ජනතාවට රජතුමාගෙන් ලැබුනු අපූරු තෑග්ග

Posted on June 18, 2010



තමන්ගේ යටත් වැසියන්ට තෑගි පිරිනමන රජවරු හිග ය. ගහන තරමක් බදු ගහමින් එයින් තම භාණ්ඩාගාරය පුරවා ගන්නා රජවරු අතර හිටිහැටියේ ත්‍යාග වන්ත රජවරු ද වෙසෙති. මේ එවන් එක් රජ කෙනෙක් ගැන කතාවකි.

රට ලංකාව ය. කාලය වර්ථමානය ය. රජතුමා මහින්ද ය. දෙන ලද තෑග්ග නිවාඩුවකි.

ඉතින් මේ ගැන ඇතිවූ පස්වනක් ප්‍රීතියෙන් උදම්ව ගිය ජනතාව අතරට ගොස් අපිදු මේ ත්‍යාගවන්ත භාවය ගැන උන් පිළිවිසුවෙමු.

නිවාඩු දුන්න එක හොදයි. බස් ගාස්තුව ඉතිරිවෙනව. තේ බොන සල්ලි ඉතිරි වෙනව.

ඇත්තටම හොදයි. නැත්නම් රජතුමාගේ ආතල් කතාව අහගන්න බැරිවෙනව.

පංකාදුයි. ඊළග අවුරුද්දෙ දෙනව ද නැත් ද කියල කියනවනම් තවත් හොදයි.

පරක්කුවෙලා හරි මොළේ පහල වෙන රජ කෙනෙක් ඉන්න එක ගැන ජනතාව හැටියට අපි ආඩම්බර වෙනව.

දිග සති අන්තයක් ලැබෙනව. සිකුරාදා වෙච්චි එක කොච්චර දෙයක් ද? එකත් එකට කල්පනා කරල කරන්න ඇත්තෙ. සංවේදී නායකයෙක් නෙ.

පින් අතේ වැඩක් ඉවසන්නට බැරි පුබ්බරුවන් ද ඔය අතරේ අපට මුණ ගැසුනේ ය.

ඔක්කොම වැඩපිළිවෙල් අවුල් නෙ. ඔය මගුල කියන්න මෙච්චර කල් හිටියෙ අහවල් දේකට ද හැබෑට. දැන් ඉතින් හෙට ගම් බිම්වලින් පිටත් වෙච්ච මිනිසුන් ආපහු හරවල යවන්නයි වෙන්නෙ. හැබෑට කවුද ඒවා ට ගෙවන්නෙ (රටක් රාජ්ජයක් වෙනුවෙන් තඹයක් වියදම් කරන්නට අකමැති පාඩුවක් අලාභයක් විදගන්නට අකමැති මෙහෙමත් කුම්මැහියන් ඉන්නවානෙ?).

ආයෝජකයින් නම් එයි මෙහෙම මගුල් කරනකොට (අනේ හැබෑට උන් මොකටද මෙච්චර කිරි ඉතිරෙන ආර්ථිකයක් තියෙන කොට)

‍මොලේ කොළොප්පම් ද තීන්දුව ගන්න මෙච්චර පරක්කු වුනෙ (දෙවියන් හදිස්සියේම වස්සන්න තීරණය කරයිද දන්නෙ නැති නිසා කෝකටත් අන්තිම මොහොත වෙනකම් ඉන්න වුනානෙ. ඕක වත් තේරෙන්නේ නැත්ද? ඇයි එක පාරක් කල් දැම්ම මතක නැත්ද? අහල නැත්ද better late than never කියල කියමනක් තියෙනව)

බාර් ඇරල ද අපිටත් සමරන්න (මොකද පෝයක් කියල හිතුව ද ඇතිවෙනකම් බොන එක නෙ ඇත්තෙ තිතට මත් වෙන්න. මේධානන්ද නායක හාමුදුරුවො වුනත් අද වගේ දවසක බිව්වට වැරැද්දක් නැහැ කියල කියයි)

දෙනදෙයක් ගන්නේ නැතිව ඒකේ දිග පළල හොයන මිනිසුනුත් ඒ අතරේ අපට මුණ ගැසිණ.

ඇත්තටම ඇයි හැබෑට නිවාඩු දුන්නෙ?

පුලුවන් නම් උත්තර දීහංකො.

Posted in: Uncategorized