මව්බිමේ පංචායුදය

Posted on March 11, 2010



මව් බිමේ පංචායුදය යනු කුමක්ද? මේ සංකීර්ණ ප්‍රශ්නයට සරල උත්තරයක් තිබේ. පංචායුද යනු පස්වැදෑරුම් ආයුධ ය. ඒවා මෙසේ ය.

  1. පොලීසියේ රැකවරණය ලබන මැර හමුදාව – ඕනෑම විරෝධතාවයක් හෝ විරෝධතාවය දක්වන කෙනෙක් මැඩ පැවැත්වීමට හැකි මීට නීත්‍යානුකූල පොලීසියේ බැල්මත් ආරක්ෂාවත් ලැබී තිබේ.
  2. රාජ්‍ය හා හීලෑ මාධ්‍යවලින් උඩගෙඩි දෙනු ලබන වාචාල හමුදාව – ඕනෑම මට්ටමේ බොරුවක් ගෙතිය හැකි, මඩ පැක්ටරි ලෙස නම් කර ඇති, කුණු කටවල් සහිත එය මිනිසුන්ගේ ඔලු සේදීම සම්බන්ධයෙන් විශේෂ කාර්යයක් කරයි.
  3. පත්වීම් වලින් හීලෑ කර ඇති ඉහළ ………….. – මේ ගැන කතා කිරීම උසාවියට අපහාස කිරීමක් විය හැකි බැවින් අපට ස්වයං වාරණයක් දමා ගැනීමට බල කර තිබේ.
  4. මිනිසුන්ගේ ඔලව තුළට පහසුවෙන් ඇතුළු වියහැකි සංවේදී කලාකරුවා හා ක්‍රීඩකයා – සාක්කුවට විදීමට අමතරව සන්තානයට ද විදීමට උන් දක්ෂය. දැන්වීම්වලට කුලියට පෙනී සිටින උන් අපේ සාක්කුවට විදීමෙන් නොනැවතී චන්දයට ද විද්දෝය.
  5. දේශප්‍රේමයෙන් අන්ධ කර ඇති මත් කර ඇති චන්දදායකයා – අනිත් සියල්ල දේශප්‍රේමය නම් ඊනියා තක්කඩි සංකල්පය ඉදිරියේ අමතක කර ඇති මේ පුද්ගල කණ්ඩායමට අදාළ එකම දෙය තමන්ට එදාවේල සකස් කර ගැනීමේ ක්‍රමවේදයයි. තමන් රැකේ නම් වෙන කාට මොකක් වුනත් උන්ට ගායක් නැත.

මෙම පංචායුදයම භාවිතවන්නේ දේශපේ‍්‍රමයේ නාමයෙන් වෙනස් අදහස් දරන්නන් මර්දනයට ය.

අන්තිම ආයුධය හැරුණු කොට ඉතිරි ආයුධ ගත්තොත් නම් මියන්මාරයෙත් එහෙම ය.

ඒ වුනාට මව්බිමෙ පංචා යුදය යයිකියන්නේ ශ‍්‍රී ලාංකික ගොබෙල්සට ය. එයාගෙ ඇදව ගිය කටත් සමග චන්දදායකයාට කට කොණින් සිනහසෙමින් පෙනී සිටින ඡයාරූපය එයා ගැනත් රට ගැනත් බොහෝ දේ කියයි.

Posted in: Uncategorized