ශ‍්‍රී ලාංකිකයෙකු වීම ගැන ආඩම්බර වන පුබුදු මල්ලියා

Posted on April 20, 2010



“ශ්‍රි ලාංකිකයෙකු වීම ගැන මම අපමන ආඩම්බර වෙමි. එසේ ආඩම්බර වන්නේ ඇයිදැයි ප්‍රශ්නය මම අදටත් මග හරිමින් සිටිමි.”

මෙම ශ්‍රේෂ්ඨ කියමන කියා තිබුනේ අපේ සහෝදර බ්ලොග් සගයෙකු වන පුබුදු සිරිනිවාස ය. එ නමින්ම තිබූ බ්ලොග් අඩවියක් හරහා ය. ඒ බ්ලොග් සටහන පුරාවටම තිබුනේ ඒ වචන පමණ ය.

ඇත්තටම තමන්ගේ දේශපේ‍්‍රමය ගැන මෙසේ විවෘතව මෙන්ම අතිශය සංක්ෂිප්ත ලෙස තම අදහස පළ කළ දේශපේ‍්‍රමියෙකු මට කලින් මුණ ගැසී නැත.

තමන්කොතෙක් අන්ධ දැයි යන්න දැන සිටීම හා එය එලිපිට පිළි ගැනීම ඉතා වටිනා ගුණාංගයන්ය. බොහෝ දෙනෙකුට නොපිහිටන ඒ ගුණාංග අපේ මිතුරාට තිබෙ. ඒ ගැන මුලින්ම අපගේ ගෞරවය ඔහුට පළකරමු.

ඒ සමගම එය විමසා බැලීමට කම්මැලි ශ‍්‍රිලාංකික ජනතාවගේ ආත්ම ප‍්‍රකාශනය නොවෙ දැයි අපට හැගී ගිය බව නොලියා නොහැකි ය.

මීට කලින් අප පළ කළ බ්ලොග් සටහන තුළ ලියැවුනේ එවැනි ආත්මයන් විසින් හිස් බලවෙගයන්ට ලබා දෙන තල්ලුව පිළිබදව ය. පුබුදු ඒ ගනයට වැටෙතැයිද යන්න ගැන නිගමනයකට එළැඹීමට ප‍්‍රමාණවත් දත්ත අප සතුව නැත.

එහෙත් මෙ බව එලිපිට නොකියන එහෙත් තම හෘද සාක්ෂිය එය එසේ බව පිළිගන්නා ලක්ෂ සංඛ්‍යත ජනතාවක් සිටින බවත් උන් දෙන තල්ලුව නිසාම අතිශයින් හිස් බලවෙගයන් හිස ඔසවා ඇති බවත් අපට හැගේ.

අප පාසල ගැන විවෙචනයන් එල්ල කළේ අසන හා කියවන නුවණ මිස විමසන නුවණ එය විසින් අපගේ ශිෂ්‍යයින්ට දායාද නොකළ නිසා ය.

පුබුදු සිරිනිවාසලා බිහිවන්නේ එහෙයිනි.

Posted in: Uncategorized