අන්ධ අනුගාමිකයින්ගේ මෝඩ බලයෙන් උත්කර්ෂත්වයට නැංවුනු බාල චින්තනය

Posted on April 20, 2010



“තමන්ගේ විශ්වාසයන්ගේ, තම කලාවෙ, තම ඉගැන්වීමෙ සීමාව (ශක්තීන් හා දුර්වලතා) ශාස්තෘවරයා හගින තාක් ඔහු සතු බලය සීමිත ය. එහෙත් ඔහුගේ සීමාසහිත දෘෂ්ඨීයේ පටු බාවය ගැන වැටහීමක් නැති ඒ නිසාම ආගමක් ලෙස එය දැඩිව අන්ධව අදහන අනුගාමිකයා සතු බලය ඔහුගේ ශාස්තෘවරයාගේ බලය ද ඉක්මවා යයි. එවැනි අනුගාමිකයින්ගෙන් තොරව කිසිකලෙක එවැනි දහමක් දර්ශනයක් ශාස්තෘවරයෙකුගේ බලපෑමක් ශ්‍රේෂ්ඨත්වයට පත්ව නැත. යම් දැක්මක් එවැනි ජයග‍්‍රහණයකට පත්කිරීම සඳහා අවශ්‍යවනුයේ මෙසේ එය මෝඩකම සමග ගැට ගැසීම පමණ ය. එය ඉතාම ලංව පිහිටන සේ ගැට ගැසිය හැකිනම් මෝඩ කමෙ බර විසින් දැක්මෙ ජය තහවුරු කරනු ඇත.”

මෙය කියවන කෙනෙකු විසින් මෙ නම් මහින්ද චින්තනය උපහාසයට ලක්කරනු පිණිස එන්ජීඔ ඩොලර් කාක්කෙකු විසින් ගොතන ලද මුසාවක් යැයි සළකා බැහැර කරන්නට ඉඩ තිබෙ.

Blind pupils. — As long as a man knows very well the strength and weaknesses of his teaching, his art, his religion, its power is still slight. The pupil and apostle who, blinded by the authority of the master and by the piety he feels toward him, pays no attention to the weaknesses of a teaching, a religion, and soon usually has for that reason more power than the master. The influence of a man has never yet grown great without his blind pupils. To help a perception to achieve victory often means merely to unite it with stupidity so intimately that the weight of the latter also enforces the victory of the former.

from Nietzsche’s Human, all too Human, s.122, R.J. Hollingdale transl.

උපුටනය කාගේ දැයි දැම්මෙ ඒ නිසාමත් නොවෙ. වෙන කෙනෙකුගේ වචන ඒ විදිහටම ලියන විට එම මූලාශ‍්‍රයට යුක්තියක් ද ඉටු කරනු සඳහා ය.

නිට්සේ මෙ කියන්නේ ආගම් සම්බන්ධයෙනි. විශේෂයෙන් ඔහුගේ විවෙචන එල්ල වූයේ ක‍්‍රිස්තියානි සමය අරබ යාය.

ක‍්‍රිස්තියානි ආගමෙ පමණක් නොව ආගමික මූලධර්මවාදීන් ලොව කොතැන සිටියත් හැසිරෙන්නේ එකම විදිහකට ය. දෙසන ධර්මයට වෙනස් ඔවුන්ගේ මෙ හැසිරීම අපූරු සමානත්වයක් ගන්නේ කෙසේදැයි දැන ගැනීමට නිට්ෂේ අපට උදව් වෙයි.

ඒ ශාස්තෘවරුන් ද ඉක්මවූ අන්ධ විශ්වාසයක් දහම සම්බන්ධයෙන් උන්ගේ ගෝලයන්
තුළ තිබීම ය. ශාස්තෘවරුන් දහමින් ජීවත්වෙන හැටි කියද්දී උන්ගේ ගෝලයන්
දහම උදෙසා ජීවත්වෙන හැටි කියන්නේ ඒ නිසා ය.

දහම ජීවිතය සකස් කරගන්නා දර්ශනයක් වෙනුවට ජීවිතය දහම රැකීම සඳහා පුද කළ යුතු ප‍්‍රපංචයක්ව ඇත්තේ එසේ ය.

ආගම් සම්බන්ධයෙන් පමණක් නොව දේශපාලන චින්තනයන් සම්බන්ධයෙන් ද චින්තනයක් පවා නැති දේශපාලන ප‍්‍රවාහයන් සම්බන්ධයෙන් ද සත්‍යය එයම වෙයි.

Advertisements
Posted in: Uncategorized