මෙකලත් එකල මෙන් මුහුද ගොඩ ගලාවිද?

Posted on January 26, 2010



ඉතිහාසය බොහෝ දෙනා දන්නේ නැත. ඒ නිසා ජැක්සන් ඇන්තනීලා ද ඉතිහාස ඔස්තාර් ලා වී තිබේ. බොහෝ දෙනෙකුට මතක නැති ඒ ඉතිහාසය අවදි කරවීමට අප සිතුවේ සිදුවෙමින් පවතින දේ ගැන ඇතිව තිබෙන විස්සෝපය නිසා ය.

මේ අප ගෙන හැර පාන ඉතිහාසය බොහෝ දෙනා දන්නා අදුනන කෙනෙක් ගැන ය. එය දුටු ගැමුණු රජුගේ මෑණියන් වූ විහාරමහාදේවිය හා සම්බන්ධය.

ඇයගේ පියා වූ කැළණිතිස්ස රජු පලිගැනීම් වස් රහතුන් වහන්සේ නමක් උණු තෙල් තාච්චියක ලා මැරෙව්වේ ය. මහ පොළොව කම්පා වී මුහුද ගොඩ ගැලූ බව ඉතිහාසයේ සදහන් ය.

අපේ කාලේ කැළණිතිස්සයන් තමන්ට විරුද්ධව ගිය ස්වාමීන්වහන්සේලා දෙනමක් දගගෙයි ලාන්නට කටයුතු කළේ ය. ඒ දෙනමම එක් කලෙක තමන් වෙනුවෙන් කතා කළ දෙනමක් බවවත් එහිදී සැළකිල්ලට ගනු නොලැබී ය. ගිහි විරුද්ධවාදීන්ට වඩා දැඩිව භික්ෂූ විරුද්ධවාදීන්ට තමන් සළකන බව එතුමා මෙයින් ඔප්පු කර සිටියේ කෙතරම් දුරට තමන් සංවේදී දැයි වක්‍රව දැනගන්නට සළස්වමිනි. රජවරු ඉතිහාසයේත් එහෙම ය. දැනුත් එහෙම ය. ඇත්තටම ජැක්සන් ඇන්තනිට අනුව මේ රග දැක්වෙන්නේ පැරණි ඉතිහාසයයි. කොළොන්නාවේ සුමංගල හිමියන්ට අනුව මේ පසු කලෙක බුදුවන්නට සිටින බෝසත්වරුන්ගේ ඉතිහාසයයි.

ඉතිහාසය මෙසේ නැවත නැවතත් රග දැක්වෙනවා නම් මෙවරත් එකල මෙන් මුහුද ගොඩගලාවි ද?

විසි හත් වෙනිදා එලිවෙන විට අපට එය බලා ගත හැකි ය.

Advertisements
Posted in: Uncategorized