A Nation of Fear – බියෙන් පෙළෙන ජාතියක්

Posted on June 5, 2010



පෙනෙනා හැටියට අපි තවමත් යුද වැදී සිටිමු
ඒ සතුරන් සමග නොව අපම සමගින්

පෙනෙනා හැටියට අපි නිමවා ඇත්තෙමු බියෙන් පිරුණු ජාතියක්
ත‍්‍රස්තවාදය පිළිබඳව නොව ජාතීන් වඳකර දැමීම සම්බන්ධයෙන්

පෙනෙනා හැටියට අපි නිදහස ලබා නැත්තෙමු
සුද්දන්ගෙන් නොව අපේම වැඩවසම් රදළ උරුමයෙන්

පෙනෙනා හැටියට අපි සාක්ෂරතාවයෙන් තොර ජාතියක් වෙමු
ව්‍යාකරණ හෝ වහරන බසින් නොව සහකම්පනයෙන් හා සංවෙදීත්වයෙන්

පෙනෙනා හැටියට අපි සත්‍යය පිළිනොගන්නා ජාතියක් වෙමු
අපේ විමුක්තිය අනාගතයේ නොව අතීතයේ සොයනා

ඉහත පළ කළේ  (towards-a-utopia) සහෝදර බ්ලොග් අඩවියක ඉංග‍්‍රීසියෙන් පළ කර තිබූ අදහසක සිංහල පරිවර්ථනය යි. එහි මුල් ඉංග‍්‍රීසි කව පහත දැක්වෙයි.

මෙය සිත් ගත් නිසා සිංහලට පෙරලීමි. එහෙත් පළ කළ නොහැකිවූයේ ඊට වඩා වැදගත් කාරණා මතු ව ආ නිසා ය.

මොරටු සරසවියේ ගැටුම දුටු විට මෙය පළ කළ යුතුම යැයි සිතිනි. ඒ එහි පළමු කව නිසා ය. කර්තෘ අදහස් කළේ එය නොවන්නට හොඳටම ඉඩ තිබෙ. එහෙත් පාඨක අපටත් අපට අවශ්‍ය හැටියට ඒවා අර්ථ දක්වා ගත හැකි ය.

“අප” සටන් වැද ඇත්තේ “අප” සමග නොවෙ ද? එයට අප මෙහෙයවන්නේ අප පෙළන බිය ද?

මොරටු සරසවිය තුළ ප්‍රකාශයට පත්වුනු ඉංජිනේරු එන්ඩීටී ගැටුම රට තුළ පවතින සිංහල දෙමළ ගැටුමට වෙනස් නැත.

It seems that we’re still at war,
Not with the otherside, but with ourselves.

It seems that we’ve created a nation of fear,
Not of terrorism, but of of racial extinction.

It seems that we’re still not independent,
Not from the British, but from our own feudal lords.

It seems that we’re a nation of illiteracy.
Not of grammer and language, but of emotional intelligence and empathy.

It seems that we’re a nation of denial.
For we seek salvation in the past, and not in the future.

You can visit the site at

http://towards-a-utopia.blogspot.com/

Posted in: Uncategorized