Browsing All Posts published on »January, 2010«

සම්බන්ධන්ගේ අත්සන සිංහලෙන් යෙදීමෙන් අතේ පත්තු වූ ඊනියා හොර ගිවිසුම

January 22, 2010

33

දේශපේ‍්‍රමීන් කලබල වෙලා ය. කලබල වුනු හරිය කොතෙක් දැයි කිවහොත් සම්බන්ධන් හා සරත් ෆොන්සේකා පිල අතර ඇතිකර ගත්තා යැයි කියන ගිවිසුමෙ බොරු පිටපතක් හදද්දී සම්බන්ධන්ගේ අත්සන ලෙස යොදා ඇත්තේ සිංහල අත්සනකි. ගමෙ බයියෙක් වත් ඔහොම එකක් විශ්වාස කරන්නේ නැත. වරදින්න ගියහම වරදින එකේ කෙළවරක් ද නැත. දැන් ඒ අච්චු ගහපු කොළවලට කරන්නට දෙයක් නැත. ඊටත් […]

හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම

January 22, 2010

36

ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි. අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය. සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ […]

පිටපත තාම ලියල ඉවර නෑ! බෑණාට තව දවසක එන්න කියයි

January 21, 2010

11

සරත් ෆොන්සේකාගේ බෑණාට රහස් පොලීසියට එන්නට වරෙන්තුවක් ලැබුනේ ය. රහස් පොලීසියට වෙනත් වැදගත් රාජකාරි ඇති නිසා යෝජනා කළ වෙලාවට නොපැමිණෙන්නයි පසුව දැනුම් දීමක් ද කෙරුණේ ය. ඇත්තටම නාට්‍ය පිටපත තවම ලියාගෙන යන නිසා නාට්‍ය පටන් ගන්නට බැරි ය. පිටපත කියවූ සමහරු එයත් අතේ පත්තුවිය හැකි යයි කියා පිටපත තරමක් වෙනස් කරන්නට කල් ඉල්ලා තිබෙ. පැමිණිම […]

කළගුණ සැළකීම ද අනාගත අභිවෘද්ධිය ද

January 21, 2010

30

26 දා තෝරාගැනීමට ඉදිරිපත්ව ඇති සටන් පාඨ දෙක මෙසේ සංක්ෂිප්ත කොට දැක්විය හැකි ය. යුද්දයක් ඉවර කළෙමු. ඊට කළ ගුණ සළකන්නට ඔනෑ ය. සාමයක් දිනාගන්නට තිබෙ. අනාගත අභිවෘද්ධිය සඳහා විවෘත මනසකින් වැඩ කිරීමට වුවමනා ය. පැරණි ලබා දුන් දේට කළ ගුණ සළකන්නට ගියොත් සිදුවන්නේ දිනා ගන්නට වුවමනා දේ නොලැබී යාම ය. යුද්දය ජයගත්තා යයි කියන අය […]

අසංවෙදී මිනිසුන්ට නොදැනෙන මැතිවරණ කොමසාරිස්ගේ කම්මුල් පහර

January 20, 2010

12

තමන් පත් කළ නිසි බලධාරියාට නිසි බලයක් නැතිවීම හේතුවෙන් තමන් ඉවත් කරගන්නා බව කීවේ මැතිවරණ කොමසාරිස්වරයා ය. බලය වෙන කාටවත් දැරිය නොහැකි ලෙස රජතුමා හා ගෝලබාලයින් විසින් අත්පත් කර ගෙන තිබේ. රටේ මේ මොහොතේ තීරණාත්මක නිලධාරියා පත්ව ඇති අසරණ තත්වයෙන් සැබෑ ලෙස මූර්තිමත් වන්නේ මෙරට ජතතාව පත්ව ඇති අසරණ තත්වයයි. දේශප්‍රේමයේ නාමයෙන් තක්කඩියෙකුට කළ හැකි […]

මට වැරදුනාවත් ද?

