අමිතාබ් බච්චන් කැත මිනිසෙකි. ඓශ්චර්යා රායි ද සවුත්තු නිලියකි. එහෙම නැත්නම් අයිෆා සම්මාන උළෙලට නෑවිත් අපේ රටට මෙහෙම අපකීර්තියක් ගෙනෙන්නේ නැත.
මේ කාලා ඉන්න බැරි වැඩය කළ දෙපළට පාඩමක් උගන්නන්ට ඕනෑය. ඇත්තටම රටට හිත ඇති දේශපේ‍්‍රමීන් වැඩට බැස්සේ ඒ අනුව ය. මේ දෙන්නා රගපාන රාවන් පෙන්නන්නට ලක ලෑස්ති කර තිබුනු අවස්ථාව ඒ සඳහා බොහෝ හොඳින් ගැලපුනේ ය.
කට්ටිය වැඩට බැස්සෝය..
ඒ අනුව සැමරුම් දිනය දා සිට මේ මස 30 දා දක්වා රාවන් නැගෙනහිර පළාතේ පෙන්වන්නට බැරි යැයි තහනම් නියෝගයක් පනවා තිබේ. ඒ බෙදාහරින ලද පත්රිකාවකිනි. පුංචි ආණ්ඩුවක් නැවත ක්‍රියාත්මක වෙන බවක් පෙනෙයි. එහෙත් කලින් වාරයේ මෙන් නොව මෙවර එය ක්‍රියාත්මක වන්නේ මහ ආණ්ඩුවේ ආශිර්වාදය මැද ඒ වෙනුවෙන් ය.
අමිතාබ් බච්චන්ට හා ඓශ්වර්යා රායිට වෙඩි තියන්නට බැරි නිසා ඒ දෙන්නා ඉන්නා කටවුට් එකකට ද මේ පිරිස වෙඩි තියා ඇත.
දැන් ඉතින් පණට ආසා එකෙක් 30 දා තෙක් මේ සිනමාහල පළාතේ නම් එන්නේ නැත. සිනමා හළේ නම් ශාන්තී ය. ඒත් ඒ නම කවරෙකු හෝ 30 දාට පෙර ගෙන්වන්නට නම් දැන් ඉතින් සමත් වෙන එකක් නැත.
දැන් ඉතින් අපකීර්තිය ඉවරය (ඇති යාන්තම්!).
මතක තියෙන කාලයක අමිතාබ් නම් ලංකාවට නෑවිත් ඉන්න එකක් නැත. ඓශ්වර්යා වුනත් මෙහේ ඓශ්චර්ය පහළ වෙනතුරු බලා නොසිට එන්නට සිත හදා ගන්නවා ඇත.
හූ හූ ඇද්ද උඹලට!
(තෝ හූ කිව්වෙ කාට ද?)
සිරිපාල
June 21, 2010
උබනම් සිරාම “සයිකො” පොරක්. උබ හරියන්නේ පිස්සන් කොටුවටත් එහා කොටුවකට. රාවනා තියා මොන මගුල නොපෙන්නුවත් උබට මොකද බන්?
අනිත් එක උබ හිතන් ඉන්නවනම් ඔය ලියල තියන ලිපිය හරි ලස්සනයි කියලා. ඒක උබටම ස්ව්යන් ආතල් එකකට හොඳයි. !
හික්ස් උබට ජය !
Thisara
June 21, 2010
ඔය කියන්නේ හිච්කොක් ගොයියගේ “සයිකො” ගැනද? ඇත්තටම සිරිපාල මාමේ කියලා දෙන්නකෝ… මරැ සිරා ැගන අහලා තිබ්බට සයිකෝ සිරා ගැන අපි අහලා නෑනේ…
දුකා
June 21, 2010
එල එල හික්ස්
උපහාසය හා අපහාසය අතර ඇති වෙනස කියවන්නෝ අඳුනා ගනිත්වා . .. . !!!
ආවෘත
June 21, 2010
පූර්ව අයිෆා – මෙම රට ආයෝජකයන්ට එළ රටකි
පශ්චාත් අයිෆා – මෙම රට ආයෝජකයන්ට ඵල කියනා රටකි
lankanhero
June 21, 2010
නියම ලිපියක්, උපහාසය නියමයි. අර සිරිපාලට නම් එයාගේ නම හොදට ගැලපෙනවා.. හික් හික්
Pukkusathi
June 21, 2010
දේශප්‍රේමියො – හූ.. හූ.. ඇද්ද උඹලට!
