හේමකුමාර නානායක්කාර මහතා සෞඛ්‍ය හේතු උඩ දේශපාලනයෙන් විශ්‍රාම ගියේ ය. හේමකුමාර ගියේ දැන් ශ්‍රීලනිප පාක්ෂිකයින්ට තම කදවුර එපා වුවහොත් යන්නට තිබෙන එකම තැනට ය.
භීෂණ සමයේ ජවිපෙ වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ටය. ජවිපෙට වඩාත් බියවුයේ ජවිපෙ හැර දා ගිය වුන් ය
ඔනෑම මාෆියා සංවිධානයක් වඩාත් බිය තමන් සමග සිට හැර ගිය වුන්ට ය. උන් දේරා්හීන් වන අතර බොහෝ විට හිමිවන්නේ මරණ දඩුවම ය. ඒ නිසාම මාෆියා සංවිධාන හැර යනවුන් තමන්ට ඒ නිසාවෙන් පිළිතුරු ලැබෙන බව දැන ගෙවන්නේ දුක්ඛිත ජීවිතයකි.
ශ්‍රීපති සූරියආරච්චි හිරෙ ගියේ ද සරත් ෆොන්සේකා හිරෙ ගියේ ද සමාන හේතු නිසා ය.
අනිත් අය රාත්‍රියේ වැටුනු වලේ තමන් නිකම් දවල් වැටෙන්නට ඔනෑ නැති බව හේමකුමාර මහතාගේ කල්පනාව ය.
අප රට පත්වෙමින් ඇති ඉරණමෙ තරම එබදු ය.
දැන් මන්ත්‍රී ආරක්ෂාව ද ඉවත් කර ගෙන ඇති නිසා රණතුංග උන්නැහේටත් විජේදාස රාජපක්ෂටත් දෙයියන්ගේ පිහිට ය.
ප්රබුද්ධ කලාකරුවන්ට උන්ගේ හිස් ඔලුගෙඩිවල පිහිට ය. ආණ්ඩුවට කඹුරන්නට තවදුරටත් නොහැකි තරමට ආත්මය කෙදිරි ගාන්නට වුවහොත්උන්ට සිදුවන්නේ ද විශ්‍රාම ගැනීමට ය. හේමකුමාර පාරක් දා ගැනීමට ය.
එහෙම නොකළොත් සිදුවන්නේ විදේශීය කුමන්ත්රණයක අතකොලුවක් වීමට ය. මෙ ආත්මයේ නම් එහෙම එකක් වෙන්න හතුරෙකුටවත් ඉඩ තැබිය යුතු නැත. මක්නිසා ද යත් එය බොහෝ දේ අහිමිකර ගැනිමට හේතුවක් විය හැකි නිසා ය.
සනත් ජයසූරියට නම් ක්‍රිකට් ගහන්න දන්නා නිසා සුද්දාගේ රටකටවත් මාරු විය හැකි ය. දෙයියන්වත් නොබලන අපට නම් ඉතින් මියන්මාරයේ පිහිට ය.
දුකා
February 18, 2010
good post . .
dilee
February 18, 2010
welcome back BF
රවා
February 18, 2010
ලස්සනයි..ඇයි මෙ මිනිස්සුන්ට මොලේ පොඩ්ඩක්වත් නැත්තෙ කියලා හිතෙනවා…
sujith
February 18, 2010
ehei maha rajatumani
No Frames
February 18, 2010
අඩෝ මූදෙ ඔයි හරියටත් සිග්නල් තියෙනවද?
No Frames
February 18, 2010
ඇයි අප්පේ කුළියට ලියන එවුන්ට යනත් ඔය රටවල් ඇති පදම් තියෙන්නේ
Jalba
February 19, 2010
ඔබ වහ කන්නට යන්නේ නම් වහාම මියන්මාරට යන්න-නොපවත්වන සඟ සමුලූවේ තීරනයකී
Grey
February 19, 2010
Deiyo kiuwe Norway kaarayoda? 😛
beyondframe
February 19, 2010
අයියෝ දන්නෙ නැත්ද විමල් වීරවංශ පුකට පයින් ගහල නොර්වෙ කාරයින්ව එලවපු බව
ලංකාවෙ සුදු අධිරාජ්‍ය වාදියෙක් දැන් බෙහෙතකටවත් හොයා ගන්න බැහැනෙ
දිනෙශ්....
February 19, 2010
අඩෝ බෝට්ටුවෙ තව කොච්චර තෙල් තියනවද??
ඔනිනම් කියන්න මගෙ හෙලිකොප්ටරෙන් ගෙනත් දෙන්නම්.