“පටියෙ තව හිලක් හදා ගන්නව නැත්නම් වෙන රස්සාවක් හොයා ගන්නව” ඒ ගෑණිගෙ හඩ ය. ඒ ගමන මොකාටද මේ එන්න හදන්නෙ?
“ඇයි මොකද්ද ප්‍රශ්නෙ” කියා ගෙන මම ඈ දෙස බැලීමි.
“ප්‍රශ්නෙ? කිරිපිටි ගනන් අහසට ගිහිල්ල, පාන් පිටිත් වැඩිවෙලා, ඇයි සීනි, ඒකත් වැඩිවෙල. පොල් ගහටත් කුරුමිණියෙක් නැගල. හාල්මැස්සත් පියාඹනවා.”
මේකිට පිස්සු හැදීගෙන වත් එනව ද? හරි මට දැනුයි තේරුනේ. එකත් එකටම ආණ්ඩුව මේ මෑතකදී ගැසූ සොච්චම් බද්දවත් ඉවසා ගන්නට බැරිව කෑගසන එකෙකුට මේකි ඇහුන්කන් දෙන්න ඇති.
“කිරිගොවියා ගැන බලන්නෙ නැත්ද? ඇමරිකන් කාරයින්ගෙ පිටි කන්නෙ, ඉස්සර ආත්තමුත්තලා කෑව වගේ තුන්වේලට බත් කන්න බැරි ද? සීනි කොහොමටත් දියවැඩියාවට හොද නෑ. ඒ නැතත් ඌවේ උක්ගොවියා ගැන කවුද බලන්නෙ. අනිත් එක අපේ ධීවරයො උන් ගැන හැබෑට ඔහෙට කැක්කුමක් නැත්ද?”
“මොකෝ නැත්තෙ, තියෙනව තියෙනවා. ඒක නෙවෙන්නන් කිව්වෙ එක්කො පටියට හිලක් දාගන්න නැත්නම් වෙන රස්සාවක් හොයා ගන්න කියල”
අනේ හැබෑට මෙච්චර යුද්ධයක් දිනල දීලත් කෙළෙහි ගුණයක් දන්නෙ නැති උන් මේ ගෑණිට අමු කවලද කොහෙද? කොහෙන් හොයන රස්සාද?
ඉන්න කොම්පැනියටත් කරපු වැඩ වලට ආණ්ඩුව සල්ලි දුන්නෙ නෑ කියල ගිය මාසෙ පඩිය දුන්නෙත් දෙපාරකට. ඊළග මාසෙ ඒකවත් ලැබේද දන්නෙ නැහැ.
“අපි දෙන්නත් එක්කම පෝයට සිල් ගමු. එතකොට වේලක් අඩුවෙනව. පහුවෙනිදට දන් සැලක් හොයා ගමු. එතකොට තව වේලක් අඩුවෙනව.”
“හොදයි ඊට පස්සෙ?”
“ඕකනෙ, අවුරුදු ගානකට හිතන්න ඕන නෑ. අපේ ආණ්ඩුව වත් එහෙම හිතන්නෙ නැහැ. එදා වේල ටුවර්ස්. ඒත් ඔය දුවන්නෙ.”
ගෑණි ඒ ගමන පොඩ්ඩක් සරෙන්ඩර් වගේ ය.
“තව පොඩි වැඩක් තියෙනව. සල්ලි ටිකක් එකතු කරන් ඇසල පෝයට හොර බාර් එකක් දාමු. කොච්චර ගණන් වැඩි කරත් කන බොන මිනිස්සු හුම් කියන එකක් යැ.”
ගෑණිගේ මූණ නරක් වෙනවා දුටිමි.
ඔහොම නම් බෑ. දැන් බිස්නස් ලයින් එකක් ගැන හිතන්න වෙනව. නැත්නම් පන්සලකටවත් සෙට් වෙන්න තමයි වෙන්නෙ.,
“සෙට් වෙනව නම් පනේ පන්සලක් නෙවෙයි, අසපුවක් තමයි බලන්න ඕන. ඉස්සර නම් මං ඕවට කැමති වුනේ නෑ තමයි. දැන් ඉතින් ඔය කොයිකත් කමක් නෑ.”
“ඔන්න ඔහොම එන්නකො. දෙන්න එකතු වුනොත් ජීවත්වෙන්න මගක් හොයා ගන්න බැරිවෙන එකක් නැහැ.”