සිංහළ ගෝත්රවාදීන් කැත මිනිස්සුය. එහෙම නැත්තම් අර ගහක් ගළක් වගේ උන් කෙදිනකවත් පරාජය කළ නොහැකියයි අප සියල්ලෝම උඩ දැමූ යුද විශාරද ප්‍රභාකරන්ව නන්දිකඩාල් කරන්නේ නැත.
මේ කාලා ඉන්න බැරි වැඩය කළ උන්ට පාඩමක් උගන්නන්ට ඕනෑය. BF ඇතුළු නඩයවැඩට බසින්නේ ඒ අනුවය. ලඟදී පැවැත්වූ IIFA උළෙලට අමිතාබ් බච්චන් සහ ඓශ්වර්යා රායි නොපැමිණීම ඒ සඳහා බොහෝ හොඳින් ගැලපුනේය. කට්ටිය වැඩට බැස්සේය.
ඒ අනුව අමිතාබ් සහ ඓශ්වර්යා IIFA උළෙල්ට නොපැමිණීම මුල් කොට ගෙන ආන්ඩුව සහ දේශප්‍රේමීන් ‘බයිට්’ කිරීම ඇරඹුනි.
නන්දිකඩාල් වූ ප්රභාකරන් ලවා සිංහළ ගෝත්රවාදීන්ට යළි පාඩම් ඉගැන්විය නොහැකි නිසා ප්රභාකරන්ගේ ගෝල බාලයන්ගේ බලපෑම මත අමිතාබ් සහ ඓශ්වර්යා ලංකාවට ඒමෙන් වැළකීම ආණ්ඩුව සහ දේශප්‍රේමීන් පරාජයක් ලෙස සලකා උපහාසාත්මක බ්ලොග් ලිවීම ඇරඹෙන්නේ ඒ අනුවය.
දැං ඉතින් ප්රභාගේ පරාජයෙන් වූ අපකීර්තිය ඉවරය!!!
මතක තියෙන කාලෙක සිංහළ ගෝත්රවාදීන් නැවත IIFA නොතියනු ඇත.
හූ.. හූ.. ඇද්ද උඹලට!
Nalagiri
June 21, 2010
නියම කමෙන්ටුවක්, උපහාසය නියමයි
ආවෘත
June 21, 2010
පූර්ව අයිෆා – එළ
පශ්චාත් අයිෆා – පල
Nalagiri
June 21, 2010
ෂිහ්!
අපරාදේ.
ප්රභාකරන් අහින්සකයව නන්දිකඩාල් කෙරුවෙ නැත්තං, අමිතාබ් සීයයි අයිශ්චර්යා නංගියි ගෙන්නල ලොකු අයිෆාවක් කරන්න තිබ්බනෙ. ප්රභාකරන් ව නන්දිකඩාල් කෙරුවයින් වැඩක් තියනවද, අමිතාබ් සීයයි අයිශ්චර්යා නංගියි එක දවසකට ලංකාවට ගෙන්න ගන්න විදියක් නැත්තං?
(දේශප්‍රේමියො නං කියාවි ප්රභාකරන් නන්දිකඩාල් නොවුන නන්, බෝම්බ වලට බයේ අමිතාබ් සීයයි අයිශ්චර්යා නංගියි තියා අයිෆා වත් මෙහෙට එන එකක් නැහැ කියලා. උන් දන්න කෙං කෙඩිය. )
අර හංසයා තමයි මේකට සම්පූරනයෙන්ම වග කියන්න ඕන. හංසයා තනියෙන් ම නෙ යුද්ද කරල ප්රභාකරන් අහින්සකයව නන්දිකඩාල් කරේ.
දැන් ඇන්.ජී.ඕ වලට සල්ලි ලැබෙන්නෙ නැති නිසා, ඒ අහින්සකයන්ගෙ රස්සා වලට තට්ටු වෙලාලු. විරැකියාව ඔඩු දුවලා.
ඔන්න බලන්න, ඇන්.ජී.ඕ කියන දේ අහන්නෙ නැතුව, දුර දිග නොබලා යුද්ධ කරාම වෙන පාඩු.
අමිතාබුත් නැහැ. අයිශ්චර්යාත් නැහැ.
