බඩුම තමා!

Posted on January 23, 2010



වෛරක්කාරී දේශපාලනය මම නොකරමි

බඩුම තමා! තමන්ම ගෙදරට බෝම්බ ගසා ගෙන ඒ මදිවාට ගෙටත් ගිනි තබා ගත් ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවයේ ලේකම් ටිරාන් අලස්ට, ගමෙ දී ඉල්ලන්කා මියගිය ආත්තම්මාට, මියයන තෙක් යකඩ පොලුපහරින් සංග‍්‍රහ ඉල්ලාගත් වාරියපොල මියගිය තරුණයාට

මම කිසිවෙකුට මඩ නොගසමි

බඩුම තමා! රහස් පොලීසියට කැඳවා නැවත හරවා යැවූ සරත් ෆොන්සේකාගේ බෑණාට, අල්ලස් නාඩගමක් රගදක්වා අතේ කෝට් වූද ආයුධ ජවාරමක් ගැන අභියෝග කර අවසාන මොහොතේ ඉන් පැන ගියා වූද විමල් වීරවංශට, රස කර කර මඩ වළඳන ඉන් යැපෙන දැන්නම් මඩ කරියන් ගානට මඩ නා ඇති මහින්ද අබෙසුන්දරට සුදර්මන්ට හා හඩ්ඩාට සහ වැරදිලා සිංහලෙන් ගිවිසුම් අත්සන් කළ සම්බන්ධන්ට

මම පාවා නොදෙමි

බඩුම තමා! ස්වයං පාලනයක් උතුරට උදාකරන වගට පෝස්ටර් ගසා මහින්දට චන්දය ඉල්ලන ඩග්ලස් දේවානන්දට

මම දූෂණයේ නොයෙදෙමි

බඩුම තමා! දන්සැල්වල කටවුට්වල දැන්වීමවල අනුග‍්‍රාහකයින්ට හා රජයේ ඉහළ නිල දරණ මගේ නැදෑ පරපුරට හා යහලු මිත‍්‍රයන්ට

මම සුභ අනාගතයක් උදා කරවමි

බඩුම තමා! ඊයේ කරන්නට බැරිවුන දේ හෙට කරන්නට පුලුවන් කියා විශ්වාස කරන මෝඩ මිනිසුන්ට

මම දේශපේ‍්‍රමය අවුලුවමි

බඩුම තමා! රටම ගිනි ගනීවිද?

මම ජයග‍්‍රහණය නොව විජයග‍්‍රහණය කරමි

බඩුම තමා! මෙ හීනෙන් ද? දවල් ද?

Posted in: Uncategorized