ආණ්ඩුව හාමුදුරුවන් පස්සේ පන්නන්නේ ඇයි?
මුලින් දඹර අමිල හිමි ය. ඊලගට ඌවතැන්නේ සුමන හිමිය. ඊටත් පසුව මල්වතු නාහිමි ය. අලුතෙන්ම පසුපසින් පන්නන්නේ නුගේගොඩ නාලන්දාරාම විහාරාධිපති තිනියාවල පාලිත හිමි ය.
එක් හිමිනමක් පිටරට රස්සා දෙනවා කියා වංචා කිරීම සම්බන්ධයෙනි. දෙවැනි හිමිනම තුවක්කු හා බෝම්බ තබා ගැනීම ගැන ය. මල්වතු නාහිමියන් හිරයට නොගත්තත් එහිමියන්ට ලොකු දොස්මුරයක් එල්ල වූයේ උන්වහන්සේ සඝ සමුළුවක් පවත්වන්නට කටයුතු යෙදීම සම්බන්ධයෙන් ය (ඇත්තටම අවි තබා ගැනීමට ද වඩා එය බරපතල විය හැකි ව තිබිණි).
නුගේගොඩ නාලන්දාරාමයට පොලීසියේ වරෙන්තුවක් රැගෙන පැමිණ ඇත්තේ පන්සලේ ගිනි අවි තිබෙන බවට පොලීසියට ලැබී ඇති නිර්නාමික දුරකථන පණිවුඩයක් නිසා බව පොලීසිය විසින් හිමිනමට කියා තිබෙ.
ආණ්ඩුවට කහින උන්දෑලා ඇයි හාමුදුරුවන් වැරදි කළොත් අල්ලන්නට බැරි දැයි යන ප්රශ්නය සමග අපේ අඩවිය පැත්තේ ගොඩ වදින්නට පුලුවන.
ඇත්තටම බැරි කමක් නැති බවත් එසේ කළ යුතු බවත් අපි දනිමු. එහෙත් මෙ කියන සෑම ස්වාමීන්වහන්සේ කෙනෙක් ම ආණ්ඩුවට එරෙහි දේශපාලන කදවුරුවලට සම්බන්ධ අය වීම අහම්බයක් නොවන බව තේරුම් ගන්නට කැමති කෙනෙකුට නැවත වතාවක් කියා දිය යුතු නැත.
මාධ්‍ය වෙදීන් ලගට භයානක මෙ උන්නාන්සේලා ය.
ඒ නිසා උගන්ඩාවක් හෝ මියන්මාරයක් ගොඩ නගන්නේ නම් කටකලියාවක් දැමිය යුතුවන්නේ උන්නාන්සේලා ට ය.
ඒ නිසා ආණ්ඩුව හරි ය.
කහිනවා නම් ආණ්ඩුවට ය. නැතිනම් කට පියාගෙන බණ ක් දහමක් කරගෙන ඉන්න එක ය. එහෙම නොකර ධර්මශාලාවලින් ගිනි අවි මතුවීම ගැන පස්සේ ආණ්ඩුවට නිකම් දොස් පවරන්නට එපා ය.
Sam
February 26, 2010
අපේ ආන්ඩුව හැමොටම සාදරනව නීතිය කිරියාත්මක කරනවා. සිවුර, බලපුරුවන් කාරකම් ගැන බල්ලනේ නැතිව. *
(* මර්වින් සිල්වා ඇතුලු රජයට සම්බනද උදවිය ඇතුලත් නැත.)