පද්දා
June 21, 2010
අන්න බලපන් තිනක්කුරල් පත්තරේ! ගිනි තිබ්බෙ චිත්තර පටිය ප්‍රදර්ශන අයිතිය ලබා ගන්න බැරි වෙච්ච තවත් මඩනලපුවෙ තවත් හෝල් කාරයෙක්ලු! මිනිහ හැබැයි දෙමළ! සමහර විට මේක සිංහල ගෝත්රනාදීන් දෙමළෙක් දාල කරපු එකක් වෙන්නත් බැරි නෑ. මොකද දෙමළෙක් ඔහොම කළයි කියල හිතන්න පුළුවන් ද? පිරභා අයිය වගේ උනුත් පෙරාපු රත්තරන් නෙ?
ලෝකයා
June 21, 2010
නොදන්න කමටයි මෙ අහන්නෙ පුක්කුසාතී මහත්තයො
දැන් රවාන් පෙන්ගන්න බැරිවුනහම කෙළවෙන්නෙ උන්ට ද? කටඅවුට් එකට වෙඩි තිබ්බහම රිදෙන්නෙ අමිතාබ්ට ද ඓශ්චර්යා රායිට ද?
රට විහිළුවට ලක් කරල අපි සොමියක් ගත්තහම ඇත්ද?
ප්රභාකරන් මැරුව කියල ඒක ඉස්සරහට දාල ඒකෙ ක්‍රෙඩිට් එකෙන් රටෙ අනාගතයම පරදුවට තියන මෙහෙම වැඩවලටත් දිගටම අත්වැල් අල්ලන්න ගියහම රටට මොකද වෙන්නෙ?
Pukkusathi
June 21, 2010
මචං ලෝකයා,
ඔවැනි දේ කිරීමෙන් අමිතාබ්ට නොරිදෙනවානම් විය නොහැක. කොටි හිතවාදීන්ගේ තර්ජන හමුවේ අමිතාබ් පසු බැස්සේ එවැනි දේ වලින් ඔහුට රිදෙන නිසා විය යුතුය. රිදීම නොරිදීම කෙසේ වෙතත් කටවුට් වලට වෙඩි තැබීම ගොං පාට් එකක් බව අමුතුවෙන් කීමට උවමනා නැත. මාගේ අදාළ සන්නය ඒ සම්බන්ධව නොවේ. එය ඓශ්වර්යා සහ අමිතාබ් ලංකාවට නො ඒමෙ ඔස්සේ ‘සිංහළ ගෝත්රවාදීන්ට’ ඇන්නීමට මාන බලන මහත්වරුන්ගේ පැටිකිරිය සම්බන්ධයෙනි. මේ මහත්වරුන්ද කරනුයේ අමිතාබ්ගේ සහ ඓශ්වර්යාගේ කටවුට් වලට වෙඩි තබනවාට නොදෙවෙනි ගොං පාට් එකකි.
ඔවුනට ‘සිංහළ ගෝත්රවාදීන්’ සමග පියවා ගැනීමට ගණුදෙනුවක් ඇත. අපරාජිත යැයි සිතූ ප්රභාකරන්ද නන්දිකඩාල් වී ඇති මේ මොහොතේ ඔවුන්ට එම ගණුදෙනුව ලෙහෙසියෙන් පියවා ගත නොහැකි බව මේ මහත්වරු හොඳින් දනී. ඉදින් ඔවුන් කරනුයේ කොටි හිතවාදීන්ගේ තර්ජන මැද අමිතාබ් ලංකාවට නොපැමිණීම ඔවුන්ගේ ජයක් ලෙස සලකා හුරේ දැමීමයි. නවි පිල්ලේ ගේ අනුදැනුමෙන් එක්සත් ජාතීන් ලංකාවේ යුධ අපරාද සෙවීමට කමිටු පත් කිරීම ඔවුන්ගෙ ජයක් ලෙස සලකා චියර් කිරීමයි.
සටහන: ඔයාට තවත් ඔහොම් නොතේරෙන දේවල් තියේ නම් ලැජ්ජ නොවී අහන්න. පුළුපුළුවන් හැටියට කියල දෙන්න බලන්නම්. ගුඩ් ලක්.
– පුක්කුසාතී.
Migara
June 21, 2010
BF විසින් දක්වා ඇති මූලික කරුණවන “මහ ආණ්ඩුවේ ආශිර්වාදය මැද රාවන් චිත්‍රපටයට නැගෙනහිර පළාතේ තහනම් නියෝගයක් පනවා තිබේ” යන ඉතාමත් බරපතල කාරණය ඉතාමත් පහසුවෙන් නොසලකා හැර කණා බල්ලන් ගසන්නාක් වැනි ප්‍රතිචාර වලින් මෙම අඩවිය පිරී යන බවක් පෙනේ.
