අසව්! අසව්! අසව්! මදුරුවනේ උඹලාවත් අපේ නඩුව අසව්!

Posted on March 3, 2010



අසව්! අසව්! අසව්!

ආර්ථිකය දැන් යන්නේ පිම්මෙ ය. ඒ මුදල් අමාත්‍යාංශයේ  ලේකම්ට අනුව ය. අපේ කොටස් වෙළද පොළ ලොව වෙගයෙන්ම වර්ධනය වූ කොටස් වෙළද පොළ බවට පත්ව තිබෙ. ඒක පුද්ගල ආදායම ඉහල ගොස් ඇත.

ඒත් කියුබාවෙන් ඩෙංගු මර්දනය සදහා ගෙන්වීමට නියමිත බැක්ටීරියා ලීටර් 30000 ක් ගෙවීමට අප ආණ්ඩුව සතුව මුදල් නැත.

මෙ බව පළව තිබුනේ ඩෙලිමිරර් වෙබ් අඩවියේ ය.

ඒ නිසා ගෙන්වන්නට කැබිනට් මණ්ඩලය විසින් පවා අනුමත කර තිබුනු එම බැක්ටීරියාව ගෙන්වීමට අපට නොහැකි ය.

පසුගිය මාස දෙකේ පමණක් ඩෙංගු රෝගය වැළදීම නිසා මිය ගිය සංඛ්‍යාව 59 කි.

ගිය අවුරුද්දේ මැයි මාසයට පෙර තමන්ගේ දරු පැටවුන් ගෙදරින් නික්මගිය පසු නැවත එනතෙක් අම්මලා තාත්තලා සිටියේ අකම්පාල වීලා ය. හිතේ ගැස්මකින් යුතුව ය. අද ඒ බිය නැත. ඒ වෙනුවට දැන් ඇත්තේ ගෙදර සිටින දරු පැටවුන්වද හෙට කුදලාගෙන ආරෝග්‍ය ශාලාවටත් ඉනික්බිති කනත්තටත් ගෙන යන්නට වේදැයි චකිත‍යකින් දවස ගෙවීම ටය.  මාස දෙකක් ඇතුළත දකුණේ 59 ක් මරන්නට ත්‍රස්තයින්ටවත් හැකි වුනේ නැත. තනි තනිව මරණ නිසා ඒවා මරණ නොවේ යයි හිතුනාවත් ද? මාධ්‍ය ආවරණයක් නැති නිසා අතපය තුන හතරකට නොකැඩෙන නිසා ඒවාත් වැඩ දැයි සිතුවාවත් ද?

අප අපේ‍්‍රල් 8 දා චන්දය දෙන්නේ සිදු වූවා යයි කියන ආර්ථික වර්ධනයේ ප‍්‍රතිලාභයවත් මෙ රටෙ සෞඛ්‍ය සේවයේ අත්‍යවශ්‍ය ද‍්‍රව්‍යයක්වත් ගෙන්වා ගන්නට යොදාගන්නට බැරි ආණ්ඩුවකට ය.

කළගුණ සළකන ජනතාවට කළ ගුණ සළකන්නට බැරි වඩාත් නිවැරදිව කියන්නේ නම් එහෙම කරන්නට උනන්දුවක් නැති ආණ්ඩුවකට ය.

ඩෙංගු මදුරුවනේ, අනිනවා නම් (කාටවත්ම අනින්නේ නැතිව ඉන්නවා නම් වඩාත් හොදය) අහිංසක අප බෙරා මෙහෙම වින්නැහියක් කරන ආණ්ඩුවටත් උන්ට තවමත් චන්දය දෙන උන්ටත් ඇනපල්ලා!

අඩු වශයෙන් කොටි වඩාත් වැඩියෙන් ඉලක්ක කරගත්තේ ආණ්ඩුවේ ඇත්තන් ය. එහෙත් මේ මදුරුවන්ද අනින්නේ අපට මය.

Posted in: Uncategorized