ශ‍්‍රී ලංකාවෙ මුස්ලිම් පාලනයක් ළගදීම – Beyond Frame අනාවරණය කරයි!

Posted on June 9, 2010



පෝදා හා ඉරිදා දිනවල ටියුෂන් තහනම් කර සිකුරාදා එසේ නොකිරීම නිසා රටම “අනතුරෙ” වැටෙන්නට ඉඩ ඇතැයි අපට සිතේ. ඒ නුදුරු අනාගතයේ දී රට තුළ ගොඩ නැගීමට ඉඩ ඇති අධාර්මික මුස්ලිම් පාලනයක් නිසා ය.

වැඩියත්ම එසේ සිතෙන්නේ අපගේ බ්ලොග් අඩවියට ටියුෂන් තහනම ගැන ලැබුණු ප‍්‍රතිචාර සියල්ල එකට ගෙන බලන විට ය.

පෝදා හා ඉරිදා ටියුෂන් තහනම නිසා බෞද්ධ ළමයි දහම් පාසල් ද ක‍්‍රිස්තියානි ළමුන් පල්ලි ද යනු ඇත.

එහෙත් සිකුරාදා ටියුෂන් තහනම් නැති නිසාත් අඩුවශයෙන් නිවාඩුවක්වත් නැති නිසාත් මුස්ලිම් ළමුන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැත.

ඒ අනුව බෞද්ධ හා ක‍්‍රිස්තියානි ළමුන් ධාර්මික වෙන අතර මුස්ලිම් ළමයින් අධාර්මික වෙනු ඇත.

ලංකාවෙ හැමදාම බලය ලැබී ඇත්තේ අධාර්මික  මිනිසුන්ට ය. ඒ අනුව රටෙ අනාගතයේ දී බලය ලැබෙනු ඇත්තේ මෙ මුස්ලිම් දරුවන්ට ය (ලංකාව විතරක් නොව ලෝකයේ බොහෝ රටවල් ගත්තහමත් පාලනය කරන්නේ ඉඩි අමින්ලාගේ පරපුරෙ කට්ටිය ය).

කෙළා හුටා නේද?

අනේ අපොයි මෙ නස්පැත්තිය වළක්වන්නට පුලුවන් කෙනෙක් නැත් ද?

(එතකොට දෙමළ ළමයි? උන්ට කෙළවෙන්නම දීල තියෙන නිසා ආයි මතක ඇති කාලෙක උන් නම් නැගිටින එකක් නැත. අවුරුදු 30 ක යුද්ධය අවසන් කළ එකේ එය නැවත මතුවෙතැයි සිතන්නට පුංචි හෝ හේතුවක් නැත. අපේ රජතුමා හෝ එතුමාගේ සොයුරු සොයුරියන් හෝ දූ පුතුන් ඉන්නා තුරු ඒ ගැන නම් කල්පනා කරන්නටවත් වුවමනා නැත.)

Posted in: Uncategorized