අදාල පත්‍රිකා මුද්‍රණය කොට බෙදා හැරියේ කවුද යන්න සහ අදාල චිත්‍රපට ශාලාවට ගිණි තැබුවේ කවුද යන්න සොයා දඬූවම් ලබාදෙන තෙක් මේ මෝඩ හා නොමනා ක්‍රියාව “මහ ආණ්ඩුවේ ආශිර්වාදය මැද” සිදු නොවුනා යැයි කාටනම් කිව හැකිද?
(“අරුන්ට හොද නම් අපි කළාම මොකදැ”යි යන තර්කය ආණ්ඩුවකට ගැලපේයැයි මානම් හිතන්නේ නැත.)
Nalagiri
June 21, 2010
මිගාර, ඔයා ඔයිට වඩා මහන්සි වෙලා යමක් තේරුම් ගන්න බලන්න.
උත්සාහයක් දැම්මොත් බැරි වෙන එකක් නැහැ. හැම දෙයක් ම ඔයාට තේරුම් බේරුම් කරල දෙන්න අනිත් අයට වෙලාවක් නැහැ නෙ.
මේ රටේ බිල්ඩිං ගිනි ගන්න තරමට, ආන්ඩුවට වෙන වැඩක් නැහැ ඔවා ගිනි තිය තිය යන්න. ඔවා කරපු වැරදි කාරයො අල්ලන එක පොලිසියෙ වැඩක්. විසඳපු නැති අපරාධ ඔක්කොම ආන්ඩුවෙ ගිණුමට දාන්නෙ මොලේ කචල් කට්ටිය.
Thisara
June 21, 2010
IIFA = ඇදගෙන නෑම (ඕනමනම් ෂවර් තියෙන කාලේ කියලා දාගන්න)
Migara
June 21, 2010
නාලාගිරි මැතිදුනි,
මේ රටේ ගිනි ගන්නා බිල්ඩිං ගිනි ගත්තාද නැත්නම් ගිනි තිබ්බාද කියා හොයන එකත් ඔවා කරපු වැරදි කාරයො අල්ලන එකත් ආණ්ඩුව අනිවාර්යයෙන්ම කළ යුතුයි. අපි හැම හාල් හුන්ඩුවකින්ම ආණ්ඩුවට බදු ගෙවන්නේ ඒ සදහායි. අනික් අතට, පොලිසිය මෙතෙක් විසඳපු නැති අපරාධ බොහොමයක් දැනටමත් ආන්ඩුවෙ ගිණුමට බැරවී ඇති බව නොදන්නෙ ඔබත්, පුක්කුසාතීමැතිදුත්, තොත්ත බබ්බුත් පමණයි.
vibuthi
June 21, 2010
ඒ වැටකඩොල්ලත් ඈත පලාත් වලට
ඔය යස අගේට ලිබර්ටි එක පෙන්නන්නේ
එව ගිනි තියන්න අපේ දේශප්‍රේමින් බයයි
රජා උනත් දන්නවා ගිනිතියන්න ඉඩ දෙන්න ඕන මොකද්ද නැත්තේ මොකද්ද කියලා
Thisara
June 21, 2010
නැතුව නැතුව ඉරිදා ටියුෂොං තහනම් ෙකාරාට ඉරිදට රගර් මැච් තහනම් කොරන්න පුළුවනෑ…
අපි කුරහන් තලප කන මිනිස්සු… අනික ඕක රාවණා කතාවේ අළුත් වර්ෂන් එකලුනේ… දැන් ඒවා සුම්මා…
(හනුමාන් ගිනි තිබ්බාදැයි සාධාරණ සැකයක්ද පවතී)
හුරුල්ලා
June 21, 2010
පුක්කුසාති මැතිඳුනි, මටත් ප්‍රශ්ණ අටෝරාසියක් තිබුනත් ලෝකයාට දුන්න උත්තර වල හැටියට අසන්නට ලැජ්ජය. කොටි තර්ජන/නන්දිකඩාල්/ගණුදෙනු පියවා ගැනීම් වගේ හරබර කතා පැත්තකින් තියලා සහසුද්දෙන්ම වෙච්ච දේ බලන්ඩකෝ. අයිෆා කියලා මහා ගොන් වැඩක් කලා. මොන ප්‍රශ්ණ නිසා හරි ඒකට අමිතාබුයි ඓශ්වර්යායි ආවේ නෑ. ඉතිං ඒකෙ පලිය ගන්ඩ උන්දෙන්නා රඟපාන ෆිල්ම් එකක් පෙන්නපු හෝල් එකට ගිනි තියලා නැගෙනහිර පළාතෙ ෆිල්ම් එක තහනම් කොලා. දැං කියන්ඩකෝ මේක මහා අමන ගොං වැඩක් නෙමේද කියලා? අර හර බර කතා අටෝලා මේ ගොංකම වහන්ඩ යන්නේ ඇයි?
