සම්බන්ධන්ගේ අත්සන සිංහලෙන් යෙදීමෙන් අතේ පත්තු වූ ඊනියා හොර ගිවිසුම

Posted on January 22, 2010



දේශපේ‍්‍රමීන් කලබල වෙලා ය.

කලබල වුනු හරිය කොතෙක් දැයි කිවහොත් සම්බන්ධන් හා සරත් ෆොන්සේකා පිල අතර ඇතිකර ගත්තා යැයි කියන ගිවිසුමෙ බොරු පිටපතක් හදද්දී සම්බන්ධන්ගේ අත්සන ලෙස යොදා ඇත්තේ සිංහල අත්සනකි.

ගමෙ බයියෙක් වත් ඔහොම එකක් විශ්වාස කරන්නේ නැත.

වරදින්න ගියහම වරදින එකේ කෙළවරක් ද නැත.

දැන් ඒ අච්චු ගහපු කොළවලට කරන්නට දෙයක් නැත. ඊටත් වඩා ඇබැද්දිය එයින් බඩු අතේ කෝට් වීම ය.

ඉදිරියටත් තව බොහෝ දේ අතේ කෝට් වීමට නියමිත ය. තකහනියක් සරත් ෆොන්සේකාගේ බෑණාගේ රහස් පොලීසියේ පරීක්ෂණ පමා වූයේත් එවැනි කෝට් වීමක් වළක්වා ගන්නට විය හැකි ය.

අල්ලස් වැඩෙත් හබක් වී එක්කෝ සල්ලි පිල්ලි ගැහුවා යයි පිළිගන්නට හෝ දුන් ගණන යැයි කියා කීවෙ බොරුවක් බව පිළිගන්නට හෝ සිදුව තිබෙ.

බොරුවක් දරා ගෙන සිටීම අමාරු ය. විශේෂයෙන් කලබල වී හදන බොරු සම්බන්ධයෙන් එය වඩාත් සත්‍යය ය.

මෙසේ අතේ කෝට් වීම නිසා අපගේ දේශපේ‍්‍රමීන්ට අහිමිව යන්නේ මෙම මැතිවරණයේ ජයග‍්‍රහණය පමණක් නොවෙ. මුලු ආත්මයම ය.

එහෙත් ප‍්‍රශ්නය නම් මුන්ට රැකගන්නට ආත්මයක් මෙ වෙනකොට ඉතිරිව ඇත්ද යන්න ය.

Posted in: Uncategorized