Thisara
July 1, 2010
අර “සුරාමේරය” ගැන ලිව්වේ මොන පොතේද?
Modaya
July 1, 2010
කොලපොතේ හරි ඉලපොතේ හරි වෙන්ට ඇති
mathate thitha
July 1, 2010
Modaya
July 1, 2010
එකාලෙ රජ්ජුරුවොත් බිව්වානෙ. ගෑනුගොඩක් තියන් හිට්යානෙ. ඔවා සාමාන්‍ය අපි කරන්න හොද නැහැ.
Nishantha De Zoysa
July 1, 2010
චම්පික රණවක ගින්දර වගේ උත්තරයක්නෙ දීල තියෙන්නෙ. මොකක්ද මේකෙ තියෙන ප්‍රශ්ණෙ. මටනම් මේකෙ කිසිම ප්‍රශ්ණයක් පේන්නෙ නැහැ. රටක රාජ්‍ය ප්රතිපත්තියයි ජනාධිපති කෙනෙක් පුද්ගලිකව කරන්නෙ මොකක්ද කියන එකයි දෙකක්නෙ. දැං මහින්ද රාජපක්ෂ බැරි වෙලාවත් සිගරට් බොනවනම් එහෙම ආන්ඩුව ජනතාව දුම්බීමෙන් ගලවගන්න කරන ඔක්කොම ඇඩ්වටයිසිං නවත්තන්න ඕනෙ කියලද මේ ගොල්ලො කියන්නෙ.
තමුන් මොන වැරදි කළත් හරි දේ කරන්න අනිත් මිනිස්සුන්ව දිරි ගන්නන එක තමයි වැදගත්කම. මිනිස්සු වශයෙන් අපි කරන්න ඕනෙ ඒ දේ. බොන තාත්තල කී දෙනෙක් තමුන්ගෙ දරුව බීමෙන් වළක්වගන්න කොච්චර ට්‍රයි එකක් දෙනවද. ඕන්නම් කවුරු හරි කියයි ‘ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට කියල’. එතකොට එහෙම කියන කට්ටිය තමුන්ගෙ දරුවො වැරැද්දක් කරනකොට ඒක හරි ගස්සන්න හදන්නෙ ඒ දේ තමුන් නොකරන දෙයක් නම් විතරද?
Modaya
July 1, 2010
චම්පික රණවකගෙ උත්තරෙනම් ගින්දර වගෙතමයි. එත් පුරා විද්‍යා චක්‍රවර්තී නම් දුන්නෙ ගන්දගහන උත්තරයක් තමයි. ඒකවෙන්නැති පන්නුවෙ.
තව එකක්, මුන්ගෙ ප්‍රතිපත්තිය වචනයට විතරයි, ඒකතමයි ප්‍රශ්නෙ. ගින්දර වගෙ උත්තර දීලවැඩක්නම්නැහැ.
Nishantha De Zoysa
July 2, 2010
මේධානන්ද හාමුදුරුවො දීපු උත්තරේ තේරුම් නොගෙන ඒවයෙ ගඳ සුවඳ හොයන්න ගොයහම තමයි ඔහොම වෙන්නෙ. උන්නාන්සෙ කියන්නෙ ගෙදරක පාටි එකක් තියෙන වෙලාවක මත්පැන් දෙන එක වෙනම දෙයක් එහෙම එකක් රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්න එක තව දෙයක් කියලනෙ. ඒකත් ගින්දර තමයි. චම්පික කලේ ඒක වැඩිදුර විස්තර කරන එක. මට නම් ඒ උත්තර දෙකම ගින්දර.
මට හිතා ගන්න බැරි ඔහොම පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි තරම් ලංකාවෙ ජර්නලිස්ට්ල මෝඩද කියන එක. මේ ගොල්ලන්ගෙන්ද අපි ගවේෂණාත්මක පුවත්පත් කලාවක් බලාපොරොත්තු වෙන්නෙ!!!!