January 19, 2010

11

කුරුණෑගල බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් අද උදයේ බ්ලොග් සටහනක් ම ලීවේ සරත්ෆොන්සේකාගේ කදවුර විසින් කළ ද ප්‍රචණ්ඩත්වය අප හෙළා දකින නිසා ය. එය මහින්දගේ සගයින් විසින් කළාට ද වඩා අපුලක් අප තුළ දනවන නිසා ය. එයින් අප වඩාත් කම්පනය වූ නිසා ය. අපට අවශ්‍ය නව දේශපාලන සංස්කෘතියකි. අප ෆොන්සේකා මහතාගේ ආගමනය අපේක්ෂා කරන්නේ ඒ වෙනුවෙනි. එය […]

ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දීම

January 19, 2010

27

ප‍්‍රචණ්ඩත්වයට ප‍්‍රතිප‍්‍රචණ්ඩත්වයෙන් පිළිතුරු දෙන්නට පටන් ගෙන තිබෙ. ඒ ගැන අපේ මනාපයක් කැමැත්තක් හෝ අනුමැතියක් නැත. මෙම ප‍්‍රතිප‍්‍රචණ්ඩත්වයේ යෙදෙන අය කියන්නේ ප‍්‍රචණ්ඩත්වය සරණ යන කණ්ඩායමකට පිළිතුරු දිය යුත්තේ එයින් බව ය. අප ඒ පිළිතුර පිළිකුළෙන් බැහැර කරමු. එය අප අනුයන ධර්මය නොවෙ. බුදුන් වහන්සේ කවදාවත් වෛරය වෛරයට මුහුණ දීමට භාවිතා කළේ නැත. වෛරයෙන් වෛරය කවදාවත් සන්නොසිදෙන […]

රනිල් නැති කාලෙක පිහිටුවීමට බලාපොරොත්තුවන ධර්මරාජ්‍යය

January 18, 2010

13

තුවක්කුවකින් වෙඩි තිබ්බා නම් එතැන සංවෙදී කමක් නැත. යකඩ පොල්ලකින් ගහල මැරුවහම එතැන පුංචි සංවෙදී කමක් තිබෙ. පෝස්ටරයක් ඇලවීම දඩුවම් ලැබිය යුතු වරදකි. මක්නිසාද යත් පෝස්ටරයයක් වුව දේශදෙ‍්‍රාහී විය හැකි නිසා ය. දේශදෙ‍්‍රාහීන්ට රජකාලේ නම් දුන්දඩුවම වූයේ උල හිටුවීම ය. අපේ රජතුමා සංවෙදී නිසා එවැනි අමානුෂික දඩුවම් එතුමාගේ ගෝලයින් වත් දෙන්නේ නැත. අලුගෝසුවනේ මා එල්ලාපන් […]

අල්ලස් නාට්‍යයෙන් පසු…

January 18, 2010

30

නාට්‍යය ඉවරවුනාට ඒ ගත්තා යයි කියූ සල්ලි තවම ගත්ත අය ලග ය. අප දන්නා පමණින් අල්ලස් ගැනීම නීතිවිරෝධී වන අතර එවැන්නක් ලබා දෙන්නට තැත් කළොත් එය නීතියේ රැහැණට හසු කර දීම හැරෙන්නට එය ලබා ගෙන නාට්‍ය රග දක්වන්නට ඉඩක් නීති පොතේ නැත. මෙ රටෙ බඩුත් නඩුත් දෙකම හාමුදුරුවන්ගේ නිසා මෙසේ රංගනයක යෙදී නිරුපද‍්‍රිතව සිටිය හැකි […]

නැගෙනහිර දී පාරම්බෑ තුවක්කු සංස්කෘතියේ තිත දකුණේ දී කාක පාදයක් වෙයි!

January 17, 2010

8

රජතුමා නැගෙනහිර ජනතාව අමතා තුවක්කු සංස්කෘතියට තිත තබා අවසාන යයි කියා කට ගන්නට හම්බුවුනේ නැත. නිල් බලකායේ තුවක්කුවකින් වයසක කාන්තාවක් එලොව ඇර තිබිනි. තුවක්කු සංස්කෘතිය තිත කොමාවක් වෙලා ද කියා අප අසන්නට උත්සහ කළා පමණකි. ආණමඩුවෙන් තුවක්කු සංස්කෘතියේ දෙවැනි දොරටවැඩීමක් ද සිදුවූ බව වාර්ථා විය. වෙඩි තැබීමෙන් මිනිසුන් පලා ගිය පසු පොලීසිය බලා සිටියදීම නිවසට […]