රටම බබාලාට ඇන්දවීම

Posted on March 12, 2010



Sri Lanka’s Attorney General Mohan Peiris has said he was prepared to offer protection to any of the nation’s journalists who return to the country from exile, the US based media rights group, the Committee to Protect Journalists (CPJ) said. (Source:dailymirror.lk)

නීතිපති මෝහාන් පීරිස් මහතා කර ඇත්තේ අභීත ප‍්‍රකාශයකි. අපට එසේ සිතුනේ රජය ආරක්ෂාව සපයන්නට සූදානම් නිසා විදෙස් ගතව ඇති ජනමාධ්‍ය වෙදීන්ට නැවතත් රටට පැමිණෙන කර ඇති ආරාධනය සම්බන්ධයෙන් විමසා බලන විට ය.

මෙයින් හැගවෙන්නේ කුමක්ද?

  • මෙතෙක් කල් ජනමාධ්‍ය වෙදින්ට පහර දුන්නේ ආණ්ඩුව දැනුවත්ව බවත් දැන් ඒ අස්ථානයෙන් ආණ්ඩුව ඉවත්ව ඇති බවත්ය.
  • මෙතෙක් කල් ජනමාධ්‍ය වෙදීන්ට පහර දුන් අය අල්ලා ගෙන ඇති නිසා බය වෙන්නට තවදුරටත්හේතුවක් නැති බව ය.

පුහුල් හොරා දැනෙන්නේ කරෙනි. මෙ බව රජය මෙහෙයවන බොහෝ දෙනා නොදනිති. ඒ නිසා ම උන් කරන්නේ කර අතගා බැලීම ය.

බය නැතිකම යයි අප සිතුවත් එය මෝඩකමකැයි ද කෙනෙකුට කියන්නට පුලුවන.

ලජ්ජා බය නැති කම හා මෝඩකම එකම කාසියේ දෙපැත්ත බදුය.

ඒ නිසා ඔය කොයික වුනද එක ය.

නිකම් ප‍්‍රකාශණ නිකුත් නොකර ක‍්‍රියාවෙන් මෙ ගැන තමන්ගේ කැපවීම මොහාන් පීරිස් මහතාගේ ආණ්ඩුවට පෙන්වා දෙන්නට පුලුවන.

ඒ ප‍්‍රගීත් එක්නැලිගොඩට වුනු දෙය සොයා රටට ඉදිරිපත් කිරීමෙනි. දනුන හොයන්නට වන වෙහෙසෙන් බාගයක් යෙදුවා නම් එක්නැලිගොඩ මෙ වනවිටත් හොයා ගන්නට ඉඩ තිබිණි. ඒ දනුන ඔන කමින් සැගව ඇති නිසාත් ප‍්‍රගීත් එක්නැලිගොඩ බලෙන් සගවා ගෙන ඇති නිසාත් ය.

එසේ නොකර නිකම් සහතික දුන්නාට මිනිසුන්ට ඒවා පිළිගන්නට තරම් ඔලුවෙ අමාරු නැත.

ඇත්තටම වැඩියත්ම තරහ යන්නේ අප හා ලෝකයා බබ්බු යයි සිතාගෙන මෙවැනි ප‍්‍රකාශ කිරීම ගැන ය.

එහෙත් මෙවා කිරීමෙන් අවසානයේ ඔප්පුවන්නේ ඒවා කරන අය බබ්බු බව ය.

කණගාටුව මෙ මගින් රටම බබාලාට ඇන්දවීම ය.

Posted in: Uncategorized