ඔබ ලෝකයා ට නොදුන් පිළිතුරු පහත දැක්වේ.
ඇත්තටම කෙළවිලා තියෙන්නෙ අපිට ඕයි. මහා ලොකු දේශප්‍රේමියෝ, සංවේදී නායකයෝ කියලා අපි මුංව උඩදැම්මා. උං කෙලින්නෙම පිස්සු ඕයි. අපිත් දැං ගලේ පහරපු ගානයි.
අනික මේ සොමි ගන්න වෙලාවක්ද? යන කෝච්චියට බෙල්ල තියනවද, ඔන්නඔහේ එල්ලිලා බඩ වියත ෂේප් කරගන්නවද කියලා දෙකොන පත්තු වෙලා ඉන්නෙ. එනවා මෙතන රෙද්දක් අහන්ඩ…. දේශද්‍රෝහී හැත්ත.
Nalagiri
June 21, 2010
ඇත්තටම කෙළවිලා තියෙන්නෙ අපිට ඕයි…. අපිත් දැං ගලේ පහරපු ගානයි….
අනික මේ සොමි ගන්න වෙලාවක්ද? යන කෝච්චියට බෙල්ල තියනවද, ඔන්නඔහේ එල්ලිලා බඩ වියත ෂේප් කරගන්නවද කියලා දෙකොන පත්තු වෙලා ඉන්නෙ. එනවා මෙතන රෙද්දක් අහන්ඩ…..
-ප්රභාකරන් නන්දිකඩාල් වීමෙන් පසු රැකියා අහිමි වූ සිවිල් සොසයිටියේ අපි.
හුරුල්ලා
June 21, 2010
ඔය කතාව එක්ස්ෆයර්ඩ් නෙ මහත්තයෝ. ප්රභාකරන් මළාම ඇත්තටම කෙලවුනේ කාටද? ප්රභාකරන්ට පින්සිද්ධ වෙන්ඩ කී දෙනෙකුට හරිගියාද? හරිත සමාජවාදයට ගිහින් ඇනගත්තු මිනිස්සු දේශප්‍රේමී ඇමතිවරු උනා. තැපැල් නයින්ටියේ බණට වැඩපු හාමුදුරුවරු බෙන්ස් එකේ පාර්ලිමේන්තු වැඩියා. තාප්පයි පාප්පයි එක්ක කට්ට කාපු සහෝදරවරු මාලිගා හිමි ඇමතිවරු වෙනවා. දෙලොවටම නැති ගණන් කාරයෝ, හොරු, ස්ත්‍රී දූෂකයෝ දේශප්‍රේමී නායකයෝ වෙනවා. උන්ගේ හතර වරිගේ නෑයො, හොරගෑණු, බිස්නස් පාට්නර්ස් ලා ජනතා පරමාධිපත්‍යය නියෝජනය කරන්ඩ එනවා. ලැයිස්තුව තව දිගයි. ඉතිං ඔය කවුරු කවුරුත් වටේ ඉන්න ඇම්බැට්ටයොත් ගොඩ.
ඔය හැමෝම ආවේ කුණුගඳ ගහන ජාතිවාදය අවුස්සගෙන. ඒකට ඉඩකඩ හදලා දුන්නේ ප්රභාකරන් කියන ජාතිවාදියා. ඌට පින්සිද්ධ වෙන්ඩ.
මහත්තයෝ දැං ඉතිං කානිවල් එක ඉවරයි. ඔබතුමාලත් දන්න ඔය ඇත්ත අපි කියද්දි අමාරුයි තමා. ඉතිං පිහිටට තියෙන්නෙ එන් ජී ඕ චෝදනාව.
