මව් බිම ලෙඩ වෙලා ය. බෙහෙත් වට්‍‍ටෝරුවේ ඇති මේ බෙහෙත් සොයා දෙන්න!

Posted on February 23, 2010



මව් බිම ලෙඩ විය. ඒ මව් බිමේ පංචායුදය කවුදෝ නොසංඩා‍ලයෙකු හොරකම් කළ බවට සැළවීමෙන් අනතුරුව ය. ලෙඩා පරීක්ෂා කර වෙදමහතා කීවේ පහත සදහන් බෙහෙත් සොයා සපයන ලෙස ය. වට්ටෝරුවේ ලියා තිබු දේ මෙසේ ය.

  1. පුං‍චි හෝ හොරකමක් කළ දේශප්‍රේමීයෙක්
  2. කිසිදු හොරකමක් නොකළේ යැයි සහතික ලත් දේශද්‍රෝහීයෙක් හෝ හිටපු දේශප්‍රේමියෙක්
  3. ඇමතිවරයෙක් නොවන සිය ආරක්ෂාව ඉවත් කර ලැබ තිබෙන ආණ්‍ඩුවේ මන්ත්‍රීවරයෙක්
  4. කඩේ නොගොස් ‍ගුටි නොකා බේරුණු ලංකාවේ ඉතිරිව ඇති මාධ්‍ය වේදියෙක්
  5. කඩේ ගිය කලා කරුවකුගෙන් ඉතිරිව ඇති සංවේදිත්වයෙන් අරික්කාලක්
  6. සංඝ සම්මේලනය කල් ගිය හේතුව දන්නා සංඝයා වහන්සේ නමකගෙන් සිවුරු කැබැල්ලක්
  7. කුමන්ත්‍රණය කළ බටහිර අධීරාජ්‍යවාදී රටක තානාපතිවරයෙක්ගෙන් ලංකාවේදී කඩා ගත් කෙස් කැබැල්ලක්
  8. මන්ර්‍ත්‍රීන් බිලිබාගන්නට අල්ලස් දුන් තානාපති කාර්යාලයකින් අබැටක්
  9. හොරුන්ට පිරිත් නූලක් කිසිදා නොබැන්ද පන්සලකින් පිරිත් පැන් ටිකක්
  10. අතේ පැලවෙන බොරු කියා තවමත් සවුත්තු නොවුනු හමුදා හෝ පොලිස් ප්‍රකාශකයෙකුගෙන් මයිලයක්
  11. තමන් මහන්සියෙන් උපයාගත් මුදලකින් පෝස්ටර් ගැසූ දේශපාලනඥයෙක්ගේ පෝස්ටර් කෑල්ලක්
  12. විපක්ෂයට එරෙහිව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම නිසා පොලීසිය විසින් අල්ලාගත් ආණ්ඩුවේ මැරයෙක්
  13. මියන්මාරයේ පදිංචියට ගිය ශ්‍රී ලාංකිකයෙකුගෙන් නියපොත්තක් (අප තාම මග ය)
  14. කෝදුරු තෙල් හත් පට්ටයකුත් තව ටිකක්

අන්තිම එක නම් හොයා ගන්නට අපට පුලුවන. ඉතිරි ඒවා හොයා ගත හැකි කෙනෙක් වෙතොත් අපට දන්වනවා නම් වෙදමහත්තයාට ඔත්තුව දිය හැකි ය.

Posted in: Uncategorized