Modaya
July 2, 2010
එහෙනම් ඔය ගින්දරවගෙ උත්තර දෙන අය මහින්දට කියනවඇති, උඹ මරපන් මිනිස්සුන්ව, උඹකරපන් හොරවැඩ, අපිත්කරන්නම්, ඒත් ජාතික ප්‍රතිපත්තියේ නමට එවා තහනම් කරපන් කියලා. :ඪ්
Modaya
July 2, 2010
එහෙනම් ඔය ගින්දරවගෙ උත්තර දෙන අය මහින්දට කියනවඇති, උඹ මරපන් මිනිස්සුන්ව, උඹකරපන් හොරවැඩ, අපිත්කරන්නම්, ඒත් ජාතික ප්‍රතිපත්තියේ නමට එවා තහනම් කරපන් කියලා. 😀
Modaya
July 2, 2010
මෙහෙව් අයගෙන්ද මහින්ද උපදෙස් බලපොරොත්තුවෙන්නෙ.
Nishantha De Zoysa
July 2, 2010
මිනිස්සු මරණ එක නීතියෙන් තහනම් කරපු දෙයක්. ඒවට අමුතුවෙන් ජාතික ප්‍රතිපත්ති ඕනෙ නැහැ. ඒත් යම් කෙනෙක් තමුන්ගෙ ගෙයක් තුළ ඉඳං මත්පැන් පානය කරන එක එහෙම නීතියෙන් තහනම් කරල නැහැ. ජාතික ප්‍රතිපත්ති ඕනෙ වෙන්නෙ ඒවට.
ඔයාට මං කියන දේ තේරෙන්නෙ නැහැ වගෙයි පේන්නෙ. තේරෙන්නෙ නැත්තං ඕක තේරුම් ගන්න ගිහිං නිකං කේන්ති ගන්න දෙයක් නැහැ (අනික ඕක නොතේරුනයි කියල ඔයාට අමුතුවෙන් ලොකු දෙය්ක මග හැරෙන්නෙත් නැහැ). මේක අල්ලල දාන්න.
ඒක නෙමේ, ඔයාට ඔය නම දැම්මෙ අර සිදුහත් කුමාරයට වගේ උපන් කෙන්දරේට අනුවද? 🙂
Modaya
July 2, 2010
මිනිහෙක් තමන්ගෙ ගේ අතුලෙ යලුවන්ට තමන්ගෙ මුදලින් අරක්කු දෙන එකෙයි, ලොක්ක රටේ සල්ලිවලින් අරක්කු පොවන් එකෙයි වෙනසක් තෙරුම් ගන්න බරිනම් එක තෙරුම් ගන්න උත්සහගන්නත් එපා. ඔයත් ඔක අල්ලල දාන්න.
දැන් එහෙනම් ඔයා කියන්නෙත් SF කියපු එකම වගෙ මට පෙනෙන්නෙ.
මගේ නම කෙසෙවෙතත් ඔයගෙ නමනම් සුදන්ට පු_ දීල ගත්ත එකක් වගේ පෙනෙන්නෙ. 😀
Modaya
July 1, 2010
ප්‍රශ්නයක් තිබේ: මෙහෙව් පොත්ලිවියයුත්තේ හාමුදුරුකෙනෙක්ද, ගිහියෙක්ද? ලන්කවෙ බහුලව ඇත්තෙ සින්හල බුදුඩහම නම් අමුතුම නිකායක් හා දහමක් මිසක බුදු දහම නොවේ. ඹහුතර සන්ගයාවාහන්සෙලා මෙම නිකයේය.
Modaya
July 1, 2010
වරද ඇත්තෙ අපේ අතේය, මෙය තෙරුම් නොගනීමය (the difference between Sinhala Bhudisam and Budhisam). වරද ඇත්තෙ අපේ අතේය, මෙය තෙරුම් නොගන සින්හල බුදුදහම, බුදුදහම හා පටලවගෙන සින්හල බවුද්දයන්, බවුද්දයන් ලෙස හැසිරිය යුතුයය් සිතිමය.
පද්දා
July 3, 2010
හරකෙක් වෙන්නත් සීමාවක් තියෙනව. මේ ලොඩ්ඩා ඒක දන්නෙ නෑ. මේදානන්ද හාමුදුරුවො ලිව්වෙ ඉතිහාසෙ බොල. ඉතිහාසෙ ලියන්න එපැයි කියල, ගුරු කම රස්සාවකට තෝර ගන්න එපැයි කියල කොහෙද බොල බුද්දාගමේ තියෙන්නෙ?
