මෙ විමලෙ, නිකම් පොර වෙන්න හදන්න එපා.
ඇයි අපි කරපුව ඔය ඉක්මණට අමතක වුනා ද?
ඇයි යකඩො, සරත් ෆොන්සේකා කරපුව අමතක කරපු අපට, උඹ කරපුවත් මහ වැඩ ද බං?
එතකොට සරත් ෆොන්සේකා ආපු එක ගැන බයේ වෙව්ල වෙව්ල ඉන්න කාලෙ ඉස්සරහට පැනල බය නැතුව මං නටාපු නැටිල්ල ගැන උඹලට අගයක් නෑ?
යකෝ නටන්න රගපාන්න ඔන තරම් කොල්ලො බල්ලො හොයා ගන්න පුලුවන්. යුද්ධයක් දිනාගන්න සෙනෙවියෙක් හොයා ගන්න එක ඊට වඩා අමාරු වැඩක්. එහෙම සෙනෙවියෙකුටත් නිකම් අලුගේත්තුරු සංග්‍රහයක් කරපු අපට උඹව එක හක්කකටත් වැඩි යි බාං.
එතකොට මැතිවරණය දිනන්න වැඩ කරපු, දර දිය ඇදපු, ඒ වෙනුවෙන් ආත්මයම පාවා දුන්නු අපට හුලං.
ගිය මැතිවරණයේ කඹුරල ඉවරවෙල මංගලට වෙච්චි දේත් උඹට දැන් අමතකයි නෙ. මට නම් පේන්නෙ උඹත් ඒ පාරෙ යන්න වගේ හදන්නෙ?
මං මං…
මඤ්ඤ ං නෙවෙයි ඉදිමෙන්නෙ නැතුව හිටහං.
එතකොට මුසම්මිල් කිව්වොත් කරෙ රගපෑමක් ය. ඒක කරන්න සල්ලි දුන්නෙ අහවලා ය කියල.
ඉතින් බං මක් වෙනවද? දැන් අපේ වැඩෙ හරිනෙ. ආයෙ අවුරුදු හයකට අපිව හොල්ලනව බොරු. අනිත් එක ඒකෙන් උගේ ආත්මෙත් නැතිවෙනවනෙ. නිකම් බය වෙන්නෙ නැතුව හිටහං.
මට නිකම් මොකද්ද වගේඇමති කමක් ගන්න, මුසම්මිල්ල ඔච්චරම දෙයක් කරලත්, ඌට මුකුත් නැතිව, අඩු ගණනේ මන්ත්‍රී කමක්වත් නැතිව ඉන්දැද්දි.
ඉතිං බං ඒ ගැන පොඩ්ඩක් ප්‍රසිද්දියේ අඩපං. අපේ අමනාපයක් නැහැ. හැබැයි රජෝ. නිකම් වැඩි ටෝක් දැම්මොත් මොකද වෙන්නෙ කියල උඹ දන්නවනෙ.
විමල් හයියෙන් කෑගහනවා යම්තමට වාගේ මතක ය. එය අදෝනාවක් ද විලාපයක් ද කෝපාග්නියෙන් වෙව්ලමින් එල්ල කළ දෝස්මුරයක් ද නැතිනම් ඒ සියල්ලම එක්කළ අමුතුම ශබ්දයක් ද යන්න වටහා ගැනීමට උත්සහ කළ ද බැරිව ගියේ ය.
ඊට පසු මට නින්දෙන් ඇහැරිණි.
මා දැක තිබුනේ හීනයකි. සමහර හීන හැබෑ ලෝකයටත් වඩා ඇත්තට ලග ය.
Hasitha
April 24, 2010
Pachaayuda lokkata hoda wede……..
සමීර අබේසේකර
April 24, 2010
hiks 😀
හොඳහිත
April 24, 2010
ඇයි අපි කරපුව ඔය ඉක්මණට අමතක වුනා ද?
geetha
April 24, 2010
BULL WIMAL- GON WIMAL
Migara
April 24, 2010
“ගරු කතානායකතුමනි, පිටතින් එල්ලවන පිහි පහරට වඩා ඇතුලතින් එල්ලවන පිහි පහර අතිශයින් වේදනාකාරීයි” – Wimal
Migara
April 24, 2010
” චන්දන කත්රිආරච්චිගේ නිවසට ප්‍රහාරයක්”
April 24, 2010 08:13 am (Ada Derana)
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ චන්දන කත්‍රිආරච්චි මහතාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ප්‍රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බව චන්දන කත්‍රිආරච්චි මහතා පැවසුවේය. ඊයේ පස්වරුවේ මෙය සිදුවූ බව ඔහු කියා සිටියි.
