විජේවීර හා ප‍්‍රභාකරන්

Posted on June 12, 2010



1989 අත් අඩංගුවට පත් වූ විජේවීර නඩු නැතිවම මරා දමන ලද්දේ ය. ඊට වසර 20 කට පසු ප‍්‍රභාකරන් ද ඒ මගම ගියේ ය.

විජේවීර දකුණේ කැරැල්ලක් ඇති කළේ රටම යටත් කර ගැනීමට ය. ප‍්‍රභාට ඔනෑ වුනේ ඊට වඩා කුඩා කෑල්ලකි.

දෙන්නාම භීෂණය අවියක් කොට ගත්තෝය. ඒ සදහා තරුණ තරුණියන් සිය සංවිධානයන්ට බන්දවා ගෙන පැවැති පාලනයට උන් හරහා අභියෝගයක් එල්ල කළහ.

පාලකයින්ට අභියෝග කිරීමෙන් නොනැවතී තමන්ගේ සියලු ප‍්‍රතිවාදීන්ට එරෙහිව භීෂණය මුදා හළෝය.

විජේවීරට කිසිකලෙක තමන්ගේ කොටසක් වෙන්කර ගන්නට බැරිවූ අතර ප‍්‍රභාකරන්ට ඒ හැකියාව තිබුනේය.

පුදනු ලැබූ මිනිස් ජීවත සම්බන්ධයෙන් නම් දෙදෙනා ලොකු වෙනසක් පෙන්නුම් නොකළ නමුත් බිලිගනු ලැබූ මිනිස් ජීවිත සම්බන්ධයෙන් නම් ප‍්‍රභා විජේවීර පරදා තිබිණි.

බොහෝ සමාන කම් මැද එවැනි සංඛ්‍යාත්මක වෙනස් කම් කීපයක් පමණක් ඔවුන් අතර තිබුනේය.

මියගිය විජේවීර තවමත් සැමරෙතත් විජේවීර මරා දැමීම සැමරෙන්නේ නැත.

මියගිය ප‍්‍රභාකරන් නොසැමරෙතත් ඔහුගේ මරා දැමීම ඒවෙනුවට සැමරෙ. වැස්සට සේදී ගිය අයිෆා නිසා තවදුරටත් පස්සට තල්ලු කරනු ලැබූ ඒ සැමරුම නව පණකින් ජුනි 18 දා එලි බහින්නට නියමිත ය.

සිංහලයාට නැති දෙමළාට ඇති ප‍්‍රශ්නය එය යයි අපි නොකියමු. එහෙත් මෙ වෙනස අපව සිතන්නට පොළඹවන්නේ ය.

ඒ සිතන්නට කැමති ඊට සූදානම් අයට ය. එසේ නැති අයට මොන විකාරයක්දැයි අසමින් තමන්ගේ වැඩක් බලා ගන්නට පුලුවන.

තර්කයට අමුතර්කයෙන් උත්තර දෙන්නට ඔනෑ අයට ද විජේවීර හා ප‍්‍රභා අතර වෙනස්කම් බොහෝ යයි කියා දෙදෙනා සැසදිය නොහැකි යයි කීමට කරුණු ඉදිරිපත් කර මූලික තර්කයෙන් පලා ගොස් අතුරු පාරකට සංවාදය හැරවිය හැකි ය.

එහෙත් එයින් මෙයින් ඌනනය වන ගැටලුවට ඒ එකදු පසුබැස්මකින් වත් උත්තර ලැබෙනේනේ නැත. ඒ ප්‍රශ්නය නැවතත් නගා අපි නිහඩ වෙමු.

විජේවීරගේ මරණය ඔහුගේ ගෝලබාලයින් විසින් දකුණේ සැමරෙන විට ප්‍රභාගේ මරණය ඔහු මැරූ අය විසින් උතුරේ වෙනුවට දකුණේම සැමරීම තුළින් පෙනෙන්නේ කුමක් ද?

Posted in: Uncategorized