මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි!

Posted on May 23, 2010



මැල්සිරිපුර පිහිටි අඹන්පොල  මුස්ලිම් පල්ලියට කඩා වැදුනු දෙසියයක පමණ පිරිසක් එහි යාඥාකරමින් සිටි බැතිමතුන්ට පහර දී ඔවුන් පලවා හැර පල්ලියට ද අලාභ හානි කර තිබේ.

මෙම පල්ලිය වැඩි දියුණු කිරීමට විරෝධයක් එල්ලවී තිබුණු නමුත් බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් පරික්ෂා කිරීමෙන් පසු ඒ සදහා පල්ලියට අනුමැතිය ද ලැබී තිබිණි.

මෙම පහර දීම හා එම අනුමැතිය අතර සම්බන්ධයක් ඇතැයි පැවසේ. තොරතුරු උපුටාගත්තේ පහත මූලාශ්‍රයෙනි.

http://www.lankaenews.com/English/news.php?id=9570

සිංහලයින්ට වන අසාධාරණයන් හැරෙන්නට මෙවැනි අසාධාරණයන් ලියන්නට අපට කැප නැත. මේ වගක් සිංහල පත්තරෙකවත් නොතිබුණේ එසේ අකැප බව ඒ පත්තර කාරයින් දන්නා නිසා ය.

අප කොහොමටත් කරන්නේ අපට කැප නැති වැඩ ය. අප ඒ නිසාම මේ ගැන ලියන්නට වුවමනා ය.

මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි. එහි පල්ලි තියෙන වපසරියෙන් එහා අඩියක් වත් පළල් කිරීමට ඉඩ දිය නොහැක්කේ ය. එසේ සිතා බුද්ධාගමෙ ආරක්ෂාව සදහා වෙසක් මාසයේ කළ යුතුව තිබෙන තවත් එක කටයුත්තක් ලෙස මෙ කටයුත්ත බෞද්ධයින් විසින් බාරගත්තා ද නැත්නම් බෞද්ධයින් අපහසුතාවයට පත් කරන්නට වෙනත් කුමන්ත‍්‍රණකාරීන් පිරිසක් මීට අත ගැසුවා ද යන්න අපට හරිහැටි පැහැදිලි නැත. මැල්සිරිපුර පැත්තේ අප කියවන කෙනෙක් ඉන්නවා හොයා බලා වාර්ථා කරනු පිණිස මෙම සටහන තැබුවෙමු.

දැන් ඉතින් අපට පතුරු යන්න බණින්න බණින අයට අවසර ය.

ඒ බැණුම් ඇසීමට අපගේ විශේෂ කැමැත්තක් ඇති නිසා නොවේ. බැණුම් අසන්නේ නැතිව මෙවැනි බ්ලොග් අඩවියක් පවත්වාගෙන යා නොහැකි නිසා ය. රාමුවෙන් පිට ලියනවිටම එතැන බණින්නට නිමිත්තක් ඇත.

Advertisements
Posted in: Uncategorized