දැන්නම් ඉතින් දින්නත් පැරදුනා හා සමාන ය

Posted on January 26, 2010



අන්තිම විනාඩි ගානෙත් සරත්ගෙ චන්ද අයිතියක් අරගෙන විමල්ගෙ කැඩිච්ච කටත් ඉස්සරහින් තියාගෙන දුන්නෙ නැත් ද වැඩක්?

ඒකටම සෙට් වෙච්චි ජනාධිපති නීතිඥලා! අඩු ගානේ චන්ද නීතිපොතකින් වත් උපුටා දැක්වීමක්වත් කරන්නෙ නැතිව ලවක් දෙවක් නැතිව  ඹහේ දෙනවා (වෘත්තීමය ගරුත්වය බල්ලටම දාලා) ටෙක්නිකල් පොයින්ට් එකකින් හරි නොකවුට් කරන්න පුලුවන් නම් මොකද කියල.

ලජ්ජාවක් කොහි ද මේ “දේශප්‍රේමී” තක්කඩියයන්ට?

අන්තිමේ දී මේ ඔක්කොම වැඩ අස්සෙ මේ බොරුව බොරුවක් කියල කියන්න මැදිහත් වෙන්න මැතිවරණ කොමසාරිස්ටත් සිද්ධ වුනා. ඒත් ඒ වෙනකොට ඒකෙන් ගන්න පුලුවන් උපරිම වාසියත් අරන් ඉවරයි.

මුලු රාජ්‍ය යන්ත්‍රයම උපයෝගී කරගෙන අන්තිම වෙනකම් ජඩ කම් කරලත් දිනා ගන්න බැරිවුනොත් වතුර බීල තමයි මැරෙන්න වෙන්නෙ.

දින්නත් ඉතින් පැරදුනා වගේ තමයි.

ලජ්ජාවක් නැති නිසා උන්ට නම් දිනා ගැනීම කොහොම කරත් කමක් නැහැ. දිනන්න විතරයි ඕන.

මුං ක්‍රිකට් ගහන්න ගිය දවසක බොලෙත් ලිහල අම්පයර්වත් බය කරල ග්‍රවුන්ඩ් බෝයිලාටත් පගාව දීලා ස්කොර් බෝඩ් එකටත් කෙළවල විස්තර ප්‍රචාරකයින්ගෙත් කැමැත්ත ගන්නවා හොදින් හරි නරකින් හරි!

නොදොකින් මෙහෙම මැච්චුත් බලන්න වුනානෙ.

මෙහෙම රටක සුභ අනාගතයක් නෙමෙයි මොනම අනාගතයක් වත් ඉතිරි‍වෙයිද අප්පා?

Advertisements
Posted in: Uncategorized