සජිත් ප්‍රේමදාසගේ තාත්තා හදිසියේ මියගිය නිසා දෝ සජිත්ගේ දේශපාලන මග සළස්වා දීමට තාත්තා අපොහොසත් වූයේ ය. ඒ නිසා සජිත්ට තමන්ටම ඒ මග පාදාගැනීමට අද සිදුව තිබේ. ඒ සදහා ඔහුට අපමණ වෙහෙසක් ගැනීමට සිදුවන බව පෙනෙන්නට ඇති අතර ඒ සියලු උත්සහයන්ගෙන් පසුව ද එය ලැබෙතැයි විශ්වාසයක් නැත.
මේ කගාටුදායක තත්වය පසක් වූ නිසාදෝ තව අවුරුදු 7ක් ඉතිරිව තිබියදී තුන්වෙනි හතරවෙනි නොව ජීවත්වන තාක් රාජ්‍ය බලයේ රැදී සිටිය හැකි ප්‍රතිපාදන තමන්ට සළස්වා ගන්නා අතරේම තම පුතුගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කිරීමට ද මහින්ද රජතුමා තීරණය කොට තිබේ. සමහරු නම් කියන්නේ හෙට අනිද්දා වළ කජ්ජ ගහන්නට ඉන්නා තමන් ගැන නොව ඉතා දිගු දේශපාලන ගමනකට හිමිකම් කිව හැකි නාමල්ගේ අනාගතය තකා මේ වෙනස්කම් කරන බව ය.
හැම බඩුකුඩුත්තුවකම මේ දවස්වල දැක ගත හැකි එක මුහුණක් තිබේ නම් එය නාමල්ගේ වන්නේ ඒ අනුව ය. ලංකාවේ නොව දේශ දීපංකරයේ ද තත්වය එසේ යැ.
පොළොවේ පය ගසා සිටින සංවේදී නායකයෙකු බව මේ සියලු දෙයින් මහින්ද ඔප්පු කරමින් සිටින අතර මෙහි ඉතිහාස කතාව කෙබදු ද යන්න ජැක්සන් ඇන්තනි ජේආර්පී සූරියප්පෙරුම හා මැන්දිස් රෝහණධීරයන් විමසා දැන ගත හැක්කේ ය.
ඩී ඇස් ඩඩ්ලි බණ්ඩාරනායක චන්ද්‍රිකා ලෙස මෑත කාලයේ ප්‍රකාශයට පත් වී වර්තමානයේ නැවත රග දක්වමින් ඇත්තේ ද ඒ ඉතිහාස කතාව ය. ඉපැරණි රජදරුවන්ගේ කතාන්දර ය.
මේ සුන්දර සම්ප්රදාය ඉවසා ගත නොහැකිව ඉරිසියාවෙන් පෙළෙන අයට බටහිර රටකට සංක්‍රමණය වීම හැර වෙනත් විකල්පයක් නැත.
අපට නම් මේ සිදුවන ආශ්චර්යයන්ගෙන් දැපනේ වැටී තවත් කාලයක් ෂේප් වන්නට හයිය ඇත. ඒ නිසා නාමල්ට පමණක් නොව සියලු දේශපාලන දූ දරුවන්ට සුභ අනාගතයක් පැතීමට අප පැකිළෙන්නේ නැත.
සමහරු පිළි නොගත්තාට රටත් ජනතාවත් ගැන හැගීමක් අපට තිබේ. හැම අප්පා කෙනෙකුටම තම දරුවන් සම්බන්ධයෙන් මෙසේ යුතුකම් ඉටුකිරීමට වුවමනාවක් ඇත්නම් ආණ්ඩුවට කරදර නොකර අනාගතය සකසා ගැනීමට දරුවන්ට හැකි ය. අප කියන්නේ ඒ සදහා මහන්සි ගන්නා ලෙස ය.