මොනවා කරන්නද නේද? තව බිල්ලෙක් හොයාගන්නකං ඔහොමවත් අඬන්න.
Nalagiri
June 21, 2010
හුරුළු පැටියෝ,
දැන් කානිවල් ඉවර තමා. සාම පර්යේෂණ වලට සල්ලිත් නෑ! සාම වැඩමුළු වලට සල්ලිත් නෑ!!
සාම වීදි නාට්‍ය හැදිල්ලත් ඉවරයි!!! උතුරේ කොටින්ගෙ හිත මෙලෙක් වෙන්න කියලා කොළඹ කෙල්ලො කොල්ලො අත් අල්ලං ඉන්නවට සල්ලි දෙන්නත් කවුරුත් නැ….
ප්රභාකරන් නන්දිකඩාල් වුනත් හරි, සිවිල් සොසයිටියට කෙළ වුනා නෙ.
දැං මක්කයි කොරන්න තියෙන්නෙ?
“හූ….හූ…..අපේ කීම නාහ තොපි අර අහිංසකයා නන්දිකඩාල් කරවලා, අපිට බඩේ පාර ගැහුව. තොපේ අයිෆාවට බච්චන් ආවෙත් නෑ…….ඓස්චර්යා ආවෙත් නෑ…..තොපිලට හොඳ වැඩේ…..කළ දේ ඵල දේ……….හූ….හූ…………” කියල දුකට හූල්ලනව ඇරෙන්න.
beyondframe
June 21, 2010
@ පුක්කුසාතී සහ නාලාගිරි ඇතුළු නඩයට
අමිතාබ් බච්චන්ලා තමුසෙලාටයි තමුසෙලාගෙ මහරජ්ජුරුවන්ටයි එයාගෙ පුතාටයි ලොකු වුනාට අපට ලොකු නෑ.
මේ බ්ලොග් අඩවියේ නම් හින්දි නලුනිලියෝ ආපු නාපු එක ගැන කතා කළෙත් නැහැ. කට්ටිය ආපු නැති එක ගැන අපි අපේ ප්‍රීතිය පළ කරන්න නැටුවෙත් නෑ. දේශප්‍රේමී ගැත්තන්ට වෙච්ච අවනඩුව ගැන කාළකන්නි සතුටක්වත් අඩු වශයෙන් අපට ඇති වුනේ නෑ. උන් ඇති වෙන්න නාගත්තත් සබන් ඕනෑ ද කියල නිකමටවත් ඇහැව්වෙත් නෑ.
ඇත්තටම උන් නාන නෑවිල්ලට මේකත් නෑවිල්ලක්ද කියල හිතල අපි නිකම් හිටිය.
ඒත් ඒක මහා ලොකුවට අරන් ලෝකෙ ඉස්සරහ ලංකාවම හිනස්සන්න කරන දත කැවිල්ල බලන් ඉන්න බැරිකමට තමයි අපි අන්තිමේ දී කට ඇරියෙ.
Pukkusathi
June 21, 2010
“ඉතිං ඒකෙ පලිය ගන්ඩ උන්දෙන්නා රඟපාන ෆිල්ම් එකක් පෙන්නපු හෝල් එකට ගිනි තියලා නැගෙනහිර පළාතෙ ෆිල්ම් එක තහනම් කොලා. දැං කියන්ඩකෝ මේක මහා අමන ගොං වැඩක් නෙමේද කියලා? අර හර බර කතා අටෝලා මේ ගොංකම වහන්ඩ යන්නේ ඇයි?”
@ හුරුල්ලා,
ඔබට සරළ සිංහළද නොතේරෙන සෙයකි. අමිතාබ්ගේ කටවුට් වලට වෙඩි තිබ්බේ ඔහු IIFA වලට නොපැමිණි වාඩුව ගැනීමටදැයි මා නිශ්චිතවම දන්නේ නැත (ඒ ගැන අනුමානයකටද ඒමට අපහසු තත්ත්වයක් ඇත්තේ එය තහනම් කොට ඇත්තේ නැගෙනහිර පළාතේ පමණක් බැවිනි. නැගෙනහිර පළාතේ පමණක් එය තහනම් කිරීමෙන් ‘සිංහළ ගෝත්රවාදීන්’ බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න මට නොතේරේ. ඇතැම්විට ඒ මා තින්ක් ටෑන්ක් එකක් නොවන නිසා විය යුතුය).