මේ පෝයට පායන හඳ වෙනදාට වඩා ලස්සණට පෙනේ. දැන් ඉතින් බඩු මිල හඳට ගියත් කමක් නැත. අපිට හඳේ හරි සයිඩ් ලයින් බිස්නස් එකක් කරත හැකිය.
ඕන කෙනෙක් ගණන් වැඩි කරපුවාවෙ. අපිට මක්කැයි. හරි ය.
vibuthi
June 26, 2010
“අපිට මක්කැයි. හරි ය” 😀
lankanhero
June 26, 2010
hik hik
bala
June 26, 2010
පොල්හේන්ගොඩයා
June 26, 2010
බියොන්ඩ්ෆ්රේම්,
මෙන්න ඔයාට නියම නිමිත්තක් තියනවා කිරිබත්ගොඩ ඥනානන්ද ගැන.
සිවුර ගැලවෙන්නෙ ලියන්න පුළුවන්.
අසනීප වෙච්ච දරු පැටියෙකුට ඉස්පිරිතාලෙන් බෙහෙත් අරන් දෙන්නෙ ඉඩ දෙන්නෙ නැතුව කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවො අදිශ්ඨාන බලෙන් ලෙඩේ හොඳ කරන්න ගිහින් දරු පැටියා මිය පරලොව ගිහිල්ලා!
කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවොන්ගෙ මේ වැඩේ නිසා පිරිසුදු ආගමට වෙන හානිය, දරුවන්ට වෙන හානිය, සුද්දො ඉස්සරහා දේශප්‍රේමීන්ට කින්ඩි වෙන එක ගැන එහෙම තළු මර මර බ්ලොග් 10ක් වත් ලියන්න පුළුවන්.
මුළු ලෝකෙම ඉස්සරහා ලංකාව පාච්චල් වෙන, නෝන්ඩි වෙන වැඩ මේවා. අයිශ්චර්යාගෙ කටවුට් එකට වෙඩි තිබ්බා වගේ නෙවෙයි, මේවායින් වෙන අවැඩ.
ජුලි 26 ලක්බිමේ මුල් පිටුවෙම වාර්තාව තියනවා.
beyondframe
June 26, 2010
පොසොන් දිනයත් එක්ක සතියක් බොරු කීමෙන් වැළකී සිටීමේ වැඩපිළිවෙළක් දියත් වෙන බව දැන දැනත් ඇයි මේ බොරු කියන්නෙ. ඔයා ඒ වැඩපිළිවෙළත් එක්ක අමනාප ද?
බොරුවක් හරහා වුව ඔබ විසින් අනාවරණය කරන්නට යෙදුණු ඒ ප්‍රවෘත්තිය පිළිබදව අපේ ස්තුතිය ඔබට හිමිවේ.
ඒ ගැන අපේ මතය පහත ප්‍රතිචාරයෙන් දැක ගත හැකි ය. මේ මිත්‍යා විශ්වාසයන්ට විරුද්ධව ඒවා එන්නේ කුමන කදවුරෙන් දැයි නොවිමසාම අප සටන් වදින්නෙමු.
beyondframe
June 26, 2010
මෙවැනි මිත්‍යා විශ්වාසයන්ට එරෙහි ව්‍යාපාරයක් අප විසින් ගෙන ගිය යුතුව තිබේ. ඒබ්‍රහම් ටී කොවුර් නැති අඩුවත් කාලෝ ෆොන්සේකා වැනි විද්වතුනගේ නිහඩ වීමත් නිසා මිත්‍යාවන් පන ගසා නැගිට ගෙන තිබේ.
බොහෝ ආගම් මිත්‍යා විශ්වාසයන් වපුරා එයින් ජනතාව අමාරුවේ හෙලති. බොහෝ දෙනෙක් තමන්ගේ තුට්ටු දෙක ද වියදම් කරගෙන මේවා පසුපස ගොස් අමාරුවේ වැටෙති.