එහෙම වුනොත් දරුවන්ට මගමග උපවාස කරන්නටත් බැරිවුනාම තුවක්කු අතට ගන්නටත් වෙන්නේ නැත.
vibuthi
June 23, 2010
සජිත්ට වු දෙය නාමල්ට වීම වැලක්වීම කෙසේ වෙතත්
අනුරට වූදෙය නාමලට වීම වැලක්වීමට නම් පිය රජතුමාට නාමලගේ බඩ බැඳගෙන ඉන්නා යහලුවන් සියල්ලම මාරා දමන්නට සිදුවේ
xmen
June 23, 2010
BF යලිත් තම බටහිර ගැති බව පෙන්නා තිබෙයි.වසර 30 යුද්දය නිමාකර බටහිර බලවෙග පදයට නටන්නෙ නැති එකම රාජ්‍ය නායකය ගරු ජනදිපති තුමාය.බලා සිටින්නෙ යලිත් 7 වසරකට පසු තම රූකඩයක් බලයට පත් කිරිමටය.නව විවස්තාව අනුව වාර ගන්නෙ සීමා අහොසි වුනද පත් කරගන්නෙ චන්දයෙනි.
මහා සින්හල(පෙරදිග) සම්ප්රදාය අනුව නායකයෙකු පත්කිරිමෙ වාරගනනෙ සිමාවක් නැත.
Who cares
June 23, 2010
හොහ් හොහ් හෝ… මාරහිනා…
T
June 23, 2010
පෙරදිග සහ බටහිර කියන දෙපැත්තේම ඉස්සර හිටියේ රජවරුය. යාවජීව නායකයන් පෙරදිගට පමනක් ආවේණික සන්කල්පයක් නොවේ. පෙරදිගවත් බටහිරවත් දැන් සර්වබලධාරී රජවරු නැත. රජවරු ඉතිරිව ඇත්තේ අරාබියේ පමණි. වාර්ෂිකව තෙල් වෙලදාමෙන් ඩොලර් කෝටි ගණනක් අරාබියට ඇදුනත්, ජනගහනයෙන් අතිමහත් බහුතරය දිලින්දන් ම වීමේ රහස දන්නේ මේ රජවරු පමණි.
xmen
June 23, 2010
උඹල මොනදේ කියල කෑගැහුවත් ඒමිනිස්සු හැමදාමත් අපේ මහින්ද මැතිතුමත් එක්කයි. හැමදාමත් අපේ ජනාධිපත් මහින්ද රාජපක්ෂයි.
xxmen
June 23, 2010
මිනිස්සු හැමදාමත් අපේ මහින්ද මැතිතුමත් එක්කයි.
හැමදාමත් අපේ ජනාධිපත් මහින්ද රාජපක්ෂයි.
හැමදාම අපි කන්නෙත් තණකොළයි.
who cares
June 24, 2010
හොහ් හොහ් හෝ… ආයෙමත් හිනා…. අනේ පව් මෙයා තාමත් තණකොළ කනවා…
who cares
June 24, 2010
x men ගැන මම මේ කිවුවේ..
T
June 23, 2010
වාර දෙකේ සීමාව, වසර දොලහකට වරක් හෝ ජනාධිපතිවරයා වෙනස් වන බවට තිබුන එකම සන්රක්ෂනය ය. කිසිම ජනාධිපති කෙනෙක්, ධුරයේ රස වැටුන විට ගෙදර යන්නට හිතන්නේ නැත. සිතන්නේ දන්නා ඕනෑම ගැටයක් දමා හෝ බලයේ සිටීමටය. විධායක ජනාධිපති කෙනෙක්, චන්දයෙන් ගෙදර යවන එක ප්‍රායෝගික යථාර්තයක් නොවේ.
ලෝකයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල ව්‍යවස්ථාව විසින් ම ධූර ගණන නියම කර නැත්තේ අගමැති පාර්ලිමේන්තුවට වගකියන ක්‍රම වලය. (එන්ගලන්තය, ඉන්දියාව වැනි- නමුත් එකම පුද්ගලයා තෙවතාවක් අගමැති වීම සම්ප්‍රදායන් විසින් වලක්වා තිබේ. එන්ගලන්තයේ තෙවරක් අගමැති වී ඇත්තේ තැචර් සහ ටෝනි බ්ලෙයාර් පමනි. ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි සහ මන් මොහන් සින් හැරුනු විට කිසි කෙනෙක් දෙවතාවක් හෝ අගමැති ධුරයට පත් වී නැත.) විධායක ජනාධිපති ධූරය සහිත රටවල, අනිවාර්යෙන් ම ධූරය දැරිය හැකි වාරගණන දෙවතාවකට සීමා කර තිබේ. ඒ, විධයක ජනාධිපති ධුරයේ අති අතිමහත් බලතල යොදාගනිමින් එකම පුද්ගලයා නැවත නැවත බලයට එන අවදානමක් තිබිය හැකි බැවිනි.
ආණ්ඩුව, විධායක ජනාධිපතිධූරයට වුවත් ඡන්දයෙන් පත්වෙන්නේ නම් නැවත නැවත පත්වීමේ වැරද්දක් නොමැති බවට මතයක් ගෙනියමින් සිටියි. මෙය, ප්රජාතන්ත්රවාදයේ මූලික සන්කල්ප ප්රජතන්ත්රයවාදයේම හරය විනාශ කිරීමට නිර්ලජ්ජිත ලෙස යොදා ගැනීමකි.
හුරුල්ලා
June 23, 2010
ඔබගේ අදහස සමඟ එකඟවිය නොහැක. මෙවන් ගැටළුවක් ශ්‍රී ලංකාව තුල නොමැත.
ඔබගේ තර්කය ඇතැම් විට ප්රජාතන්ත්රවාදය, ඡන්දය, ජනතාව, ආණ්ඩුව, ජනාධිපති, නිර්ලජ්ජිත වැනි සංකල්ප ඒවායේ යථා අර්ථයෙන් ක්‍රියාත්මක වෙනත් රටකට අදාල විය හැකිය.
ලෝකයා
June 23, 2010
ජන දෙපා මුල පිදෙන මෙ බදු
නාමලක් වී මා මළත් කම් නෑ
Thisara
June 23, 2010
අප්පලා පුතාලාගේ අනාගතය හැදීම හොදය. (අපේ පුතාලාගේ අනාගතය ඔවුන් අනා ඇති බව සමහරැ දන්නේ නැත. නැත්නම් දැනගෙන නොදන්නවා වාගේ ඉන්නවා විය හැකිය)
බාප්පලා ට මේවා කොපමණ කලක් ඉවසා දරා සිටිය හැකි දැයි අප දන්නේ නැත. (මාමාවරැන් මරා රජවන කුමාරයෙකු මරන්නට වලිකෑ ආකාරය ඉතිහාසයේ ඇත. දන්නේ නැත්නම් මුක්කුවාගෙන් (ජැකා) විමසා දැන ගත හැකිය)
ආඩම්බරකාර තාත්ලාගේ, ජාතියේ පුතාලාගේ හා ජාතියේ බාප්පලාගේ අනාගතය සුභ වේදැයි බලා සිටිමු.
mervin
June 23, 2010
me lagadi mama patharyaka kiyauwa “namla R. G.L Pririste awawada anusasana dena wa kiyala” wecha naspathiyaka mahatha. me lagadia deshapalanyata appu huja kollo, thathage pahnin. G.L Priste awawade denawa. mewa ithn mircal ekke thama wenne.
බ්ලොග් කන්නා
June 25, 2010
BEYOND FRAME එකේ උන්ට තියෙන්නෙ පැහැදිලි ඉරිසියාව..නාමල් ජනාධිපති වෙන එකටයි,යෝශිත නාවික හමුදාපති වෙන එකටයි..
සජිත් කියන්නෙ මොකෙක්ද??? ඒ වගේද නාමල් බේබි…
vibuthi
June 25, 2010
එතකොට රෝහිත හඳට යන එක