නැගෙනහිර දී පාරම්බෑ තුවක්කු සංස්කෘතියේ තිත දකුණේ දී කාක පාදයක් වෙයි!

Posted on January 17, 2010



රජතුමා නැගෙනහිර ජනතාව අමතා තුවක්කු සංස්කෘතියට තිත තබා අවසාන යයි කියා කට ගන්නට හම්බුවුනේ නැත. නිල් බලකායේ තුවක්කුවකින් වයසක කාන්තාවක් එලොව ඇර තිබිනි.

තුවක්කු සංස්කෘතිය තිත කොමාවක් වෙලා ද කියා අප අසන්නට උත්සහ කළා පමණකි. ආණමඩුවෙන් තුවක්කු සංස්කෘතියේ දෙවැනි දොරටවැඩීමක් ද සිදුවූ බව වාර්ථා විය. වෙඩි තැබීමෙන් මිනිසුන් පලා ගිය පසු පොලීසිය බලා සිටියදීම නිවසට ‍ගිනි තැබූ බවත් ‍ඒ සියල්ලට හේතුව සරත් ෆොන්සේකාගේ රැස්වීමකට ඒ නිවස හිමි වත්ත ලබා දීම බවත් පැවසේ.

රජතුමා මේවාට වගකිව යුතු නැතැයි යමෙක් කියනවා නම් රටේ සිදුවන දේ පාලනය කර ගැනීමට අපොහොසත් මෙවන් පාලකයෙක් හත්මුතු පරම්පරාවක මිනිසුන් දැක නැතිවා යයි කියන්නට අපට සිදුවේ. ‍

කියන්න ගියහම එතුමා තරම් ලස්සන වචන භාවිතාකරන්නට සාහිත්‍යධරයෙකුටත් බැරි ය. තුවක්කු සංස්කෘතියට තිත. බලන්න එහි ඇති ලීල ය. කෙරුවාව ඒ වුනාට වකූර් ය. ජුගුප්සාජනකය. වමනය යන සුළු ය. බලන්න එහි ඇති අශෝභනත්වය!

ඇත්තටම සුභ අනාගතයක් ඇති කළ හැක්කේ තුවක්කුවෙන් යයි සමහරු කල්පනා කරනවා විය හැකි ය. එය මරණයෙන් උදාවෙතැයි සිතනවා විය හැකි ය. අපගේ බ්ලොග් අඩවියට පැමිණි සමහර ප්‍රතිචාරයන්ගෙන් පෙනුනේ ලේවලට මළ කදන්වලට තුවක්කුවට උන්ගේ ඇති ආලයයි. මේ උන්ගේ යුගයයි.

මේ බියකරු යුගය අවසන් විය යුතු ය. බටහිර මුවහමට තඩි බාමින් බොරු දේශප්‍රේමයක් මවා පාන ඒ තුළ සැගවී සියලු ජඩකම් කරන අතර ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස විරුද්ධමතධාරීන්ට මුකවාඩම් බදින තනි ආණ්ඩුවක් ඇති කිරීමේ අභිලාශයෙන් සියල්ල ගලග්‍රහණයට ගෙන ඇති ශ්‍රී ලාංකික ඉඩි අමින් අවලංගු කර දැමිය යුතු ය.

විරුද්ධ මතයන් ඉවසිය හැකි සමාජයක් ගොඩ නැගීම අපට අවශ්‍ය අවම යයි.

ඉතිරි සියල්ල ඒ අවමය ලැබීමෙන් නැවත උපදින්නට නියමිත ය.

Posted in: Uncategorized