පොල්හේන්ගොඩයා
June 26, 2010
“ඥනානන්ද, තෝගෙ සිවුරු ගලවන හැටි මම පෙන්වමි” කියලා දනි පනි ගාල දුවල ගියාට, හම්බ වුනේ හොයපු දේ නෙවෙයි ද? 🙂
අදිශ්ඨාන බලෙන් වැස්ස නැවැතුවයි කියලා ඥනානන්ද කියපු එක වගේ පත මෝල් අපරාධයක් ද මේක? පාස්ටර් කෙනෙක් දරු පැටියෙක් මරා ගත්තා වගේ ගනන් ගන්නත් බැරි තරං සුළු දෙයක් නේ. දරුවෙක් දෙව් තුරුලට ගියාම මක් වෙනවද! දරුවා මැව්වෙත් දෙය්යොම නෙ. මේවා ගැන මොනවට ලියනවද!
එහෙමද අයිශර්යාගේ කටවුට එකට වෙඩි තිබ්බම වෙන හානිය? ඒ විතරක් ද, අන්තර්ජාතික කින්ඩිය? අන්න ඒවා නෙ බලං ඉන්න බැරි.
ඒකනේ මේවා ගෙන තළු මර මර මාස ගනන් ලියන ගමන්, අරවා දැක්කේ නෑ, ඇහුනේ නෑ..වගේ ඉන්න. කට කැඩිච්ච මිනිස්සු නං කියාවි මේක “කුහක වෘත්තිය” කියලා.
දුක තමයි රන්ජනී.
beyondframe
June 26, 2010
කොහෙද පොල්හේන්ගොඩ ළමයො ගිහිං උන්නෙ. උඹ නැතිව පුදුම පාලුවක් තිබුනෙ.
පොල්හේන්ගොඩයා
June 26, 2010
මං නං ඔය පුද්ගලික විස්තර කියන්න කැමති නැහැ. අහන්නත් එපා. ඔයා අහපු නිසා මේ චුට්ට විතරක් කියන්නං.
කුහක වෘත්තියෙ යෙදෙන, ඒ කියන්නෙ සිවුරු ඉව කර කර දවසා ගන්නෙ කුණු විතරක් හොයන, ඒ නිසා ගෙදර යන්නත් වෙලාව නැති, කෙනෙක් ගෙ පවුලෙ දුක සැප බලන්න යන්න වුනා. හප්පා….කුහක වෘත්තිකයට වඩා උගේ පවුල ගැන පොලිසියට නෙ කැක්කුම තියෙන්නෙ! දැන් පොලිසියට වෙන වැඩ නැද්ද මන්දා.
ලබන පොසොන් එකෙන් පස්සෙ වත් මේ වැඩ නවත්තලා දාන්න ඕන. 🙂
beyondframe
June 26, 2010
ඇ බං කොලුවො පන්සිල් පද පහෙං දැන් මොනවද ඉතිරිවෙල තියෙන්නෙ රකින්න?
පොල්හේන්ගොඩයා
June 26, 2010
පොලිස් කාරයත් ඇහුවෙ ඕකම නෙ අප්පා…..මං කියන්නෙ…..උඹ ඇහුවට කමක් නෑ කියමු, පොලිසියට ට තියන රුදාව මොකක් ද, කාමර වලට එබෙන්න එන්නෙ. මොකෝ උන්ද සල්ලි ගෙවන්නෙ ඒවට.
පොල්හේන්ගොඩයා
June 26, 2010
මේ…බියොන්ඩ්ප්රේම්, …..කින්ඩියට නෙවෙයි, දැනුමට අහන්නෙ.
පාස්ටර්ලා වෙනුවන්ට කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවන්ගෙ කීම අහන්න ගිහිල්ලා මේ දරු පැටියා මැරුනා නං, මාර සොමි නේද? දෙන්න තිබ්බා නේද පොරි හැලෙන්න!
නිකං එහම වුනා කියලා හිතලා, බ්ලොග් ලිපියක් ලියන්න බැරිද?
ආ…සා…..යි ලුණු ඇඹුල් දාල ලියන හැටි බලන්න. ළමයින්ගෙ අයිතිවාසිකම් ගැනත් ඒකෙම ලියන්න පුළුව්න් නේ.
කොහොමටත් එකක් ලියලා තියා ගත්තොත් නරකද? කවද හරි දවසක් කොහෙ හරි ඉන්න හාමුදුරු කෙනෙක්ට වරදින්න ඉඩ තියනවා නෙ. අඩු ගනේ එදාට වත් ප්‍රයෝජනේට ගන්න පුළුවන් නෙ.
beyondframe
June 26, 2010
එකක් ලිව්ව. හෙට දාන්නං හොදේ. දැන් හොද ළමයා වගේ ගිහිල්ල නිදා ගන්න.
