යුද අපරාධ හා දේශද්‍රෝහිත්වය

Posted on June 10, 2010



එක්කෝ සරත් ෆොන්සේකා කියන පරිදි යුද අපරාධ සිදුව ඇත. ඒ නිසා එසේ සිදු වූ යුද අපරාධ හෙළි කිරීම දේශද්‍රෝහී ය. දේශද්‍රෝහීත්වයට දඩුවම එල්ලා මරණයට පත්කිරීම ය. එතකොට ගැටලුව වන්නේ යුද අපරාධ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනාව අපට එරෙහිව ඉතිරිවීම ය.

එසේ නොවේ නම් විය හැක්කේ යුද අපරාධ සිදු නොවී තිබීම ය. එසේ සිදු වී නැත්නම් එලි කරන්නේ අහවල් දෙයක් ද? කිසිවක් එලි කරන්නට නැති නම් යම් හෙයකින් එවැන්නක් සදහා ඉදිරිපත් වුවහොත් දේශද්‍රෝහී චෝදනාව යටතේ එල්ලුම් ගස් යවන්නේ යයි කියන්නේ ඇයි? එහෙම කිව්වහම නැවතත් ඉතිරිවන්නේ එකත් එකටම යුද අපරාධ සිදුවන්නට ඇතැයි යන්න ය.

වැටී ඇත්තේ නම් ලොකු අමාරුවක ය. කුඩු කෑවම ඔහොම වෙනවා යැයි කතාවක් තිබේ.

දැන් නම් ඔලුව බිම තියන් කීව ද යුද අපරාධ සිදුව නැතැයි දේශප්‍රේමීන් හැරුණු විට වෙන කවුරුවත් පිලිගන්නා එකක් නැත. ඔවුන් පවා හිත යටින් එය පිළිගන්නා එකක් නැත.

රට පරිස්සම් කරන්නට දී තිබෙන අයට කට පරිස්සම් කරන්නට බැරිව ඇත්තේ මන්ද?

හද සාක්කි කිවුවා යයි කතාවක් තිබේ. මාර්ටින් වික්‍රමසිංහ කෙටි කතා එකතු‍වක එය කියැවුවා මතක ය.

මෙතැන සාක්කි දී ඇත්තේ හද නොව තමන්ගේම කට ය.

එසේත් නැත්නම් අනෙකාගේ කුලප්පු කිරීම නිසා හදිසියේම මතුවුනු එතෙක් වෙලා සගවා ගෙන සිටි හෘද සාක්ෂිය ය.

Advertisements
Posted in: Uncategorized