අසංවෙදී මිනිසුන්ට නොදැනෙන මැතිවරණ කොමසාරිස්ගේ කම්මුල් පහර

Posted on January 20, 2010



තමන් පත් කළ නිසි බලධාරියාට නිසි බලයක් නැතිවීම හේතුවෙන් තමන් ඉවත් කරගන්නා බව කීවේ මැතිවරණ කොමසාරිස්වරයා ය.

බලය වෙන කාටවත් දැරිය නොහැකි ලෙස රජතුමා හා ගෝලබාලයින් විසින් අත්පත් කර ගෙන තිබේ.

රටේ මේ මොහොතේ තීරණාත්මක නිලධාරියා පත්ව ඇති අසරණ තත්වයෙන් සැබෑ ලෙස මූර්තිමත් වන්නේ මෙරට ජතතාව පත්ව ඇති අසරණ තත්වයයි.

දේශප්‍රේමයේ නාමයෙන් තක්කඩියෙකුට කළ හැකි දේ බොහෝ බව මෙයින් දකින්නට සූදානම් අයට නම් පෙනේ.

මේ සියලු ශුද්ධ දේ දේශප්‍රේමයේ නාමයෙන් අශුද්ධ වන හෝරාව ය. එහෙව් එකේ මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරිය පමණක් ශුද්ධව පවතින්නට හේතුවක් නැත.

මැතිවරණ කොමසාරිස් මේ තරමට අසරණ නම් ඔහු යටතේ සිටින නිලධාරීන් කොතෙක් අසරණ විය හැකි ද?

අපට ඇතිකරන්නට යන අනාගතය කෙසේ විය හැකිදැයි මැතිවරණ කොමසාරිස් මෙසේ නොකියා කියන්නේ ය.

අඩුවශයෙන් මැතිවරණ කොමිසමවත් බලගන්වන වෙනසකට අප යායුතු නොවන්නේ ද?

ඇස් ඇති අය ගෙන්, බලන්නට සූදානම් අයගෙන්, අප ඉල්ලා සිටින්නේ මේ සිදුවන දේ වත් දකින ලෙස ය. කළ ගුණ සැළකීම උදෙසා අන්ධවන්නට අපට පුලුවන් කමක් නැත.

විශ්‍රාම ගිය දාක උන්දෑ මුණ ගැසී කිරිහට්ටියක් දී කළ ගුණ සළකන්නට අපට පුලුවන.

ඒත් ඒ සදහා එල්ටීටීයෙන් නිදහස් කොටගත් රට තවත් එවැනි ත්‍රස්තවාදියෙකුට පාවා නොදිය යුතු ය. මෙහෙම මැතිවරණ කළ නොහැකි නිසා තමන් මෙම චන්දයෙන් පසු කාර්යාලයට වත් පැමිණෙන්නේනැති බව කියමින් මැතිවරණ කොමසාරිස් අනියමින් අපට කියා සිටින්නේ එයයි.

මැතිවරණ කොමසාරිස් මෙ ගසා ඇත්තේ කම්මුල් පාරක්ම බව තේරුම් ගැනීමට තරම් ඔබ සංවෙදී ද?

(ඔබ ලෑස්තිවන්නේ උත්තරයත් කලාව විකලා කන්නට පුරුදුව සිටින කලාකරුවන්ගෙන් අසා කියන්න ද? එසේ නම් ඔබට සරණ වෙන්නට තිස්තුන් කෝටියක් දෙවි දෙවතාවුන්ටත් බැරි ය)

Posted in: Uncategorized