දුකා
June 26, 2010
දැන් මෙහෙම ලිව්වාම ලියන්න හිතාගෙන ඉන්න කෙනෙක්ට වත් ලියන්න නොහිතේවි . .
“මෙන්න ප්‍රවෘත්තියක් මේ ගන පොඩ්ඩක් හොයලා බලලා යමක් ලියන්න ”
කිව්ව නම් අගෙයි කියලයි මට හිතුනේ . .
පොල්හේන්ගොඩයා
June 26, 2010
හා….පෝ දුකා අය්යේ,
ඔයා බව වෙන්නෙ නැතුව ඉන්න. මේක ගැන මරුවට ලියයි බියොන්ඩ්ෆ්රේම්.
දන්නවනෙ මැක්කා සම්ප්රදාය?
“පල්ලියක මෙවැනි සිදු වීමක් වුණි. මේවා බහුලව සිදු වන්නෙ පන්සල් තුළය. සතියක් වත් බොරුවෙන් වළකින්නැයි කීමත් මෙවැනි අති භයානක අපරාධයක්. වරෙක කිරිබත්ගොඩ ඥානානන්ද මීට නොදෙවෙනි මිත්‍යා මත වැපිරුවේ කේසේ ද යත්…..” කියල දෙන්න තියෙන්නෙ ඇස්ටි හැලෙන්න.
Modaya
June 28, 2010
@ Polhengodaya: Your frame stops at BF. Are you trying to correct BF or to see the world as it is and correct what is wrong (including BF, පාස්ටර්ලා & කිරිබත්ගොඩ ඥනානන්ද)? What I see is you are just trying to tell what BF is doing is incorrect while forgetting what your preferred people are doing (Including කිරිබත්ගොඩ ඥනානන්ද and others …).
දුකා
June 26, 2010
අහ් අද පෝස්ට් එක ගැන කියනවනම් . . .
BF දේශද්‍රෝහියෙක් වෙන්න හදන්න එපා . .
යුද්ධයකුත් රටේ නැති වෙලාවක රටක් සංවර්ධනය කරන්න පුලුවන්ද අත්‍යාවශ්‍ය බඩු වල මිල වැඩි නොකර . .. ??
මිනිස්සු වැඩි මිලට බඩු ගත්තාම තමයි ඒ මුදල් වලින් රටක සංවර්ධයක් කරන්න පුලුවන් වෙන්නේ . .
පටි තද කර ගන්න නොහිතා ගෙදර උන්දැව සවුදි රටට වත් යවන්න හිතුවොත් මොකෝ විදේශ විනිමය ටිකකුත් උපයලා දීලා සංවර්ධනයට දායක වෙන්න . .. .
වයසට ගිය කාලෙක මුනුබුරන්ට වත් කියන්න බැරියැයි අපි මෙහෙමයි උඹල වෙනුවෙන් දුක් වින්දේ කියලා . ..
Migara
June 26, 2010
පොල්හේන්ගොඩයා ගෙන්, දේශ පාළුවන්ගෙන් සහ පහත Link එකෙන් බුද්ධාගම බුක්තියට සවිකොටගත් නරුමයන්ගෙන් සැබෑ බුද්ධාගම බේරා ගැනීමට පෙළ ගැසෙමු. BF ගේ ව්‍යායාමයට මගේ ආචාරය පිළිගන්න!
http://w3lanka.blogspot.com/2010/06/on-popular-bana-preachings.html
ලෝකයා
June 27, 2010
පොල්හේන්ගොඩ ළමයො උඹ පන්සිල් හෙම සමාදන් වෙනවැයි. ලොකු බෞද්ධ කොඩියක් එහෙම දාල තියෙනවැයි ගේ ඉස්සරහම. එහෙම නම් ඉතින් ඔය පන්සිල් කියන බඩ කඩුත්තුව පිළිපැද්දෙ නෑ කියල අවුලක් නෑ. කොල්ලො උඹැ නියම බෞද්ධයෙක්.
ලෝකයා
June 27, 2010
තව එකක් බුදු පුතේ
එක එක පදය අරන් බලහං ඔය පන්සිලෙත් උඹට රකින්න පුලුවන් ද කියල ඔක්කොම එකට බැරිවුනත් එක එක වෙනම අරං බලහංකො සමහරවිට ටිකෙන් ටික පුලුවන් වෙයි