මහා නාහිමියන්ගේ සංඝ සම්මෙලනය ලත් තැනම ලොප්ව තිබෙ. ඒ ආරක්ෂක හේතූන් නිසා ය.
කාගේ ආරක්ෂාව දැයි හරි හැටි පැහැදිලි නැතත් මෙ එළැඹ තිබෙන්නේ තමන්ගේ ආරක්ෂාව තමාම සපයා ගත යුතු අවදියකි. එවන් වට පිටාවක රිවස් එකේ යෑම ගැන කවුරුත් කාටවත් දොස් නොතැබිය යුතු ය.
අපට මියන්මාරය බලා යා හැකි නම් මහ නාහිමියන්ට අකුලා ගත නොහැක්කේ ඇයි? අපි කරුණාවෙන් මහ නාහිමියන්ට ද මියන්මාරය බලා පසුබසින ලෙස ආරාධනා කිරීමට කැමැත්තෙමු. මෙහේ බැරිවුනාට හමුදාපාලනයේ ආසිරි මැද එහෙ එකක් තියා ගන්නට බැරිවෙන එකක් නැත.
බෞද්ධ රටක් වෙච්චි. හීන යාන බෞද්ධාගම වෙච්චි. බටහිර කුමන්ත්‍රණ පැත්තකින් තිබියදී බටහිර රටක තනාපති කාර්යාලයක්වත් සොයා ගැනීම එහි අමාරු වෙච්චි.
මීට වඩා හොද රටක් මෙ දියත නැත. අප ආදර්ශයට ගන්න හදන්නේත් මෙක නිසා වඩාත් හොද ය.
එකම ප්‍රශ්නයකට ඇත්තේ අවුසාන් සුකී ය. ගෑණියක් වුනාට ඇය කුමන්ත්‍රණ කාරියකි. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ අත නැටවෙන රූකඩයෙකි. සරත් ෆොන්සේකා මෙන්ම ඇය ද හැදුවෙ මියන්මාරය අධිරාජ්‍යවාදීන්ට පාවා දෙන්නට ය. සරත් ෆොන්සේකා මෙන් නොව මැතිවරණය දිනා ගත්ත ද මියන්මාර දේශපේ‍්‍රමීන් ඇයට බලය දුන්නේ නැත (ඒ අතින් නම් අපේ දේශපේ්රමීන්ටත් වඩා එරට දේශපේ‍්‍රමීන්ගේ කොන්ද කෙළින් ය). ඒ අපේ වෙලාවට ය. ඇයත් දැන් කාලෙක සිට නිවාස අඩස්සියේ නිසා එය ද ඒ හැටියට ගණන් ගත යුතු නැත.
මියන් මාරය දකින තෙක් මට ද ඉවසුමක් නැත. මෙ ඩිංගි බෝට්ටුවට ඒ සදහා තව කොපමණ කලක් ගත වෙයි ද දන්නේ දෙවියන් පමණකි.
sahodara
February 19, 2010
ඔවුන් සංඝ සම්මේලනය රිවස් කලේ ආරක්ෂක හේතුන් මතයි.
රටේ ආරක්ෂාව හොඳ නැතිබව හදිසි නීතිය දීර්ඝ කිරීමෙන්ම පැහැදිලියි.
එබැවින් එය හදිසි නීතිය නොමැති උඩුවේ බුදු වූ දවසක පවත්වනු ඇති.
Sam
February 19, 2010
බුදුවීම උඩුවේට පියවරක් පස්සට යාමකී. බුදුහාමුදුරුවන්ට ප්‍රාදේශීය සබා මත්‍රී කමක්වත් තිබුනාද. එයා රට ජාතිය වෙනුවෙන් මොකද කලේ. ඒවගේද උඩුවේ උන්නාසේ.
දිනෙශ්....
February 19, 2010
පොඩ්ඩක් චෙක් කරල බලපන්. උබ වැරදිලා මුහුදට කියල බෝට්ටුව දාල තියෙන්නෙ වැවකටද කියල?
Jalba
February 20, 2010
ජාතියේ මුර කාරයන් මුර කරන්න මියන්මාරයන් ආනයනය කරමු බන්ඩුට යොජනාකරමු