ඒ කෙසෙවතුදු, අමිතාබ්ට රිදීම නොරිදීම කෙසේ වෙතත් කටවුට් වලට වෙඩි තැබීම ගොං පාට් එකක් බව මා සහසුද්දෙන් කියා ඇත. ආපහු ගිහිං මං ලියපු දේ කියවල බලන්න. එතකොට තේරෙයි.
– පුක්කුසාතී.
Thisara
June 21, 2010
http://w3lanka.blogspot.com/2010/06/blog-post_19.html
දැන්නම් ඉතින් සංචාරක ව්‍යාපාරය නැගලා යනු ඇත. සුද්දෝ සහ පද්දෝ බයටම ලංකාවට එනු ඇත. නැතිනම් ඉතින් එහෙම නොඑන සුද්දන්ට සහ පද්දන්ට දෙයියන්ගේම පිහිටයි.
(දේශප්‍රේමී අමිතාබච්චන් සහ ඓයිශ්චර්යා රායි සමග ජායාරෑපයකට පෙනී ෙසටීමට නොහැකි වීම ගැන කාගෙවත් හිතේ දුකක් එහෙම නැද්ද?)
ඒ අස්සේ තුප්පහි කොල්ලෝ ටිකක් කතාවෙනවා ත්‍රී ඉඩියට්ස් එකට සම්මාන දුන්නේ අපට රිදෙන්නළු….
විජාතික බලවේග….
wimansa
June 21, 2010
අපේ රටේ හැම මාධ්‍යයකම ප්‍රවෘතිවලින් 98% ක් ම වෙන් වෙන්වේ දේශපාලන කාරනා සදහා ය.
අපේ රටේ බහුතරයක් “සෙට්වුනාම” දේශපානලන කතා ඇද ගන්නේ ය.
අපේ රටේ වැඩිම ජන සහභාගිත්වයක් ඇත්තේ, දේශපාලන මාතෘකා ගැන කතාකරන බ්ලොග් වලටය.
මෙතරම් කතා කලත්, අපේ රටේ බහුතරයක්, ගොන් බදින කණුය.
😦
beyondframe
June 21, 2010
@ පුක්කුසාතී සහ නාලාගිරි ඇතුළු නඩයට
අමිතාබ් බච්චන්ලා තමුසෙලාටයි තමුසෙලාගෙ මහරජ්ජුරුවන්ටයි එයාගෙ පුතාටයි ලොකු වුනාට අපට ලොකු නෑ.
මේ බ්ලොග් අඩවියේ නම් හින්දි නලුනිලියෝ අයිෆා එකට ආපු නාපු එක ගැන අපි කතා කළෙත් නැහැ. කට්ටිය ආපු නැති එක ගැන අපි අපේ ප්‍රීතිය පළ කරන්න නැටුවෙත් නෑ. දේශප්‍රේමී ගැත්තන්ට වෙච්ච අවනඩුව ගැන කාළකන්නි සතුටක්වත් අඩු වශයෙන් අපට ඇති වුනේ නෑ.
උන් ඇති වෙන්න නාගත්තත් සබන් ඕනෑ ද කියල නිකමටවත් ඇහැව්වෙත් නෑ. ඇත්තටම උන් මේ දවස්වල නාන නෑවිල්ලට මේකත් නෑවිල්ලක්ද කියල හිතල අපි නිකම් හිටිය.
ඒත් ඒක මහා ලොකුවට අරන් ලෝකෙ ඉස්සරහ ලංකාවම හිනස්සන්න කරන දත කැවිල්ල බලන් ඉන්න බැරිකමට තමයි අපි අන්තිමේ දී කට ඇරියෙ.
Pukkusathi
June 22, 2010
@ BF,
“අමිතාබ් බච්චන්ලා තමුසෙලාටයි තමුසෙලාගෙ මහරජ්ජුරුවන්ටයි එයාගෙ පුතාටයි ලොකු වුනාට අපට ලොකු නෑ.”
ඔබට කේන්ති යාම තේරුම් ගත හැක. ඔබ මහංසි වී බ්ලොග් ලියන්නේ ඔබගේ මතය අනුන්ට ඒත්තු ගැන්වීමට (හෙවත් තෙල බෙදීමට) මිසක අහක ඉන්න ‘සිංහළ ගෝත්රවාදීන්ට’ ඒ මැදට පැන ඔබේ ව්‍යාපෘතිය කඩාකප්පල් කර ඔබව ඇන්නීමට නොවේ. එහෙත් ඔබ ලියන ගොං කතා දැක දැකත් නිහඬව සිටීමට තරම් කෝටියක් සංවරයන් ගිහියෙක් වන මට නම් නැත. ඒ ගැන මගේ අවංක කණගාටුව.
