චම්පික ඇත්ත කතා කරන්න අන්තිමෙදී හිත හදා ගනී

Posted on March 13, 2010



(ලංකා ඊ නිව්ස්- 2010 මාර්තු 11, පෙ.ව.9.20) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් වශයෙන් වසරකට ලැඛෙන්නේ රුපියල් ලක‍ෂ 38 ක්. ඒ වුණත් පෝස්ටර් ලක‍ෂයක් අලවන්න ඔවුන් රුපියල් ලක‍ෂ 30 ක් වැය කරනවා. මේ වන විටත් ඇතැම් අපේක‍ෂකයන් කොළඹ නගරයේ කටවුට් සඳහා රුපියල් කෝටි 30 ක් වියදම් කරලා. මොවුන් මේ අයුරින් වියදම් කරමින් බලයට එන්නට හදන්නේ ඇයිද යන්න ජනතාව තේරුම් ගත යුතුයි.

මේ ප්‍රකාශය කරන්නේ පරිසර හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතායි.

ඇත්තටම ඇයි චම්පික මහත්තයො, ඒ ගොල්ල එහෙම කරන්නෙ?

ඔබතුමාගේ නායකතුමා වෙනුවෙන් ගහපු කටවුට් නම් ඉතින් නිකම්ම වගේ නෙ ගහන්න ඇත්තේ! එතුමා බුදුන් දැක නිවන් දකින්න ඔන. නැහැ මතු බුදුවෙන්න ඔන. ඔබතුමාගෙ පක්ෂෙ මන්ත්‍රී හාමුදුරුවො කිව්ව වගේ.

ඒත් ඔබතුමාත් එක්ක තරග කරන සන්ධානෙ අනින් මන්ත්‍රීවරු නම් කමකට නැහැ. එහෙම නේද?

මොලේ මොරටු සරසවියේ අමතක කරලවත් ආව ද?

නැත්නම් මෙච්චර ගොනුන් ඉන්න රටෙ ඔක පාවිච්චි කරල වැඩක් නැහැ කියල හිතුව ද?

පුංචි මුලාවක් කරාට ඒක සම්‍යයක්ප්‍රයෝග ගානට දාල අපායෙන් ෂේප් වෙන්න පුලුවන් කියල හිතුව ද?

අවසානය හොද නම් ඊට ලගා වෙන මාර්ගය මොකක් වුනහම මොකද කියල හිතුව ද?

සන්ධානෙ තරගකාරයින්ගෙන් බඩ පුරා කන්න ආසාවක් වත් ආව ද?

අනේ ඇමතිවරයෙක් වුනහම විදින්න තියෙන නව නිග්ගරහ ඉවරයක් නැති හැටි! මතක් වෙනකොටත් පපුව වාවන්නෙ නැහැ. ඔව විදල විදලම දැන්ගානක් නැතිව ඇති නේද ඇමතිතුමෝ!

Posted in: Uncategorized