රක්ෂණය අරගෙන ඛනිජතෙල් බාර දීම

Posted on June 2, 2010



චන්ද‍්‍රන් රත්නම් සම්බන්ධයෙන් නම් වුනේ අත් අඩංගුවට ගෙන නිදහස් කිරීම ය. හැරී ජයවර්ධන සම්බන්ධයෙන් නම් වුනේ ගෙන දීම ය. රක්ෂණය අරගෙන ඛනිජතෙල් බාර දීම ය. දෙකම ටිකක් එක වගේ ය. ඊයේ අපි එකක් විමසීමු. අද විමසීමට අපේක්ෂාව අනික ය.

ගනු – දෙනු කියන්නේ මේවාට ය.

අත යට තව බොහෝ දේ සිදුවුනා වෙන්නට පුලුවන. නොවෙන්න ද පුලුවන. අපට පෙනෙන පැහැදිලි ගනුදෙනුවක් නම් මෙතැන තිබේ.

වාසුදේව නානායක්කාර මහතාගේ මැදිහත්වීමකට පින්සිදුවන්නට උසාවියේ නියෝගයක් නිසා හැරී ජයවර්ධනගෙන් රක්ෂණය බාරගෙන එය තමන්ගේ එකවුන්ට් එකට දමා ජයපැන් බිවූ ආණ්ඩුව එහි උණුසුම යන්නට මත්තෙන් තමන් සතුව තිබූ ඛනිජතෙල් සංස්ථාව හැරීට බාර දී යම් මදි පුංචිකමක් වුනා නම් එයට සමාව ගත්තේ ය.

ඒ නිසා ජීඇල් පීරිස්ට ක්ලින්ටන් මහත්මිය මුණ ගැසීමට අවස්ථාවක් ලැබුණු බව කියවෙ. එම කතාවෙ ඇත්ත නැත්ත අපි නොදනිමු.

හැරී ජයවර්ධනගේ කළමනාකාරිත්වය ගැනත් මත ප‍්‍රකාශ කිරීමට තරම් එහෙම අත්දැකීමක් අපට නැත.

එහෙත් ආණ්ඩුව රක්ෂණය බාර ගැනීමෙන් උද්දාමයට පත්වූ ජනතාව අභියස එය තමන්ගේ වීරකමක් ලෙස පෙන්නුම් කරමින් දැක්වූ හැසිරීම නිසා ඛනිජතෙල් හැරීට බාර දීම ගැන එම ජනතාවට යම් පැහැදිලිකිරීමක් කළ යුතුව ඇතැයි අපි විශ්වාස කරමු.

මෙ සිද්ධියෙන් පෙනෙන්නේ ද ආණ්ඩුවෙ දෙපැත්ත කෑමෙ දක්ෂතාවය යි. මුහුණු දෙකේ ඔලු බක්කන් නැටීමට ඇති හැකියාවයි. ආණ්ඩුවෙ වැඩ කටයුතු වලින් ආතල් ගන්නා ජනතාවට තමන් රැවටී ඇතැයි නොහැගෙන්නේ ආණ්ඩුව සතු මෙ දක්ෂතාවය නිසා ද මෙවා එලිදරව් කිරීමට කිසිකෙනෙක් ඉදිරිපත් නොවන නිසා ද ජනතාව මෝඩ නිසා ද යන්න හරිහැටි පැහැදිලි නැත.

සරසවියේ සමාජ විද්‍යා අංශයට මෙ ගැනත් සමීක්ෂණයක් කළ හැකි නම් අගේ ය.

Advertisements
Posted in: Uncategorized