– පුක්කුසාතී.
beyondframe
June 22, 2010
Anybody can become angry – that is easy; but to be angry with the right perosn, and to the right degree, and at the right time, and for the right purpose, and in the right way – that is not within everybody’s power and is not easy
– Aristotle
Azdak
June 23, 2010
He who angers you conquers you.
– Elizabeth Kenny
Nalagiri
June 22, 2010
අමිතාබ් බච්චන්ලා තමුසෙලාටයි තමුසෙලාගෙ මහරජ්ජුරුවන්ටයි එයාගෙ පුතාටයි ලොකු වුනාට අපට ලොකු නෑ.
ඔයා, විබූති, අර්ජුන ඇතුලු නඩයට ලොකු බච්චන්ගෙ කටවුට්!
beyondframe
June 22, 2010
කටවුට් ලොකුවෙල තියෙන්නෙ ඒවට වෙඩි තියපු මිනිසුන්ටයි ඒ වෙඩි තියපු මිනිසුන් කරපු මෝඩ වැඩෙ අනුමත කරන මිනිසුන්ටයි
vibuthi
June 22, 2010
මට අමිතාබ්ගෙ කටවුට් ලොකු නැත
ඔහුගේ අදහස් ලොකු නැත
නමුත් ඔහුගේ සමහර රඟපෑම් ලොකුය සමහර රඟ පෑම් පොඩිය
නමුත් මිනිස්සුන්ට තමන් කැමති ච්ත්‍රපටියක් බැලීමේ අයිතිය මට ලොකුය
කටවුට් ලොකු කරගෙන නටන අය කවුද කියා ලෝකයම දනී
Taboo Subjects
June 22, 2010
@ Beyondframe,
මෙහි එකම පුද්ගලයකු නම් කිහිපයකින් කමෙන්ටු දමන බව පෙනී යයි. මගේ පෞද්ගලික නිරීක්ෂණය නම් පුක්කුසාති, නාලගිරි, පොල්හේන්ගොඩ සහ මිගාර පමණක් නොව විභූති නමින් මන්ද බුද්ධික කමෙන්ටු දමමින් පුක්කුසාතිලාට පහසු ඉලක්ක සපයා දෙන්නේද එකම පුද්ගලයෙකි.
ඔවැනි උත්සාහයක් මොවූහු මගේ වෙබ් අඩවියේද වරක් දැරූහ. එහෙත් මා සමග නඟන්නට තර්ක නැතිවූ බව දැනුනු බැවින් ඔවුන්ගේ ස්වප්න සන්තර්පණය කර ගැනීමට පහසු ඉලක්කයන් වෙත ප්රවේශු වී ඇති බවක් පෙනේ. මොවුන්ගෙන් ප්‍රවේශම්වන්න.
– Taboo
vibuthi
June 22, 2010
😛
beyondframe
June 22, 2010
@ Taboo (real or forged)
ගලක් මැණිකක් ද නිකම්ම නිකම් පාෂාණ කැබැල්ලක් ද යන්න තේරුම් ගත හැක්කේ එය කපා කොටා බැලීමෙනි. ඒ නිසාම මගේ සටහන් කවරෙකු විසින් හෝ විමසා බලනවාට මම කැමැත්තෙමි. එහි ඔපය වඩාත් දැනෙන්නේ එවිට ය.
දුකා මෙහි මුලින්ම ප්‍රතිචාරයක සටහන් කළාක් මෙන් උපහාසය හා අපහාසය වෙනස මෙන්ම තව බොහෝ දේ ඉගෙනීමට ද සංවාදය වැදගත් ය.
ආණ්ඩුව මෙන් තරග කරුවන් පන්නා දමා නිතරගයෙන් ජය ගන්නට අපේ ඇල්මක් නැත. අප කැමති මහත්මා තරගයක් හරහා ජය ගන්නට ය. ප්රතිවාදියාගෙන් ගිලිහිණු කඩුව අවශ්‍ය නම් ඔහු අතට දී ජය ගන්නට ය.
ඒ නිසා හෙටත් පොල්හේන්ගොඩයාටත් පුක්කුසාතීටත් තවත් එකි නොකී හැමටත් මෙය විවෘත ය.