හිගන්නන් මරා දැමීමේ රහස

Posted on June 17, 2010



ආසියාවේ ආශ්චර්ය වීමට නම් දුප්පත් කම තුරන් කළ යුතු ය. එය කියන තරම් පහසු නැත. ඒ නිසා ඒ සදහා කෙටි පාරක් ‍සොයා ගැනීමට සිදුව තිබේ.

ඒ දුප්පත් කම ඇස් පෙනෙන මානයෙන්ඉවත් කිරිම ය.

ඒ සදහා මුලින් පදික වෙළදුන් ඉවත් කරන ලද්දේය. දෙවනුව පැල්පත් කඩා දමන ලද්දේ ය.

ඉතිරිවෙලා ඉන්නේ හිගන්නන් ය. උන් අතුරුදහන් කිරීම අමාරු ය.

එහෙත් ආණ්ඩුවේ දුක බලා උනුවන හදවත් ඇත්තෙක් විසින් ඒ කාර්යය ද බාරගෙන ඇ‍ත්තේය.

ඒ අම්බානකට නෙලා හිගන්නන් පරෙලාව යැවීම මගින් එය ඉටුකර දීමට ය.

අප මේ කියන්නේ ආණ්ඩුව විසින් හිගන්නන් මරා දමනවා යන්න නොවේ. ආණ්ඩුවට ඉක්මණින් ආශ්චර්ය බිහිකරන්නට උදව් දෙන්නට ආ ‍අයෙකු විසින් මෙය කරන්නට ඇතැයි සැක කරන්නට හේතු තිබෙන බව ය.

හිගන්නන්ට සල්ලි නොදෙතත් උන්ගේ ජීවිතයට උන්ට ඇති අයිතිය වෙනුවෙන් අපි පෙනී සිටිමු.

හිගන්නන් හිගන්නන්ගේම නිර්මාණයක් නොවේ. එය පින් කැමති මේ සමාජයේ නිර්මාණයකි. ඔවුන් නොවන්නට හිගන්නන් වෙනුවට බිහිවනු ඇත්තේ හොරුන් හා මංපහරන්නන් යයි කෙනෙකුට කිව හැකි ය.

එය ඇත්තක් විය හැකි වුවද ඒ සියල්ලට අවශ්‍ය අවකාශය නම් සාදා ඇත්තේ රට කරවන දේශපාලනඥයින් ය. අවසාන විශ්ලේෂණයේදී ඊට වගකිව යුත්තේ උන් පත් කළ ජනතාව ය. ඇත්තටම මරණවා නම් මැරිය යුත්තේ උන්ව ය.

එය එකවර කළොත් යුද අපරාධ චෝදනාවක් එල්ලවිය හැකි නිසා මේ විදිහට බඩු මිල වැඩිකරමින් රැකියා උත්පාදනයට වැට කඩොලු බදිමින් හිමින් සීරුවේ එය කිරීම ඇර වෙන මගක් නැත.

මැරෙමින් ඉන්නා ජනතාවට හැරෙන්නට අනිත් අයට සුභ අනාගතයක්!

Posted in: Uncategorized