පියා අධීක්ෂණයට පුතා

Posted on May 4, 2010



මහා මාර්ග අමාත්‍යංශය තාත්තාගේ ය. එය අධීක්ෂණය සදහා පවරා ඇත්තේ පුතාට ය.

පියාගේ දුර්වල කම් ගැන වෙන කවරෙකුටත් වඩා හොදින් දන්නේ පුතා ය. පියා රජතුමා බැවින් අවසේස කෙනෙකුට අධීක්ෂණයේ යෙදෙන්නට ද බැරි ය. ඊටත් අමතරව රටෙ ප‍්‍රධානම ආයෝජනය කෙරෙන තැන රැකීමට පිට කෙනෙකුට දී බැරි ය.

එවැනි වැදගත් කටයුත්තකට අත ගසා පටන් ගැනීමෙන් ඉක්මණින් අත්දැකීම් සම්බාරයක් ලබා ගැනීමට ද පුලුවන. එය වඩාත් වැදගත් අමාත්‍යංශයක් අනාගතයේ පුතුට පැවරීමට රුකුලක්ද වෙනවා ඇත. ඉරිසියා කාරයින් මොනවා කිව්වත් පොළොවෙ පය ගසා ගෙන සිටින තාත්තා කෙනෙකුට තම පුතුගේ අනාගතය බලාගන්නට සිද්ද වෙයි.

හම්බන්තොට පාරවල් හදා අවසන් නිසා හම්බන්තොට නියෝජනය කරන කෙනෙකුට දීම වඩා හොද ය. නැත්නම් තමන්ගේ පැත්තේ මාර්ග සංවර්ධනයට වැඩි මනාපයක් වෙනත් කෙනෙකුගෙන් පලවන්නට ඉඩ තිබෙ. එයින් එක පළාතකට වැඩි වාසියක් අත් වෙන්නට පුලුවන. ජනාධිපති තුමාටත් තියෙන රාජකාරිත් එක්ක පාරවල් බෝක්කු එක්කම හැප්පෙන්නට පුලුවන් කමක් නැත.

ජනාධිපතිකමට ඉල්ලන බලාපොරොත්තුවක් ද තිබෙන නිසා දැනටමත් සළකා ඇති හම්බන්තොටට පමණක් නැතිව නාමල් රටටම කොරන්නට ඉදිරිපත් වෙතැයි සිතිය හැකි ය.

මෙහෙම බලාගෙන ගියහම අන් පියවර කෙසේ වුනත් මෙ පියවර නම් පැසසිය යුතු ය.

මග නැගුම මගේ නැගුම නොවී රටෙ නැගුම වුනොත් අප කාටත් හොද ය. පිය පුතු වැඩ දෙස ඉවසා බලා සිටිමු (ඒ හැරෙන්නට වෙන කළ හැකි දෙයකුත් අපට නැත).

Advertisements
Posted in: Uncategorized