“Prajathanthrawaadaya Vipakshaya Flat karala, Aandu Pakshe Ethuleth Dore Galanna Patan Aran. Ohom Yan…! Ohoma Yan….! We are almost at the miracle”
lal
April 24, 2010
දැන් තියෙන්නෙ එ.ජා.ප. කැබිනට් එකක්නෙ ?ඒකනෙ ඇමතිල ශ්‍රිලංකා කාරයින්ට ගහන්නෙ
දුකා
April 24, 2010
ela ela . . patta
rana
April 27, 2010
එක දවසක් ජනපාල අයියා පිට කෝට්ටේ ගියා නෑදෑ ගෙදරක. ජනපාල අයියා මේ නෑ ගෙදරින් හොඳට සප්පායම් වෙලා අතුරුපසට කිරි පැණිත් කාලා එලියට බැස්සා ගෙදර යන්න කියලා හිතාගෙන. බඩ පැලෙන්න කාපු නිසා පයින්ම යන එක ශරීර සෞක්කියට හොඳයි කියල පිට කෝට්ටේ හන්දියට අවිදගෙන ගියා. මෙන්න හිරිකිත මන්දිරේ පහු කරගෙන යනකොට පොරවල් දෙකක් බර කතාවක.
කිට්ටු කරළා බැලින්නම් එකෙක් ගොන්සාල්. අනිත් එකා බඩ ගෝස්තර. ජනපාල අහන් හිටිය මොකක්ද මේ කතාව කියලා. මොකද කියනවානම් මාර ඉන්ටරස්ටින් කතාවක් වගේ පෙනුන නිසා.
ජනපාල අයියා දෙබස වාර්තා කළේ මෙහෙමයි.
ගොන්සාල්ස්: ඇයි බඩ ගෝස්තර අයියේ අපි මේ පාරත් ඇණ ගත්තේ?
ගොන්සාල්ස් ගොන් ප්‍රශනයක් ඇහුවා.
බඩ ගෝස්තර : අපි ඇණ ගත්තේ අරූ හින්ඳනේ.
ගොන්සාල්ස්: කවුද? අපේ ලොක්කද?
ගොන්සාල් දෙවෙනි අදහස ටිකක් ප්රශස්ත විදිහට ඉදිරිපත් කළා. ඒ කතාවෙන් බඩ ගෝස්තරට මළ පැන්නා.
බඩ ගෝස්තර: පිස්සුද යකෝ. උන්නැහේ නෙමේ. අරූ විමලයා. ඕකා 2005දී අපේ ලොක්කව අන්නපු දවසේ ඉඳන් අපෙ ලොක්කට ගොඩ ඒමක් නැහැ. ඕකා මොකක්ද කළේ. යුද්දේ දිනන්න ඕනේ කියලා මිනිස්සුන්ව උසි ගැන්නුවා. එච්චරද? නැහැ ඕකා යුද්දේ ඇත්තටම කරන්න වැඩ කළා. ඒකෙන් මොකද වුනේ. යුද්දේ නැති වුනා. දැන් ඉතින් දිනනවා බොරු.
ගොන්සාල්ස් : හැබෑටම ගෝස්තර අයියේ යුද්දේ දිනපු එකනම් හොඳා. නැද්ද?
බඩ ගෝස්තර: කොහොමද බන් හොඳ වෙන්නේ? දැන් මාලු පාන් කන්නෙ කොහොමද රුපියල් 9 ට. කොහොමද කෙලවල්ලා මාලු දකින්නේ?
ගොන්සාල්ස්: ඉතින් අයියේ අපිට බැරුවයි ඕකට මඩ ගහලා නන්නත්තාර කරන්න එකෙක් හොය ගන්න. අපෙත් ඉන්නවනේ මඩ මාධ්‍ය කස්ටිය.
ගොන්සාල්ස් තමුන්ගේ උපක්රමික ඥාණය හෙළි දරව් කළා.
බඩ ගෝස්තර : ඔය ඉන්නේ බං දුසිම් ගනන්. උන් ලවක් දෙවක් කාටූන් අඳිනවා. කට කතා පතුරෝනවා. බ්ලොග් ලියනවා. ඒත් ඔය එකෙකුටවත් උගේ මයිලකටවත් මුකුත් කරන්න බැරි වුනා. හැබැයි ඌ කොලොම්පුරෙන් ඒ කියන්නේ අපේ බල කොටුවෙන් වැඩිම මනාප ගන්නවා. කොටින්ම අපේ ලොක්කටත් වැඩිය. මට මේවා මතක් වෙනකොට ඇඟේ කෙලවල්ලා මාලු නටනවා.
ජනපාල අයියා එතකොටම බස් එකක් එනවා දැක්කා. දේශපාලන සංවාදය අහන්න කොච්චර ආස උනත් ඉතින් ඉන්නයැ. දුවලා ගිහින් බස් එකේ එල්ලුනා.