අධිකරණයට අත නොතබනු!

Posted on May 25, 2010



කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චම්පා ජනකී රත්නායකව මාරුකිරීමට තැත් කිරීමට එරෙහිව තුන්සියයක් පමණ නීතිඥවරු උද්ඝෝෂණයක යෙදුණු බවත් ඒ සම්බන්ධයෙන් තම විරෝධය අග‍්‍රවිනිශ්චකාරතුමන් හට සැළ කර සිටි බවත් ලංකාඊනිව්ස් වාර්ථා කර තිබිණි.

සරත් ෆොන්සේකා සම්බන්ධ නඩු කීපයකදී දුන් තීන්දු සළකා බලා මෙම මාරුව කරන්නට ඇතැයි සැක කෙරෙ.

ආණ්ඩුව අත නොපොවන තැනක් නැත. එහෙම වටපිටාවක මෙ ගැන වෙනම කතා කළ යුත්තේ මන්දැයි කෙනෙකුට සිතුනොත් එය පුදුමයක් ද නොවෙ.

අධිකරණය මිනිසුන්ට සිය දුක්ගැනවිල්ලක් ගෙන යා හැකි අවසන් තැන ය. ඊට ත් ගුල්ලෝ ගසා නම් තත්වය භයානක ය.

එයින් කියවෙන්නේ මෙතෙක් කල් එය ශුද්ධව පැවතිබව නොවෙ.

එහි ශුද්ධවන්ත භාවය පවත්වා ගෙන යෑමට අපිරිමිත උත්සහයක් දරණ ස්වල්පයක් වූ පිරිසට ජනතා ආශිර්වාදයත් ඇවැසි බව ය. එවැන්නන් ඉවත් කිරීමට ගන්නා උත්සහයට ජනතාව වෙනුවෙන් අපගේ විරෝධය පළ කළ යුතු බව ය. මෙසේ පළ කරන බව ය.

Lankaenews had this to say about the incident.

This Magistrate who commands the respect of all Colombo Magistrate Court Lawyers and who safeguards the dignity of the Court too, recently, when hearing the case of Gen. Fonseka told, that justice and fair play shall prevail in respect of the charges filed by the Attorney General (AG) against Gen. Fonseka M P regarding the ‘white flag’ story attributed to the General. In addition, she instructed the AG and the CID to treat this case as special and to expeditiously finish the trial.

Moreover , it was under this same Magistrate all the cases against Army officers who supported Fonseka and who were charged with conspiracy to overthrow the Govt. were also heard and taken for trial. The Chief Magistrate granted bail to these Army officers with the consent of the CID and the AG.

http://www.lankaenews.com/English/news.php?id=9571

Posted in: Uncategorized