එක් පැත්තක රජතුමා ය! අනෙක් පැත්තේ සෙනෙවි තුමා ය!

Posted on January 26, 2010



එක් පැත්තකින් කටවුට් පිරිවරාගෙන වඩින මහරජතුමා ය. අනෙත් පැත්තේ පුංචි පෝස්ටරයක් පමණක් අතැතිව පක්ෂ කාර්යාලයක් අභියස කු‍ඩා කටවුට් එකක් අටවාගෙන සටනට බැස සිටින සෙනෙවිතුමා ය.

එක් පසෙක ජීවත්වන කලාකරුවන් පමණක්‍ නොව මියගිය කලාකරුවන් ද තොරතෝංචියක් නැතිව දැන්වීම්වලට පෙනී සිටිමින් පුවත්පත් දැන්වීම් පළකරමින්  නැවත පත් කරන්නැයි යදින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් එවැනි චන්ද දැන්වීමක් දා ගැනීමටවත් හරි හමන් මුදලක් හදලක් නැති සෙනෙවි තුමා ය.

එක් පැත්තක රජයේ මාධ්‍යයන්ගෙන් ද කුලියට කහින මාධ්‍යන්ගෙන් ද ආඪ්‍යව සිටින මහරජතුමා ය. අනෙත් පැත්තෙන් නිදහස් මාධ්‍ය පවා ඉඩක් දෙන්නට පැකිලෙන සෙනෙවිතුමා ය.

එක් පැත්තක රණවිරුවන් වෙනුවෙන් පෝරකයටත් නගින්නට ලෑස්තිවන මහරජතුමා ය. අනෙත් පැත්තේ තමන් රණවිරුවන් කරන ලද සියලු ක්‍රියාවල වගකීම දරමියි පමණක් සංයමයකින් කියනා සෙනෙවිතුමා ය.

එක් පැත්තක දන්සැලින් සියලු ජනයාට සංග්‍රහ කරනා රජතුමා ය. අනෙත් පැත්තෙන් තේ එකක් තරමටවත් දීගන්නට නොහැකිව ලතවෙන සෙනෙවි තුමා ය.

එක් පැත්තක ධනයෙන් ආඪ්‍ය රජතුමා හා පරපුර ය. අනෙත් පස කාමර තුනක ගෙයක් සම්පුර්ණ කර ගැනීමට සැරසෙන සෙනෙවිතුමා හා බලාපොරොත්තු පොදි බැද ගත් ජනතාව ය.

එක් පැත්තක ලිංගික අපචාර චෝදනා ඇතුළු කුණුහරුප ඕපා දූප වලින් මඩ ගසන රජතුමාගේ බත්බැලයින් ය. අනිත් පැත්තේ එවැනි චෝදනා ප්‍රතිපාර්ශවයට එල්ල කර හැකි සාධක තිබියදී ද මුණිවත රකින සෙනෙවිතුමාගේ සේනාවය.

එක් පැත්තක නීතිය තමන් අතට ගෙන අවනීතිය රජකරවන රජතුමා ය. අනෙත් පැත්තේ අවනීතියෙන් බැට කන සෙනෙවිතුමා ය.

tඑක් පැත්තක දඹර අමිල හිමියන් ද ශ්‍රීලනිප භික්ෂු පෙරමුණේ හිටපු ලේකම් භික්ෂූන් වහන්සේ ද අත්අඩංගුවට ගෙන තමන්ට විරුද්ධව යන්නේ නම් භික්ෂුවක් වුවද ගායක් නැතැයි කියන රජතුමා ය. අනිත් පැත්තෙන් මල්වතු අස්ගිරි උභය පාර්ශවයෙන් සාධාරණ ලෙස මැතිවරණයක් පවත්වන්නැයි ආණ්ඩුවට බලකරන්නට තරම් හැකියාවක් උරුම කර ගෙන සිටින සෙනෙවි තුමා ය.

මේ සටනින් ජය අත්වනු ඇත්තේ කාට ද? වෙනදා මැතිවරණයක නැති තිගැස්මකින් අප බලා සිටින්නේ ඒ දෙස ය.

Posted in: Uncategorized