අප පෝෂණය කරන්නේ කවර වෘකයා ද?

Posted on March 6, 2010



One day an old Native American grandfather was talking to his grandson. He said, “There are two wolves fighting inside all of us –

the wolf of fear and hate, and the wolf of love and peace.”

The grandson listened, then looked up at his grandfather and asked, “Which one will win?”

The grandfather replied, “The one we feed.”

එක් දිනක මුල් ඇමරිකානු සීයා කෙනෙක් තම මුණුබුරා අමතා මෙසේ කීවේ ය. අප තුළ වෘකයින් දෙදෙනෙකු  එකිනෙකා හා පොරයක යෙදි සිටිති. එකෙක් බිය හා වෛරයයි. අනෙකා ආදරය හා සාමයයි.

මුණුබුරා මෙය අසා තම සීයා දෙස බලා මෙසේ ඇසීලු. ඉතින් ඒ පොරයෙන් දිනන්නෙ කවුද?

අපි ආහාර සපයා ශක්තිමත් කරන වෘකයා සීයා පිළිතුරු දුන්නේ ය.

ඇත්තටම ඔබ ආහාර සපයන්නේ කාට ද? අප සැවොම අප ගෙන් නිරන්තරයෙන් ඇසිය යුතු ප‍්‍රශ්නයකි, එය.

රටතුළ ආදරය හා සාමය ජයගත හැක්කේ බිය හා වෛරය වෙනුවට ආදරය හා සාමය පෝෂණය කිරීමෙනි. එය පුද්ගලයෙකුට පමණක් නොව රටකටත් අදාළ ය.

අපේ පමණක් නොව රටෙ කරුමය ද නිසා බොහෝ දෙනා ආදරය හා සාමය දකින්නේ නිවට කමක් ලෙසිනි.

බිය හා වෛරය දකින්නේ ආරක්ෂාව සදහා අවශ්‍යයම වන වටිනා ආයුදයක් ලෙස පමණක් නොව පිරිමි කමක් ද ලෙස ය. බලය යොදා යටපත් කරන විට එතැන ඇත්තේ වෛරය හා පිරිමිකම පමණක් නොව යටපත් කරන්නා ගැන ඇති අනියත බිය ද බව බොහෝ දෙනාට විශය වන්නේ නැත.

මැණික් යට ගොසින් ගොම රිටි උඩට එන ලොවක බියගුළුකම පිරිමි කම ලෙස අර්ථ ගන්වා තිබීම එක් අතකින් පුදුමයක් නොවෙ.

වාචාල කටක් ඇතිව නිරන්තරයෙන් පෙළෙන කුමන්ත‍්‍රණ භීතිකාවකින් මිනිසුන්ට ගැරහීම දේශපාලන ලෝකයේ පංචායුදයක් වන්නේ ඒ නිසා ය.

අනෙක් අතින් එය ආදරය හා සාමයට වඩා කැමති ගැහැණියට කරන ගෞරවයක් ලෙස ද ගත හැකි යයි ගැහැණුන්ට හා ගැහැණුන් අගයන මිනිසුන්ට සතුටු විය හැකි ය. සැබෑ ලෙස ආදරය කිරීමට වෛර කිරීමට වඩා නිර්භිත විය යුතු බැවිනි. ඊනියා පිරිමිකම් ප‍්‍රදර්ශනය කරන පිරිමින් ඒ අතින් සිටින්නේ ගැහැණුන්ට ගව් ගණනාවක් පසු පසිනි.

Posted in: Uncategorized