මෝඩයා
July 5, 2010
අනේබන් දොරකඩ රෙන්න එපා කියල බුද්දාගමේ නහැ කියලා හමුදුරුවො ඩොරකඩ රෙනවදයකො
මෝඩයා
July 5, 2010
ඕක තමයි බුදුදහමේ සහ සි0හල බුදුදහමේ වෙනස 😀
thurunuwan saranai
July 1, 2010
Modaya
July 1, 2010
ඇමෙරිකන් කාරයන්ට අභිමානය ඇත්ද නැත්ද හමුදුරුවො දන්නෙ කොහොමද? (එකනෙ අපේ පස්සෙන් පන්න පන්න අදාර ඉල්ලන්නෙ). 😀
හැබැයි අර බුදුපිලිම විකුනන වැඩෙනම් දැන්මම පටන්ගෙන වෙන්න ඇති.
Danfun
June 30, 2010
” ආඩම්බරකාර තාත්තා හෙවත් මහින්ද මහ රජතුමා ” කියන පුස්තකේ ලිව්වේ උන්නාන්සේ නෙවෙයි වෙන්ටැ . හැබැයි උන්නාන්සෙත් ඒ පොත ජනතාවට පෙරළුවා අපි බලාගෙන උන්නේ .
Vipul
July 1, 2010
Hela urumaya ආමේන්!!
මළ පෙරේතයා
July 1, 2010
පොත් කෝටියක් ලිව්වත් වැඩක් නෑ. රටේ උරුමය ගැන කෑගැහුවත් වැඩක් නෑ. ක්‍රියා කරන්නෙ ගැත්තෙක් වගේනම්, කෛරාටික රජවරුන්ගේ රෙදි සෝදාජනතාව ගොනාට අන්දනවනම් යැවිය යුත්තේ පෙරේත ලෝකයටයි.
Modaya
July 1, 2010
එල එල, අපේ හෙල උරුම කාරයො ඒක බාර අරන් කරනව 😀
beyondframe
July 1, 2010
රජගෙදර සුරාමෙරය හා අවසේස සුරාමෙරය අතර වෙනසක් ඇතිබව තේරෙන්නේ ඉතිහාසය මැනවින් හදාරා ඇති අයට ය. ඇත්තටම එහෙම වෙනසක් ඇති බව සොයා රටට ඉදිරිපත් කිරීම වුව ඉතිහාසයට එක්වන්නට සෑහේ. අපට ඒ බව අමතකව ගියේ යැ.
Himige poiya kelimen
July 1, 2010
Modaya
July 1, 2010
හාමුදුරුවො තමන්ට පන්ඩිතය කියාගන්න එක විහිලුවක් වගෙ උනාට මෙ කතාවෙ හමුදුරුවො එක ප්‍රසිද්ද බොරුවක් කීමෙන් වෙලකී සිටිනවා. එය අගයකලයුතුය. (මහින්ද පුස්තකාලයෙ වැදගත් තනතුරක් දරමින් හිටියබව කීමෙන් උන්වහන්සේ මගහරින්නේ ප්‍රසිද්ද බොරුවක් වන මහින්ද පුස්තකලදිපති වී සිටියයි කියනා බොරුවයි 😉
මටනම් මොකා වෙලා හිටියත් කමක්නෑ.
vibuthi
July 1, 2010
රස්සාවක ලොකු පොඩි කම් තියෙන්නේ වැඩවසම් රාජ්‍යයක
මම හිතන්නේ කොමුනිස්ට් එකක එහෙම නෑ කියලා
චක්කර වර්තී තුමා මේකෙන් අඟවන්නේ අපේ රටත් කොමුනිස්ට් කියලද දන්නේ නෑ
Modaya
July 2, 2010
මිනිහෙක් තමන්ගෙ ගේ අතුලෙ යලුවන්ට තමන්ගෙ මුදලින් අරක්කු දෙන එකෙයි, ලොක්ක රටේ සල්ලිවලින් අරක්කු පොවන් එකෙයි වෙනසක් තෙරුම් ගන්න බරිනම් එක තෙරුම් ගන්න උත්සහගන්නත් එපා. ඔයත් ඔක අල්ලල දාන්න.
දැන් එහෙනම් ඔයා කියන්නෙත් SF කියපු එකම වගෙ මට පෙනෙන්නෙ.
මගේ නම කෙසෙවෙතත් ඔයගෙ නමනම් සුදන්ට පු_ දීල ගත්ත එකක් වගේ පෙනෙන්නෙ. 😀