අප තිත තියන්නට හැදූ මතම සරණ යාමට අපට සිදුවීම එක් අතකින් ශෝචනීය ය. අනෙත් අතින් ප්‍රීති දායක ය.
ශෝචනීය බව ගැන අටුවා ටිකා වුවමනා නැතත් ප්‍රීති දායක වන්නේ කෙසේ දැයි ලිවිය යුතුම ය. මේ මිල ඉහළ දැමීම අපේ ආදායම වැඩි කර ගැනීම සදහා කරන ලද උප්පරවැට්ටියක් වුව ද බොහෝ දෙනෙකු විසින් සිතනු ඇත්තේ එය මතට තිත තිබීම උදෙසාම කරන ලද්දක් බව ය. එක ගලකින් කුරුල්ලෝම දෙන්නෙකි. ඉතින් ප්‍රීතිවීමට තවත් කාරණා වුවමනා ද?
බොහෝ දෙනෙකුට මේ අපභ්‍රංසය තේරෙන එකක් නැත. ඇත්තටම හොදට බීලා තේරුම් ගත යුතු දෙයක් අමුවෙන් තේරුම් ගැනීම අමාරු ය. ඒත් මිල වැඩිවෙලා තියෙන විදිහට දැන්නම් බොන්න වෙන්නේ අරක්කු නොව වස ය.
මේ යනවිදිහට වස කුප්පියක් එකවර ගෙන හලා ගැනීම හැම අතින්ම ලාභ දායක වනු ඇත්තේ ය. එය මිල මුදල් පමණක් නොව කාලය ද අපට ඉතිරි කර දෙනු ඇත්තේ ය.
හැබැයි බොන එකා සියදිවි නසා ගත්තහම ආණ්ඩුවට වෙන්නේ බෙල්ලේ වැලදා ගැනීම ය.
කාර්වල බදු අඩුකළාක් මෙන් හෙට අනිද්දා ඔය අරක්කුවේත් බදු අඩු කිරීමට සිදු වීමට හොදටම ඉඩ තිබේ. ඕනෑවට වඩා වැඩි කළ විට ආදේශකවලට ඇති ඉල්ලුම වැඩිවීම පිළිබදව දැන ගැනීමට බන්දුල ගුණවර්ධනගේ ටියුෂන් පංතියට යන්නට වුවමනා නැත.
දෙපැත්තට අදින ගොන් බානක් එකට තියාගන්නට තතනන ආණ්ඩුවට අවසානයේ වන්නේ .. ක ඉරා ගන්න ය.
ඉරා ගන්නවිට හැම තිස්සේම එක් පැත්තකට වැඩි වෙන්නට ඉරී යාමට ඉඩ තිබෙ. අද අයවැයෙන් වැඩි පැත්ත තිබෙනු ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැත්තේ ය. රුපියල් දෙදහස් පන්සීයයේ මැතිවරණ පොරොන්දුව ඒ අනුව අද නොව හෙට වීමට ඇති ඉඩකඩ වැඩි ය.
ඇත්තටම මනෝඥ ආණ්ඩුවක් යටත් විය යුත්තේ දැඩි ලෙස කෝන්දේසි ඉල්ලන මුල්‍ය අරමුදලට විනා කොයි දේත් උපේක්ෂාවෙන් ඉවසන ජනතාවට නොවෙ.
මොනවා කරන්න ද කුම්බලා මාලු කෑවාන් විදවිය යුතු ය.
gadfly
June 29, 2010
එහෙම වුනොත් බීල ලෙඩ වෙන මිනිස්සුන්ට ටැක්ස් ගහන්න බලාගෙන ඉන්න සිරිසේන මහත්තයාගේ වැඩෙත් හබක් වෙනවා.
ලෝකයා
June 29, 2010
ඔන්න කිව්වත් වගේ බඩු හරි!
http://www.dailymirror.lk/index.php/news/4716-wage-hike-from-2011.html
Pukkusathi
June 29, 2010
BF සිතා සිටිනුයේ මතට තිත නම් මත්පැන්වලින් අදායම් ලැබීම සදාචාර විරෝධී කියා විය යුතුය. ඒ ඔහුට තේරෙන තරමය.
ලොව ඇති ඕනෑම වගකිවයුතු ආණ්ඩුවක් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරයි. ඒ හැම ආණ්ඩුවක්ම මත්පැන් සහ දුම්වැටි වලින් අය කරගන්නා බදු වැඩි කිරීමෙන් තම ආදායමද වැඩි කරගනී. ලොව ඇති වගකිවයුතු ආණ්ඩු මත්පැන් සහ දුම්වැටි නිවාරණ වැඩසටහන් ක්‍රියත්මක කරනුයේ BF සිතා සිටින ලෙස එම රටවල් අදාල මත් නිශ්පාදනවලින් අදායම් ලබා නොගන්නා නිසා නොවේ. මෙහි කිසිදු විසංවාදයක් නැත. මෙය ලංකාවට පමණක් සිමා වූ දෙයක්වත් ලොව වෙන කොහේවත් සිදු නොවන දෙයක්වත් නොවේ (නිදසුනක් ඉදිරි වසර හතර තුළදී ඩොලර් මිලියන 28.7ක් දුම්වැටි විරෝධී වැඩසටහන්වලට යෙදීමට බලාපොරොත්තුවන ඔස්ට්‍රේලියානු ආණ්ඩුව දුම්වැටි සඳහා වන බද්ද 25% කින් වැඩි කිරීමෙන් එම කාලය තුළදී ඩොලර් බිලියන 5.5ක අමතර බදු අදායමක් බලාපොරොත්තු වෙයි).
එහෙත් මේ කිසිත් නොදන්නා BF නොදන්න ඉලව් කතා කිරීම්ට ගොස් නැවතත් තම නොදැනුවත්බව ප්‍රදර්ශනය කරයි.
– පුක්කුසාතී.
Modaya
June 30, 2010
“මෙය ලංකාවට පමණක් සිමා වූ දෙයක්වත් ලොව වෙන කොහේවත් සිදු නොවන දෙයක්වත් නොවේ”
Meka ape lankawa hariya!, loke kohewath karan ewwa ehema mehe karrana epa hariya! 😀
වෘත
June 29, 2010
මේ වෙලාවෙ රු 2500 ක් සාක්කුවට වැටෙන කම් ඉන්න එකද දේශප්‍රේමය.
මං නම් කැමතියි රු 2500 ක් බදු හැටියට ගෙවන්න වුනත්.
බෑන් කී මූන්ලා එහෙන් ගියාම ජීඇස්පී ලා අපිව කන්න බලාගෙන ඉන්නව. දේශප්‍රේමය කියන්නෙ දියව් දියව් කියල ඉල්ලන එකද? රටට මේ වෙලාවෙ ඕන කරන්නෙ පරිත්‍යාග කරන්න පුලුවන් ජනතාව.
මං නම් කියන්නෙ ගහපියව් බදු අපිට කියල අපි ලිප්ටන් වටරවුම ආක්‍රමණය කරන්න ඕන කාලයක් මේ.
Malith
June 30, 2010
ඔව් ඉතින් අපිට ගහපියව් ගහල අර අහිංසක ඇමතියොන්ට තව දීපියව් කියල කියමු නෙ.
beyondframe
June 29, 2010
මල්ලියෙ හැබෑට ඔය දැන් කාට බදු ගහපියව් කියලද අපි ඔය වටරවුමට යන්න ඕන.
කොහොමටත් ඉතින් වටරවුමටම යන එකේ මල්ලියා කියනවනං ඔන්න ඔහෙ අපිත් එන්නම්